මළවුන් වෙනුවෙන් ජපමාලය හා ප්‍රාර්ථනාව
පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රිතු සන්තුගෙත් නාමයෙන් ආමෙන්.
කුරුසියට
ජේසු තුමන්ගේ ශ්‍රී හර්දයෙනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි
ලොකු ඇටය සදහා
(ස්වර්ගයේ වැඩට සිටින යැදුම වෙනුවට)
(පන්තියකට පසු එන ඇටය)
මූලික - ජේසු තුමන්ගේ මධූරවූ හර්දයෙනි,
සෙසු - ඔබ මාගේ ආදරය වේවා
මූ - මරිය තුමන්ගේ මිහිරිවූ හර්දයෙනි සෙසු- ඔබ මාගෙ ගැලවීම වේවා
මූලිකයා - අහෝ මගේ දෙවියනි , ඔබ සත්‍ය බැවින්
සෙසු අය - මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. මූ- ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්
සෙසු - ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි
මූ - ඔබ අනන්ත දයා යහපතානන් බැවින් සෙසු -ඔබ සියළු දේට වැඩිය ඔබට දයා වෙමි...
කුඩා ඇට පනස් තුන සදහා
(නමෝ මරිය යැදුම වෙනුවට)
මූලිකයා - ජේසුනී මරියනී
සෙසු- ජේසු මරිය ජුසේ තුමෙනි
ජපමාලය අවසානයේ - ජේසු මරිය ජුසේ මාගේ හර්දයත් ජීවිතයත් ආත්මයත් ඔබ වහන්සේලාට ඔප්පු කරමි.
ජේසු මරිය ජුසේ මාගේ මරණාසන්නයේදී ඔබ වහන්සේලා මට පිහිටවුව මැනව.
ජේසු මරිය ජුසේ මා ඔබවහන්සේලා ඉදිරියේ සමාදානයේ නැසීයාමට සැලැස්සුව මැනව
මළවුන් වෙනුවට ප්‍රාර්ථනාව
ස්වාමිනි ඔවුන්ට කරුණා කල මැනව//
ක්‍රිස්තුනි ඔවුන්ට කරුණා කල මැනව//
ස්වාමිනි ඔවුන්ට කරුණා කල මැනව//
ක්‍රිස්තුනී ඔවුන්ගේ දුක් බැලුව මැනව//
ක්‍රිස්තුනි ඔවුන්ගේ හඩ ඇසුව මැනව//
පරමණ්ඩල වැඩහිදින පිතාවන දෙවියනි,
ඔවුන්ට දයා කල මැනව
ලෝකය නිදහස් කලාවු පුත්‍ර වන දෙවියනි,
ස්ප්‍රිතු සාන්තු වන දෙවියනි,
සුපරිශුද්ධ ත්‍රීත්වය වූ ඒක දෙවියනි,
ශුද්ධවූ මරියනි,
ඔවුන් උදේසා යාඤා කල මැනව
ශද්ධවූ දේවමෑනියනි,
කන්‍යාති කන්‍යාවෙනී,
ශද්ධවූ මිඛායෙල් අග්රදූතයෙනී,
ශුද්ධවූ සියලූ දේවදූතයනි,
මෝක්ෂ සම්පන්න ශු. සියළු සූරතාවයීන්ගේ පංක්ති සියල්ලෙනි,
ශු. ස්නාවක ජොහාන් මුනිතුමෙනි ,
ශු.ජුසේ මුනිතුමෙනි ,
ශු,සියළු ආදිපිතෘවරුන් හා දිවස්ප්රසාදීනී,
ශු. පේදුරු හා පාවුළු මුනිතුමෙනි ,
ශු.ජුවාම් මුනිතුමෙනි,
ශු.සියළු අපෝස්තළුවරයන් හා සුවිශේෂකවරුනි,
ශු. ස්තේපන් මුනිතුමෙනි,
ශු.ලෞරෙන්ති මුනිතුමෙනි ,
ශු.සියළු ප්රාණපරිත්යාගීවරුනි,
ශු.ග්රිගෝරියස් මුනිතුමෙනි,
ශු.අම්බ්‍රෝසි මුනිතුමෙනි ,
ශු.අගුස්තීනූ මුනිතුමෙනි,
ශු.ජෙරොම් මුනිතුමෙනි ,
ශු.සියළු රාජගුරුප්‍රසාදීන් හා වන්දනාවාදි වරුනී,
ශු.සියළු ආගම පණ්ඩිතවරුනි,
ශු.සියළු පූජාප්‍රසාදීන් හා තේවාචාර්යරියනි,
ශු.සියළු තපස්වරයන් හා ආරණ්යවාසීනී,
ශු.මරිය මග්දලේනා මුනිශ්වරියනි,
ශු.කතරිනා මුනිශ්වරියනි,
ශු.බාර්බරා මුනිශ්වරියනි ,
ශු.උර්සුලා මුනිශ්වරියනි ,
ශු.සියළු කන්යාස්ත්රීන් හා විධවියෙනි,
දෙවියන්ගේ සියළු ශුද්ධවන්තයන් හා ශුද්ධවන්තීනී,
