දෙවිඳුන් යැදීම හෙවත් යාච්ඤාව
හැඳින්වීම
දෙවිඳුන් යැදීම හෙවත් යාච්ඤා කිරිම ක්‍රිස්තු භක්තියේ විශේෂ ලක්ෂණයෙකි.
දෙවියන් වහන්සේ විශ්වය තුළ පෙනෙන නොපෙනෙන සියලු දේ මේවා වදාළ සර්බලධර, සර්වපරාක්රම් තනෙන් වහන්සේ බව අදහන ක්‍රිස්තු ලබ්ධිකයෝ ඔවුන් වහන්සේගේ ඒ නායකත්වය පිළිගනිමින් උපහාර දක්වති. එම පුජෝපහාර දැක්වීම යාච්ඥා කිරීම යනුවෙන් විස්තර කැරේ.
කිතුනුවන් අතර පවා, බොහෝ දෙනා යාච්ඤාව වරදවා තේරුම් ගෙන ඇත. යාඥාව දෙවිඳුන් ගෙන් යමක් ඉල්ලා ගැනීම යැයි ඔහු සිතති. එහෙත් එය එපමිණෙක් නො වේ. ඉතා ලිහිල් ව විස්තර කළහොත් යාඥාව දෙව්දුන් සමඟ සුහද සාමීචියේ යෙදීමෙහි කතා කීමෙකි.
මෙලෙස දෙවිඳුනට උපහාර දැක්වීම් අපගේ ම යහපත සඳහා වන හෙයින් යාච්ඤාව කිමෙක් දැයි සවිස්තර ව සොයා බැලීම මෙහි අරමුණ වන්නේ ය.
යාච්ඤාව යනු කිමෙක්ද ?
දෙවියන් වහන්සේට වන්දනා ස්තූති ප්‍රශංසා කරන්නටත් අපට අවශ්‍ය දේ ඉල්ලා ගන්නටත් ඔවුන් වහන්සේ වෙත සිත යොමු කිරීම යාච්ඤාව වන්නේය.
යාච්ඤාව දෙවියන් වහන්සේ සමග ප්‍රේමයෙන් බැඳී කෙරෙන සුහද සාකච්ඡාවෙකි. ඒ සඳහා කට පාඩම් කැර ගත් වචන මාලාවක් කියාපෑම අවශ්‍ය නොවේ. තම හද තුළින් නැඟී එන සිතුම් පැතුම් අවංකව දෙවිඳුන් ඉදිරියේ ප්‍රකාශ කිරීම වඩාත් පලදායි වන්නේය.
මතෙව් 7:7
"ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්බ වේ. කට්ටු කරන්න ඔබට දොර අරිනු ලැබේ."
ක්‍රියා 1:14
"මේ සියලු දෙනා ස්ත්‍රීන් ද ජේසුන් වහන්සේ ගේ මැණියන් වු මරිය තුමිය ද උන්වහන්සේගේ සහෝදරයන් ද සමඟ එකතුව නොකඩව යාඤ්ඤාවේ නිරත වූහ."
ක්‍රියා 3:1
"දිනක් පේදුරු සහ ජොහාන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාළිගයට ගියෝ ය."
ක්‍රියා 4:23-31
"පේදුරු හා ජොහාන් නිදහස් කරනු ලැබූ පසු සිය මිතුරන් වෙතට ගොස් නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ. මෙය ඇසූ ඔහු එක් හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ. මහෝත්තම ස්වාමීනි. අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය. ශුද්ධාත්මයාණන් කරණ කොට ගෙන ඔබ ගේ දාසයා වූද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, විජාතීන් කෝප වුයේ කුමටද ? ජනයන් නිෂ්ඵල උපා යෙදුවේ කුමට ද? ස්වාමීන් වහන්සේට ද සිය මෙසියස්වරයාණන්ට ද විරුද්ධවපොළොවේ රජවරු සැරසී සිටිය හ. අධිපතියෝ ද එක්රැස් වුහ යි. ඔබ වහන්සේ වදාළ සේක. සැබැවින් ම ඔබ ආලේප කළ ඔබ ගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුන් වහන්සේට විරුද්ධව හෙරෝද් හා පොන්තියුස් පිලාත් විජාතීන් ද, ඉග්රායෙල් ජනයා ද සමඟ මේ වර රැස්වුහ. එසේ කළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් ද සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටු වන පිණිසය. දැන් ඉතින් ස්වාමීනි ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීතව ප්‍රකාශ කිරීමට ඔබ ගේ දාසයන්ට වර දුන මැනව. සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව. තවද ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුන් වහන්සේ ගේ නාමානුභාවයෙන් ලකුණුද, අරුම පුදුම දේද, සිදුකළ මැනව. මෙසේ යාච්ඤා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පා විය. ඔහු සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පිරි දෙවියන් වහන්සේ ගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ."
