හිප්පෝ හී ශුද්ධ වූ අගුස්තීනු තුමා
ශුද්ධ වූ සභාවේ සෑම විෂයක් ගැනම නිපුණත්වයක් ලත් ශුද්ධ වූ අගෝස්තීනු තුමා අප්‍රිකාවේ තරගාස් නමැති කුඩා වෙළඳ නගරයක උපත ලැබුවේ ක්‍රි.ව. 354 නොවැම්බර් 13 වන දිනදීය. ඔහුගේ පියා පැට්‍රිශියස් අදේවවාදී නාගරික නිලධාරියෙක් විය. ඔහු තර්ගාස් නුවර අධ්‍යාපනය ලැබීය. පසුව ඔහුගේ පියා විසින් කාරෙතේජ් නුවර උසස් අධ්‍යාපනය සඳහා යවනු ලැබීය. එහිදී ඔහු "මැණිකියාන" වේදභේදයේ මලපත් වලට හසුවිය. තවද ඔහු අශිෂිත ඇල්මක පැටලුණු අතර මේ ඔහුගේ මවට ඉතාමත් ශෝකාන්විත වේදනාවක් විය.
ඔහුට අවුරුදු 32 වූ විට මිලාන් නගරයේ ප්‍රසිද්ධ පාසල්වල කථිකාචාර්ය ධූරය පිළිගත්තේය තම පුත්‍රයාගේ නරක පුරුදු දරාගැනීමට නොහැකි වූ ශු.මොනිකා තුමිය ඔහුව ලුහුබැඳ මිලාන් නගරයට ගියාය. එහිදී අගෝස්තිනු, ශුද්ධ වූ ඇම්බෲස් තුමාගේ දේශනයන්ට ඇහුම්කන් දී හදවත තරමක කම්පාවකට පත් වී සිටි නමුත් ඔහුගේ නපුරු අශිෂ්ට පුරුදුවල බැම්ම කඩා දැමීමට එය ප්‍රමාණවත් නොවීය. මොනිකා තුමී ශුද්ධ වූ අම්බ්‍රොස් තුමා වෙත ගොස් ඇගේ පුත්‍රයා බේරා ගැනීමට කියා කන්නළව් කළාය. ඈ කෙතරම් හැඬුවාද කීවොත් අම්බ්‍රෝස්තුමා කීවේ, "මෙවැනි කඳුළු හෙලන විට පුතෙකුට නාස්ති විය නොහැකිය" යන්නයි. අගෝස්තිනු පාපය බැම්මෙන් මිදීම වහා සිදු නොවීය. ඔහුගේ මවගේ බලවත් භක්තිමත් ස්ථිර යාඥා මගින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ඔහු ක්‍රමයෙන් ඇද ගත්තේය. දිනක් හදිසි සිත් හැරීමක කතාන්දරයක් අගෝස්තීනු ඇසූ විට, ඔහුගේ හදට එය තදින් කාවැදිණි. ඔහු පාළු වත්තකට ගොස් දීර්ඝ, භයානක සිත් සටනකට ගොදුරු විය.
හදිස්සියේම ඔහුට ශබ්දයක් ඇසිණි. ඒ "රැගෙන කියවන්න" යන ශබ්දයයි. මද සිහියෙන් මෙන් ඔහු නැගිට ඔහුගේ "ලියවිල්ල" දිග හැර, එය කියෙව්වේය. එහි මෙසේ සඳහන් වේ. එනම් "කලහා කිරීමෙන් හා බීමත් කමින් නොව, අපිරිසුදුකමින් හෝ තර්ක කිරීමෙන් ද නොව, එහෙත් ජේසුස් වහන්සේ පැළඳ ගැනීමෙන් පමණකි" යන්නයි. සාමයෙන් සහ නිශ්ශබ්දතාවයෙන් ප්‍රාතිහාර්ය සිදුවිය ඔහුගේ නපුරෙන් ඔහු සුව වූයේය. ඔහු කෙලින්ම නැගිට මව වෙත ගියේය. එතුමිය මහත් ප්‍රීතියකින් පිරිණි. කඳුළු වර්ෂාවක් අතර ඔහුව වැළඳගෙන මෙසේ නැවත නැවත කීවාය. "දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා! මගේ අයදීම දැන් ඉටුවී ඇත! දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා!" යනුයි. මවගේ මහත් ප්‍රීතිය මධ්‍යයේ ඔහු වයස අවුරුදු තිස්තුනේදී පාස්කු ඉරුදින ප්‍රසාද ස්නාපනය ලැබීය.