ප්‍රසන්නව- ඔවුන්ගේ පවු ක්ෂමා කළමැනව
ප්‍රසන්නව- අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව
සියළු නපුරෙන් - ඔවුන් ගලවා ගත මැනව
ඔබගෙ උදහසින්,
ඔබගේ නීතියේ අමාරුකමින්,
යක්ෂයාගෙ බලයෙන්,
සිත් හාරන කෘමියාගෙන්,
නිත්‍ය කන්සාවෙන්
කඨූර වූ ගිනිජාලාවෙන්,
ඉවසිය නොහැකි සීතලෙන්,
භ්රාන්තික කළුවරෙන්,
භයංකර ඇඬුම් විලාපයෙන්,
ඔබගේ ආශ්චර්යමත් වූ ගර්භවාසය බලා
ඔබගේ ශුද්ධවූ උපත බලා
ඔබගේ අතිමධූර වූ නාමය බලා
ඔබගේ ප්‍රසාද ස්නාපනය හා නිරාහාරය බලා
ඔබගේ අති ගැඹුරු වූ බැහැපත් වීම බලා
ඔබගේ යුහුසුලු කීකරු වීම බලා
ඔබගේ අප්‍රමාණ දයාප්රේමය බලා
ඔබගේ චිත්තශෝක වේදනාව බලා
ඔබගේ රුධීරය හා දහදිය බලා
ඔබගේ සිරවීම බලා
ඔබගේ කසපහර විදීම බලා
ඔබගේ කටුඔටුන්න පැළදවීම බලා
ඔබගේ කුරුසය ඔසවාගෙන යාම බලා
ඔබගේ අති කඨූරත වූ මරණය බලා
ඔබගේ ශුද්ධවූ වණ කැළැල් පස බලා
ඔබගේ කුරුසය හා අති කඨූරවූ දුඃඛප්‍රාප්තිය බලා,
ඔබගේ ශ්‍රී භරිත මළ ඉපදීම බලා,
ඔබගේ විශ්මපත්වූ අහස් නැගීම බලා,
අභිවෘද්ධිදායක ස්ප්රිතසන්තු වහන්සේගේ ආගාතය බලා,
නඩුතීන්දු දිනයේදී,
පවුකාර වූ අප,
මරිය මග්දලේනගේ පව් සමාකොට දකුණේ උන් සොරාගේ ප්‍රාර්ථනාව ඇසූ ඔබ,
පෙර නිර්මිතයන් උපකාර වශයෙන් ගලවා ගන්නාවූ ඔබ ,
මරණයේ හා අපායේ යතුරු අතැති ඔබ
අපේ මව්පිය නෑ සහෝදර සහෝදරියන් හා උපකාර කාරයින් නිරාදුකින් ගලවන පිණිස,
මළාවු ක්රිස්තියානිවරුන් අනන්ත දඩුවමින් ගළවා වදාරණ පිණිස,
මෙලවෙහි කිසි පිහිටක් නැති ආත්මවලට දයාබරකම් කර වදාරණ පිනිස,
මේ කී සෑම අයටත් නොකී අයටත් පවුත් දඩුවමුත් ක්ෂමාකර වදාරණ පිණිස,
මෝක්ෂවාසීවරුගේ සමූහයට ඔවුන් එක් කර වදාරණ පිණිස ,
භ්රාන්තික රජාණෙනි,
දෙවියන් ගේ පුත්‍රයාණනි,
ලෝක පාවල් හරින දේවාජබාලක වූ ජේසුනි
ඔවුන්ට ක්ෂමාකල මැනව ස්වාමිනි
ලෝක පාවල් හරින දේවාජබාලක වූ ජේසුනි
ඔවුන්ට දයා කලමැනව ස්වාමිනි
ලෝක පාවල් හරින දේවාජබාලක වූ ජේසුනි
ඔවුන්ට නිත්යාසැතපීම දෙවා වදාළ මැනව ස්වාමිනි
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසාවදාළ මැනව
ක්රීස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව
(පරමණ්ඩලය කියනු)
මූ - අපාය දොරටුවෙන් ඔවුන්ගේ ආත්ම ගළවනවා සොදේ ස්වාමිනි
ස්වාමිනි අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව
අපේ හඩ ශබ්දය ඔබට හේතු වුව මැනව
යාච්ඤා කරම්හ
ස්වාමි දරුවෙනි , ඔබගේ දැසිදැස්සන්ගේ ආත්මවලට දයාබරකම් පෑව මැනව.ඔවුන් විශ්වාසව අදහස් කර සිටිය දේ ඔවුන්ට සැමකල් සඵල වේවා! .
මේකීදේ අපගේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තු තුමන් උදේසාම ඔවුන්ට ලැබේවා ආමේන්. ජේසූ
මූ - ස්වාමිනි නිත්යාසැතපීම ඔවුනට දුන මැනව
සෙසු -නිත්යාලෝකය ඔවුන් පිට බැබළුව මැනව.
මූ -ඔවුන් සමාදානයේ සැතපෙන ලද්දේවා
සියල්ලෝම - ආමෙන්