ක්‍රියා 12:12-17
"මෙය තේරුම් ගත් හේ මාක් යන තවත් නමකින් ද හඳුන්වනු ලැබූ ජොහාන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤා කරමින් සිටියෝ ය. පේදුරු පිටත සිට දොරට තට්ටු කළ විට රොදා නම් යුවතියක් ඒ කවුදැ යි බලන්නට ආවාය. ඕ පේදුරු ගේ කට හඬ ඇඳින ප්‍රීතිය නිසා දොරවත් නැර ඇතුළට දිව ගොස් පේදුරු පිටත දොරකඩ ළඟ සිටින බව සැල කළාය. ඔබව පිස්සු' යයි ඔවුහු කීහ. එහෙත් ඒ ඔහු ම යයි ඈ සහතික කොට කී විට ඒ ඔහු ගේ රැකවල් දූතයා යයි ඔවුහු කීහ. එහෙත් පේදුරු දොරට තට්ටු කරමින් සිටියේ ය. දොර ඇරිය කල ඔවුහු පේදුරු දක විස්මිත වූහ. එහෙත් ඔවුනට නිශ්ශබ්ද වන්නට අතින් සංඥා කොට ස්වාමීන් වහන්සේ තමා ගිර ගෙයින් පිටතට ගෙනා හැටි ඔවුනට විස්තර කොට ජාකොබට ද අනෙක් සහෝදරයනට ද මෙපවත් දන්වන්නැ යි කියා පිටත්ව වෙන තැනකට ගියේය."
ක්‍රියා 13:1-3
"අන්තියෝකයේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියා හ. එනම් බාර්ණ බස් සහ නිගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරෝද් සමඟ ඇති දැඩි වූ මානායින් ද, සාවුල් ද යන මොවුහු ය. ඔවුන් ස්වාමීන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටියදී ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට ' මා විසින් බර්ණ බස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැයි වදාළ සේක. එවිට ඔවුහු උපවාසයේ යෙදී යාච්ඥා කොට ඔවුන් පිට අත් තබා ඔවුන් පිටත් කර යැවූ හ."
අප යාච්ඤා කළ යුත්තේ කිම ද?
අප යාච්ඤා කළ යුත්තේ දෙවිඳුනට ගරු බුහුමන් දැක්වීමත් කෘතඥතාව පිරිනැමීමත් අප ගේ යුතුකමක් වන හෙයිනි. තවද අප ගේ ලෝකෝත්තර යහපත හා ලෞකික යහපතත් යාච්ඤාව මත රැඳී පවතින නිසා නිතොර යාච්ඤා කරන ලෙස ක්‍රිස්තුන් වහන්සේ අපට නියෝග කැර ඇති නිසාත්ය.
යාච්ඤා නොකොට ගැලැවීම නො ලබා ගත හැකි බව ක්‍රිස්තුන් වහන්සේ වදාළ සේක.
ලුක් 18:1
"තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක."
යාච්ඤාව කොටස් කැර තිබෙන්නේ කෙසේද?
යාච්ඤාව කොටස් සතරෙකින් යුක්ත වන්නේය. එනම් -
(1) ප්‍රශංසාව
(2) තුති පිදීම
(3) කමාව අයැදීම
(4) වරප්‍රසාද ඉල්ලා ගැනීම යනුයි.
දෙව් මහෝත්තමයාණන් හට ගෞරව කිරීමත් උන්වහන්සේට ප්‍රශංසා කිරීමත් අප ගේ යුතුකමෙකි. අප ද අප සතු සියල්ල ද මඟින් දෙවිඳුන් ගේ මහිමය ප්‍රකාශ කෙරෙන නිසා සියල්ල වෙනුවෙන් දෙවිඳුන් ගේ පැසැසුම් ගැයීම, මැවිල්ලේ මුදුන් මල්කඩ වන මිනිසා සතුය.