අගුස්තිනුගේ සිත් හැරීමකට දින ස්වල්පයකට පසු, ඔහුගේ මව තම පුත්‍රයාගේ හස්තයට වැටි, ඇගේ එකම ආශාව ඔහුට දැන් වූවාය. එනම් දිනපතා පූජාවේ දී ඇයව සිහි කරන ලෙසය. එසේ කී පසු තම පුත්‍රයාගේ හස්ත වල ම ඇය මියගියාය. මරණයෙන් පසු ඔහු ඇගේ වටිනා සෑම වස්තුවක්ම විකුණා දුප්පතුනට උදව් කළේය. හිපෝ නගරයට ගිය අවස්ථාවක ඔහු පූජකවරය ලැබීය. ඔහු තාපසාරාමයක් ගොඩනැගීමට ස්ථානයක් සොයමින් සිටියදී රදගුරුතුමා හා ජනතාව එහි පැරණි රදගුරුතුමන්ගේ පදවියට ඔහු පත් කළේය. ඔහු හිපෝහී රදගුරුතුමා ලෙස අභිෂේක ලබා ගත්තේ වයස අවුරුදු 42ක්වන විටය. ඉන්පසු තවත් වසර 34ක් සේවය කරමින් තාපස ජීවිතයේ පියා යන විරුදාවලිය ලැබීය ඔහුගේ පූජකයන් සමඟ ඉතා තද මර්ධන සහිත සාමූහික ජීවිතයක් ගත කළේය.
දේශනා මගින්ද, ලියවිලි රාශියක් මගින්ද එකල පැවති වේද භේද රාශියක් පරාජයට පත් කළේය. ඔහු පෙර ගත කළ පාපිෂ්ඨ ජීවිතය ඔහුගේ මතකයෙන් කිසිදාක ඉවත් නොවීය. එය අපට ඔහුගේ "පාපොච්චාරණය" නමැති පොතේ කියවන්නට ලැබේ. මේ පොත තුළින් මනෝවිද්‍යාත්මක ලෙස මිනිස් හදවතේ ස්වභාවය අනාවරණය කරයි. එහෙනම් "මනුෂ්‍යයාගේ හදවත දෙවියන් වහන්සේ උදෙසා පමණක් සෑදී ඇත උන්වහන්සේ තුළ එය සැතපෙන තාක් ඒ සතුටට පත් නොවන්නේය" යනුයි.
ඔහුගේ මරණාසන්නයේදී ඔහුගේ ඇඳට උඩින් විශාල අකුරෙන් ලියා එල්ලා තිබුණු මේ දාවිත්ගේ පශ්චත්තාපික සංගීතය ගැන ඔහු භාවනා කරන ලදී. එයින් ඔහුගේ පැරණි පාපවලට ගැඹුරු මනස්තාපනයක් ඇතිකරගත්තේය ස්වර්ගික පියාණන්ගේ හස්ත වලට ඔහුගේ ආත්මය භාරදී එතුමා ස්වර්ගස්ථ විය. මෙතුමා දේවධාර්මික විද්‍යාඥයෙක් සහ දාර්ශනිකයෙක් වේ.
එතුමන්ගේ මංගල්‍යය අගෝස්තු 28 දිනදී සිදුකෙරේ.
උපුටාගැනීමකි