කතෝලික ආගමේ ලිංගිකත්වය ගැන තියෙන ඉගැන්වීම් මොනවාද?
කවුරුත් වැඩිය දන්නේ නැති ඒත් දැනගන්න ඕන, ලිංගිකත්වය ගැන අපි හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්, ඒකෙ සුන්දරත්වය සහ ශුද්ධවන්තභාවය කියලා දෙන හරි ලස්සන ඉගැන්වීම් ටිකක් ගැනයි මේ කතාව...
පෝලන්තයේ හිටියා ෆාදර් කෙනෙක්. මේ ෆාදර්, ෆාදර් කෙනෙක් වෙන්නේ 1946 දී. 1939 - 1945 වෙනකං දෙවෙනි ලෝක යුද්ධෙ තියෙනවානේ. ඒක පටන් ගන්නෙත් හිට්ලර්ගේ නාසි ජර්මනිය, පෝලන්තය ආක්‍රමණය කරනවාත් එක්කමයි. යුද්ධෙන් උපරිමේටම බැට කාපු පෝලන්තය, යුද්ධෙන් පස්සේ සෝවියට් රුසියාව යටතට පත් වෙනවා. එයාලත් නාසි ජර්මනියට දෙවෙනි නෑ.
අදේවවාදී පාලනයක් ගෙනියපු එයාලට ඕනේ වුනේ මිනිස්සුන්ගේ ජීවිත වලින් දෙවියන් වහන්සේව අයින් කරන්න. ලංකාව 70% ක් බෞද්ධ වගේ පෝලන්තය 85% - 90% ක් කතෝලික. මේ කාලයේදී පෝලන්තයේ කතෝලික සභාව ගොඩක් පීඩන වලට මුහුණ දුන්නා. විශේෂයෙන් තරුණ කොල්ලා කෙල්ලො එක්ක එකතු වෙලා ආගම හා සම්බන්ධ කිසිම දෙයක් කරන්න ආගමික නායකයන්ට නිදහස තිබ්බේ නෑ.
එහෙමයි කියලා මේ ෆාදර් පැත්තකට වෙලා හිටියෙත් නෑ. ෆාදර්ට හම්බ වුන, විශේෂයෙන් උන්වහන්සේ මහාචාර්යවරයෙක් වුනාට පස්සේ හම්බ වුන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එකතු කරගෙන නිදහස් පරිසරයකට ගිහින් කාලය ගත කලා. එයාලා ගොඩක් ගියේ කදු නගින්න, හිමේ ලිස්සන සෙල්ලම් කරන්න, බෝට්ටු පදින්න, කැලෑවල් වල camping කරන්න. ඔහොම ගියහම දවස් ගානක් ඉදලා තමයි එන්නේ. මේ ගමන් යද්දී ෆාදර් ඉන්නේ සිවිල් පිට. උන්වහන්සේ එක්ක හිටපු අය උන්වහන්සේට කතා කරෙත් 'uncle' කියලා. මොකද ෆාදර් කියනවා පිට කාටහරි ඇහුනොත් හිරේ යන්න වෙන නිසා.
මේ ගමන් වලදී මෙයාලා ගොඩක් දේවල් ගැන විවෘතව කතා කරා, හවසට ගිනිමැලයක් එහෙම ගහගෙන වටේ ඉදගෙන. එයාලට ගානක් තිබ්බේ නෑ ෆාදර් කෙනෙක් එයාලත් එක්ක හිටියා කියලා. මෙතැනදී කතා වුන ප්‍රධාන මාතෘකාවක් තමයි පවුල් ජීවිතය හා ලිංගිකත්වය කියන්නේ. එයාලා ජීවත් වුන පීඩිත සමාජ වාතාවරණයත් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක ලොකු අභියෝගයක් වෙලා තිබ්බා. අනිත් පැත්තන් ගත්තොත් තරුණ set එක එකතු වුනහම ඔය මාතෘකාව ගැන කොහොමත් කතා කරනවානේ.
