Reiki කිතුනු ඇසින්

Reiki කිතුනු ඇසින්
Photo by Sarah Brown / Unsplash

අද දින කතා කිරීමට සූදානම් වනුයේ Reiki සම්බන්ධවය. මෙය ශ්‍රී ලංකාව තුළ කෙමෙන් ප්‍රචලිත වෙමින් පවතී. බොහෝ මිනිසුන් මෙය වෛද්‍ය ක්‍රමයක් ලෙස සැලකුවද. කතෝලික සභාව දරනුයේ ඉතා තර්කානුකූල මතයකි.

Reiki යනු 1800ගණන්වල මැද භාගයේදී ජපානයේ බිහි වූ ශාස්ත්‍රයකි. මෙහි නිර්මාතෘ වනුයේ  Mikao usui ය. මොහු බුද්ධ දර්ශනය අනුගමනය කර එහි දෑත භාවිතා කරමින් සුව කිරීමේ ක්‍රමවේදය මූලික කරගනිමින් මෙම ශාස්ත්‍රය ලොවට හඳුන්වා දී ඇත. මෙහිදී  reiki පුහුණු කළ පුද්ගලයෙකු විසින් සේවාදායකයාගේ සිරුර තුළ යහපත් ශක්තීන්  තම දෑත විවිධාකාරයේ ඉරියව් හරහා චලනය කිරීමෙන් ඇතුල් කරනු ලබයි. මෙමගින් සිරුරේ ආතතිය අවම කර සුව කිරීම ප්‍රවර්ධනය කරන බව පුද්ගල මතයයි.

ජාත්‍යන්තර reiki පුහුණු කිරීමේ  මධ්‍යස්ථානයට අනුව reiki යනු ජපන් වචන දෙකක එකතුවකි. "Rei" යනු බලවත් ශක්තිය වන අතර "ki" යනු ජීවන බල ශක්තියයි.

2009 මාර්තු මාසයේදී, USA හි කතෝලික අගරදගුරු සම්මේලනය විසින් reiki විකල්ප ප්‍රතිකාරයක් ලෙස ඇගයීම සඳහා මාර්ගෝපදේශ ලේඛනය නිකුත් කරන ලද අතර, එහිදී ඔවුන් ප්‍රකාශ කළේ reiki භාවිතය මිථ්‍යා විශ්වාස මත පදනම් වූවක් වන අතර එය සැබවින්ම ඇදහිල්ල හෝ විද්‍යාව තුළ වූ ඖෂධ මත සුව කිරීමක් නොවන බවය .  ඔවුන් ප්‍රකාශ කළේ දෙවියන්ට කරනා යාච්ඥාවට වඩා මානව බලයක් උපයෝගී කොට සුව කිරීම කෙරෙහි විශ්වාසයක් මෙහි අන්තර්ගත බැවින් reiki ක්‍රිස්තියානි අධ්‍යාත්මිකත්වයට නොගැලපෙන බවත්,ස්වාභාවික සුව කිරීමේ මාධ්‍යයක් ලෙස සැලකූ විට එයට විද්‍යාත්මක විශ්වසනීයත්වයක් නොමැති බවත්ය.

2009 මාර්ගෝපදේශය නිගමනය කළේ "reiki චිකිත්සාව ක්‍රිස්තියානි ඉගැන්වීම් හෝ විද්‍යාත්මක සාක්ෂි සමඟ නොගැලපෙන බැවින්, කතෝලික සෞඛ්‍ය සේවා පහසුකම් සහ retreat මධ්‍යස්ථාන වැනි කතෝලික ආයතනවලට හෝ කතෝලික පූජකවරුන් වැනි කතෝලික සභාව නියෝජනය කරනා පුද්ගලයින්ට මෙය ප්‍රවර්ධනය හෝ ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය  නුසුදුසු වනු ඇති බවයි.  මෙම නිවේදනයෙන් පසුවද සමහර කතෝලික ගිහි ජනයා reiki පුහුණුව දිගටම කරගෙන ගොස් ඇත, නමුත් එය බොහෝ කතෝලික රෝහල්වලින් සහ වෙනත් ආයතනවලින් ඉවත් කර ඇත.

අපගේ දිව්‍ය වෛද්‍යවරයාණන් වනුයේ ක්‍රිස්තුස් වහන්සේය. විද්‍යාවට විග්‍රහ කළ නොහැකි ක්‍රියාවන්  උන් වහන්සේ සිදු කරනු ලබයි.එනිසා උන්වහන්සේ තුළින් ගලා එන්නාවූ ශාරීරික,මානසික හා අධ්‍යාත්මික සුවය උන්වහන්සේ තුළින්ම හා උන්වහන්සේගෙන් ආලේපය ලත් පූජකවරුන්ගෙන් පමණක් බලාපොරොත්තු වෙමු. අනෙකුත් පුද්ගලයින් ක්‍රිස්තියානි විශ්වාසකයින් සේ පෙනුනද ඔවුන් සැබවින්ම එසේද යන්න අප නොදනී. පූජකවරුන් මත වුවද විශ්වාසය තැබිය හැක්කේ ඔවුන් තුළ වූ පූජකවර ආලේපය කරන කොට ගෙනය. ඒ හෙයින් මෙවන් මිථ්‍යා ඇදහිලි මත පදනම් වූ චිකිත්සක ක්‍රමවේදයන්ගේ මිදී  විද්‍යාව විසින් අනුමත කළ නිවැරදි ප්‍රතිකාර ක්‍රමවේදයන්ට හා ක්‍රිස්තුස් වහන්සේගේ මද්‍යස්ථකම තුලින් සුවය ඉල්ලා අයදිමු!

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්