නත්තල් සැරසිලි ගලවන්නේ කවදාද?

නත්තල් සැරසිලි ගලවන්නේ කවදාද?
Photo by Erwan Hesry / Unsplash

මේ සඳහා ප්‍රධාන සම්ප්‍රදායයන් දෙකකි;
(i) නත්තල් දේව වන්දනා සමය අවසානයේදී සැරසිලි ගලවා ඉවත් කිරීම
(ii) කානික්ක මංගල්‍යය අවසානයේදී සැරසිලි ගලවා ඉවත් කිරීම

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අප අනුගමනය කරන සම්ප්‍රදාය වනුයේ නත්තල් දේව වන්දනා සමය අවසානයේ නත්තල් සැරසිලි ඉවත්කිරීමයි. එහෙත් අපටද අවශ්‍ය නම් සමිඳුන් පුද දුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය දක්වා නත්තල් සැරසිලි තබා ගත හැකිය.

නත්තල් දේව වන්දනා සමය අවසන් වනුයේ අප සමිඳාණන් වහන්සේගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයෙනි. එය පැවැත්වෙන දිනය අවුරුදු පතා මාරු වන අතර (මෙහිදී හේතු පැහැදිළි නොකරමු) මෙවර එය යෙදී ඇත්තේ 2025 ජනවාරි මස 12 වන ඉරිදාටය. එබැවින් 12 වන ඉරුදින ඉර බැස්මෙන් නත්තල් සමය අවසන් වීමත් සමඟ අපට නත්තල් සැරසිලි ඉවත් කිරීම ආරම්භ කළ හැකිය. සමිඳුන් පුද දුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය සැම අවුරුද්දකම පෙබරවාරි මස 02 වන දිනයේ පවත්වනු ලබන අතර, නත්තල් සැරසිලි ඉවත් කිරීම එදින ඉර බැස්මෙන් ආරම්භ කිරීමද කළ හැකිය.

වාර්ෂික මංගල්‍යය ජනවාරි මස 3, 4 හෝ 5 සතිවල සමරනු ලබන දේවස්ථානවල ජනතාව ඇතැම් විට නත්තල් සැරසිලි දේවස්ථානයේ මංගල්‍යය දක්වා තබාගත්තද, එය උත්සවශ්‍රීය පවත්වා ගැනීම සඳහා නත්තල් සැරසිලි යොදාගනු ලැබීමක් විනා නත්තල් සැරසිලි ඉවත්කිරීම සම්බන්ධ සම්ප්‍රදායයක් නොවේ.

සටහන : Supun Lahiru Fernando

Read more

කැටලෝනියාව හා බැදුන ශු. ජෝර්ජ් පුරාවෘත්තය

පුරාවෘත්තයට අනුව, බොහෝ කලකට පෙර, ලිබියාවේ සිලේන් නම් නගරයක්, එහි වැව් තෙර ජීවත් වූ භයංකර මකරෙකුගේ ග්‍රහණයට නතුව පැවතිණ. මේ මකරා නගරයට ජලය ලබා ගැනීම අවහි

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