ඔහොම කාලය ගතවෙලා ගියා. මේ ෆාදර් රදගුරුතුමෙක් වුනා. තවත් කාලෙකට පස්සේ කාදිනල් තුමෙක් වුනා. පෝලන්තයේ ප්‍රධානම ආගමික නායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් වුනා. අපේ රටේ වගේ ගත්තොත් නං මහානායක හාමුදුරුවරු දෙන්නගෙන් කෙනෙක් වගේ. එහෙමයි කියලා මේ ගමන් නං නැවැත්තුවේ නැහැ. කොල්ලො කෙල්ලො set කරගෙන කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන ඒත් ගියා. අන්තිමට 1978 ඔක්තෝබර් 16 වෙනිදා උන්වහන්සේ දෙවන ජුවාම් පාවුළු නමින් පාප් වහන්සේ වුනා. දැන් දන්නවනෙ කවුරු ගැනද කිව්වේ කියලා.😁
අවුරුදු 30ක් විතර කොල්ලෝ කෙල්ල එක්ක ඉඳලා හම්බවුණු මේ අත්දැකීම් එක්ක ආදරය හා ලිංගිකත්වය ගැන උන්වහන්සේ පොත් දෙකක් ලිව්වා.
- පළවෙනි එක තමයි Love and Responsibility කියන්නේ.
මේක දර්ශනවාදය පාදක කරගෙන තමයි ලියන්නේ. මොකද උන්වහන්සේ දාර්ශනිකයෙක්. කතෝලික සභා ඉතිහාසයේ පාප්ධූරයට පත්වුනු හොඳම දාර්ශනිකයා කියලා කිව්වත් වැරැද්දක් නෑ. දේවධර්මය නැත්නම් ආගම සම්බන්ධ කරගන්නේ නැතුව මේ පොත ලිව්ව හින්දා කෙනෙක් කතෝලික වුනත් නැතත් අද වෙද්දි love advice ගන්න තියෙන හොඳම මූලාශ්රයන්ගෙන් එකක් බවට පත්වෙලා තියෙනවා. - දෙවෙනි එක තමයි Theology of the Body කියන්නේ.
මේක දේවධර්මය, විශේෂයෙන්ම ශු. බයිබලයේ උත්පත්ති පොත පාදක කරගෙන තමයි උන්වහන්සේ ගොඩනඟන්නේ.
ඉතින් මේ පොතේ;
• අපි එන්නේ කොහෙන්ද?
• අපි යන්නේ කොහෙටද?
• අපේ ආත්මය හා ශරීරය අතර තියෙන සම්බන්ධය මොකක්ද?
• දෙවියන් වහන්සේ අපිට ශරීරයක් දුන්නේ ඇයි?
• උන්වහන්සේ අපිව ස්ත්‍රී, පුරුෂ විදිහට මැව්වේ ඇයි?
• උන්වහන්සේ අපිව නිරුවතින් මැව්වේ ඇයි?
• දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ ලිංගිකත්වයේ තේරුම මොකක්ද?
• ලිංගිකත්වය ශුද්ධවන්ත දෙයක් වෙන්නේ කොහොමද?
• දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධතාව නැත්තං relationship එක අපේ ලිංගිකත්වය හරහා නිරූපණය වෙන්නේ කොහොමද?
• ආශිර්වාදකාර බන්ධනය සක්‍රමේන්තුවක් වෙන්නේ කොහොමද?
• මේ හැම දේකටම ජේසුව සහ උන්වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය අදාල වෙන්නේ කොහොමද?
වගේ මාතෘකා ගැන උන්වහන්සේ හරි ලස්සනට කතා කරනවා.
ඔයා තරුණ වුණත් නැතත්, විවාහ වෙලා හිටියත් නැතත්, මේ පොත් දෙක ගැන ටිකක් හොයලා බලන්න. ඔයා තරුණ කොල්ලෙක් කෙල්ලෙක් නම් අනිවාර්යෙන් ඒක කරන්න. ඔයා මෙච්චර කල් දැනන් හිටියේ නැති, ආදරය ගැන, විශේෂයෙන් ඔයාගේ ශරීරය ගැන ගොඩක් ලස්සන ඉගැන්වීම් ඔයාට ඉගෙන ගන්න ලැබෙයි.
මේ පොත් දෙකේ සිංහල පරිවර්තන නම් නැහැ. සිංහලෙන් මේ ගැන තියෙන කිසිම මූලාශ්‍රයක් මට හොයාගන්න පුළුවන් වුනෙත් නැහැ. මේ පොත් දෙක කියවන්න කියලා නම් කියන්නේ නැහැ. කියවලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. පුළුවන් නම් අනිවාර්යයෙන් කියවන්න. මේ ගැන දැනගන්න කරන්න පුලුවන් හොඳම දේ Christopher West, Fr. Mike Schmitz, Nic Davidson වගේ අයගේ videos තියෙනවා youtube එකේ. ගිහින් බලන්න.
හැමෝටම ජේසු පිහිටයි!✝️😇
උපුටාගැනීම "ජේසුගේ ආදරේ" පිටුවෙන්