ශු. බෙනඩික්‌ තුමාගේ පදක්කම

ශු. බෙනඩික්‌ තුමාගේ පදක්කම
Photo by Adrian Dascal / Unsplash

"යුරෝපයේ පියාණන්" නම් විරුදාවලියක් ලැබූ ශුද්ධ වූ බෙනඩික් තුමාගේ ජීවන චරිතය කෙසේ වෙතත් ශු. බෙනඩික්‌ තුමාගේ පදක්කම හා කුරුසිය ඇතැම් විට බොහෝ දෙනකු අසා තිබෙනවා. එතුමන්ගේ මංගල්‍යය ජුලි මස 11 වනදා ය.

එතුමන් කුරුසියේ සලකුණින්ම යක්‍ෂයා පරාජය කර අවස්ථා කීපයක් එතුමන්ගේ චරිත කතාවේ දක්නට ලැබේ. මෝරස් සහ ප්ලැසිඩර්ස් නමැති සුවච ගෝලයන් දෙදෙනාද
තපෝ පිතුරු බෙනඩික් තුමාගේ මැදහත්කමින්; ශ්‍රී කුරුසියේ බලයෙන් හාස්කම් සිදුකළ බවත් කියැවේ. විශේෂයෙන්ම 9 වන ලියෝ සසුනිසුරාණන් බවට පත්වූ බෘනෝ නමැති තාපස පියතුමා ගැන කතාවක් පවතී. එතුමා යොවුන් වියේ පසුවෙද්දී දරුණු විෂ සහිත සර්පයෙක් එතුමන් දෂ්ට කිරීම නිසා මාස දෙකක් පමණ රෝගීව සිට ඇත. එම සර්පයා දෂ්ට කිරීම හේතු කොට ගෙන එතුමන්ට කතා ශක්තිය අහිමි වූවා පමණක් නොව ශරීරය කෘෂ වී ඇවිදින ඇටසැකිල්ලක් බඳුවිය. සුවය ලැබීමේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇති අවස්ථාවක එතුමන් දර්ශනයක් දුටුවේය. දර්ශනය මෙයයි. මිහිමත සිට අහස් කුස දෙසට ඔසවන ලද ආලෝකමත් ඉනිමගක් විය. ඉනිමගේ ඉහළ සිට පහලට ඉණි පෙත්තෙන් පෙත්ත බැස එන දිග රැවුලක් සහිත තවුසකු එතුමන් දර්ශනය කළේය.ඒ ශු. බෙනඩික් තුමාය. එතුමන් අතේ රශ්මියක් විහිදු වන බැබලෙන කුරුසියක් විය.එම කුරුසියෙන් එතුමා බ්‍රෘනොගේ සර්ප විෂයෙන් ඉදිමි තිබුණු මුහුණ ස්පර්ශ කළේය.සැණෙකින් බෘනෝට සුවය ලැබිණි.

මෙම ප්‍රාතිහාරාත්මක ලෙස සුවය ලැබූ බෘනො පසුව බෙදිකානු නිකායේ තාපසයෙක් ලෙස පැවිදි විය.පසු කලෙක 9 වන ලියෝ ලෙසින් ශුද්ධාසනයේ නියමුවාණන් බවට පත් වූයේ එතුමා ය.ඒ 1048 වසරේ දී ය. එතුමන් ශුද්ධ වූ කුරුසියට හා බෙනඩික් තුමාට තිබූ භක්තිය එතුමාගේ සාන්තුවර භාවයට රුකුලක් විය.එතුමන්ගේ පාලන සමයේදී ශු. බෙනඩික් තුමාගේ පදක්කම වඩා ප්‍රචලිත වී එය පැළඳීමෙන් ජනතාවට ලැබෙන පල ප්‍රයෝජනයන් ගැන ප්‍රසිද්ධියක් ලැබුණි.ක්‍රි. ව.1742 දි 14 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා විසින් ශු.බෙනඩික් තුමාගේ පදක්කම පැළදීමේ අනුභාවය වඩාත් ගාම්භීර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ශු. බෙනඩික් තුමාගේ පදක්කම විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් භාවිත කලද එම පදක්කමේ සඳහන් වදන් සමූහය ගැන ඇතමෙකු තුළ දැනුමක් නැත.ඔවුන් දන්නා එක් කරුණක් ඇත.එනම් මෙම පදක්කම යක්ෂ උපද්‍රව වලින් ගැලවීමේ මෙවලමක් වන බවය.එය කරවටා දමා ගත්තත් අත්තිවාරම් ආශිර්වාද කරද්දී අත්තිවාරමෙහි තැන්පත් කළත් ගොඩනැගිල්ලක මුල්ගල තබද්දී මෙම පදක්කම එහි බහාලුවත් එය කරන්නන් වාලේ නොකර හුදෙක් එය දැනුමක් ඇතිව කිරීම සඳහා පහත සඳහන් විග්‍රහය බොහෝ දෙනෙකුට පල ප්‍රයෝජන වනු ඇතැයි හැගිනි.
ශු. බෙනඩික් තුමාගේ පදක්කමේ එක් පැත්තකින් ලතින් බසින් අකුරු සමූහයක් ලියැවි ඇත.එහි අදහස හැකි තරම් දුරට සිංහල බසට දමන්නට මම උත්සාහ කරමි