එසේම සියල්ල සඳහා අප දෙවිඳුනට ණය ගැති වන හෙයින් දෙවිඳුනට අප ගේ ස්තුතිය හෙවත් කෘතඥතාව පිරිනැමීම කෙළෙහි ගුණ සැලැකීමෙකි.
අප අතින් නිතර වැරැදි සිදු වන්නේය. එයින් අප දෙවිඳුනට අනදර කරන නිසා දේව කමාව අයැදිය යුත්තෙමු.
තවද ඉදිරියට අපට අවශ්‍ය වන දේ (ලෞකික ලෝකෝත්තර දෙවිඳුන්ගෙන් ම ලබාගත යුතු නිසා ඒවා ඉල්ලුම් කළ යුතුයි. අප ගේ අවශ්‍යතාවන් දෙවිඳුන් නො දැන සිටිනවා නොවේ. එහෙත් එසේ ඉල්ලුම් කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ දැඩි විශ්වාසයත් බලාපොරොත්තුවත් රඳා පවත්නා බව ප්‍රකාශ වන්නේ ය. අප සඳහා ද අනෙක් අය (අප සතුරන් ඇතුළුව) සඳහා ද මෙසේ අපි යාච්ඤා කළ යුත්තෙමු. එහෙත් අප ඉල්ලන දේ දේව කැමැත්ත අනුව අපට ලැබෙන පිණිස පැතිය යුතුයි. ශුද්ධ ලියැවිල්ලේ ගීතිකා පොතේ දේව පැසසුම් ගී රැසෙකි.
ගීතාවලිය 104:1
"මාගේ සිත සමිඳුන් පසසන්න. හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම් පසසන්න."
ලූක් 15:18 19
"මම නැගිට මාගේ පියාණන් වෙත ගොස්, පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධව ද, ඔබට විරුද්ධව ද පව් කෙළෙමි. මින්මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්ට නොවටිමි. ඔබ ගේ කුලීකාරයන් ගෙන් එකකු මෙන් මා තබාගත මැනවැ' යි ඔහුට කියන්නෙම් සිතා..."
ලූක් 18:1
"තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක."
මතෙව් 26:39
"උන්වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුහුණින් වැටී, අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා' යි යාච්ඤා කළ සේක."
අප යාච්ඤා කළ යුත්තේ කෙසේද?
මහත් භක්තියෙන් ද බැහැපත්ව ද අවදිව ද විශ්වාසයෙන් හා ප්‍රේමයෙන් යුක්තව ද අපි යාච්ඤා කළ යුත්තෙමු.
සිත ගත නොමෙහෙයවා ගිරවුන් මෙන් වචන මාලාවක් කියා පෑමෙන් යාච්ඤා නො කැරේ. තමන් කියන දේ, තමන් ගේ සිතිවිලි යනාදිය හද පත්ලෙන් නැඟී ආ යුතුයි.
මතෙව් 15:8
"මුවින් මේ සෙනඟ මට ගරු කරති. සිතින් නම් මාගෙන් දුරුව."
එපීසවරුනට 6:17-18
"ගැළැවීම නැමැති හිස්වැස්ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නැමැති කඩුව ද ගන්න."
අප යාච්ඤා කළ යුතු කවුරුන් සඳහාද?
අප යාච්ඤා කළ යුතු දේව මහිමය ප්‍රකාශ වනු සඳහාත් අප ගේ ද අනෙකුත් සියලු දෙනා ගේ ද ගැලැවීම සඳහාය.
යාච්ඤාවන් අතර උසස්ම වනුයේ සවර්ගයේ වැඩ සිටින හෙවත් පරමණ්ඩලය' නමැති යාච්ඤාවයි. එය තමනට යාච්ඤා කරන්නට කියා දෙන මෙන් ස්වකීය ගෝළ පිරිස ඉල්ලා සිටි අවස්ථාවෙක ස්වාමීන් වහන්සේ විසින් ම වදාරන ලද්දෙකි.
දේව මහිමය ප්‍රකාශ වනු සඳහා සියලු දෙනාගේ ම ගැලැවීම සඳහාද යාච්ඤා කිරීම උතුම් ක්‍රියාවෙකි. තවද අප දෙමාපිය නැදෑ හිතවතුන් සඳහා ද ශ්‍රේෂ්ඨයන් සඳහා ද මළවුන් සඳහාද සතුරන් සඳහාද යාච්ඤා කළ යුත්තෙමු.
මහෝපදේශය පොතෙන් උපුටාගැනීමකි