♦️ කුරුසියේ සතර වටේ සඳහන් අකුරු

C.S.P.B-Crux Sancti Patri Benedicti
ශු. බෙනඩික් තුමාගේ කුරුසිය

♦️ කුරුසිය පහළට

C.S.S.M.L-Crux Santi Sit Mini Lux
ශ්‍රී කුරුසිය මට ආලෝකය වේවා.

♦️ කුරුසිය දිගු අතට

NDSMD-Non Draco Sit Mini Dux
කිසිවිටක යක්ෂයා මාගේ මගපෙන්වන්නා නොවේවා.

♦️ පදක්කම වටා (දකුණු පැත්තේ සිට )

VRS-Vade Retro Satana
සාතන් මා කෙරෙන් පලා යව.

♦️ පදක්කම වටා

NSMV-Numquam Suade Mini Vana
නපුරු දෙය කිසි විටෙක මට යෝජනා නොකරව.

♦️ පදක්කම වටා

SMQL-Sunt Mala Quae Libas
තා යෝජනා කරන සියල්ලක්ම අයහපත් වූ දේ ය.

♦️ පදක්කම වටා

IVB-Ipse Venena Bibas
තෝ විෂ පානය කරන්නෙහිය.

පදක්කමේ අනෙක් පැත්තේ බෙනඩික් තුමාගේ රූපය පෙන්වා ඇත.එක් අතක කුරුසියක්‌ ද අනෙක් අතෙහි නීති පොත ද දක්නට ලැබේ. පදක්කම වටා මෙම වචන ලියා ඇත."Ejus in obitu nostro praesentia muniamur" "මරණ මොහොතෙහි එතුමෝ අපගේ ආධාරය වන සේක්වා."

ඉහත උපුටාගැනීම ලබා ගන්නා ලද්දේ ගරු සාර්ටෝ නොනිස් පියතුමන් විසින් රචිත "යුරෝපයේ පියා "ග්‍රන්ථය ඇසුරිනි. ♥️

මෙම ග්‍රන්ථයේ සදහන් නොවුවද බෙනඩික් තුමාගේ කුරුස පදක්කමෙහි ඉහලින්ම
"PAX" ලෙස සදහන් වන අතර එහි තේරුම "සාමය "යන්නයි.එසේම බෙනඩික් තුමාගේ රූපයට පසෙකින් කූසාලනයක් දක්නට ලැබෙන අතර එය තුලින් සර්පයෙකු නිකුත්වනු දක්නට ලැබේ.එමගින් අර්ථවත් කරනුයේ එතුමාගේ නිකායේ සහෝදරවරුන් එතුමන්ට වස දීමට තැත් කිරීම වේ.

එසේම බොහෝ ගිහි ජනතාව අතර මෙය exocism වත් පිළිවෙත සිදු කිරීම සදහා භාවිත කරන්නේ යැයි විශ්වාසයක් පැවතියද එම කටුයුතු සදහා මෙය භාවිතා නොකරයි. මෙතුමාගේ පදක්කම බොහොමයක් අවස්ථා වල භාවිතා කරනා අවස්ථා චිත්‍රපට දර්ශන වල තිරගත වුවද සැබෑ exocism වත් පිළිවෙත් වලදී භාවිතා නොකරයි.

නමුත් මෙය සාතන්ට විරුද්ධව ඇති ඉතා බලගතු පළදනාවකි.මන්ද මෙහි සදහන් ප්‍රකාශ හරහා දෙවියන් වහන්සේ ඔසවා තබන අතර සාතන් නිග්‍රහයට පත් කරයි.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්