ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස
Photo by Thuong Do / Unsplash

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම

කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්ත්‍ර නැවත අන්දවන ලදුව සොරුන් දෙදෙනෙක් සමග කුරුසපත් කිරීම සඳහා ගෙන යන ලදි. පෙනෙන ආකාරයට ජේසුස් වහන්සේ දැඩි ලෙස කසපහර ලැබීම හේතුවෙන් ඉතා දුර්වල තත්වයක සිටි හේතුව නිසා කුරුසියේ තිරස් දණ්ඩ (patibulum) ප්‍රෙටෝරියමේ සිට කුරුසපත් කරන ස්ථානය දක්වා ඇති සැතපුමෙන්  තුනෙන් පංගුවක දුර (මීටර 600 සිට 650 අතර ) උසුලාගෙන යාමට නොහැකි වී ඇත. සිරේනියේහි සීමොන්ව ක්‍රිස්තුන්වහන්සේ කුරුසිය උසුලාගෙන යාමට  කැඳවා ඇති අතර ඉන් අනතුරුව ගොල්ගොතාව ( හෝ කල්වාරිය ) නමැති කුරුසපත් කරන ස්ථානය දක්වා මොවුන්ව රැගෙන යන්නට ඇත.

එහිදී, ජේසුස් වහන්සේගේ වස්ත්‍ර, ඉඟටිය වස්ත්‍රය (loincloth නැතහොත් අමුඩයක් වැනි ) හැරුණුවිට , සියල්ල ඉවත් කර ඇති අතර බොහෝවිට නැවතත් කසපහර තුවාල නිරාවරණය වන්නට ඇත. පසුව ඔහු හට සුවඳ ලාටු මිශ්‍රිත වයින් අඩංගු තිත්ත පානයක් (gall) දී ඇති නමුත්,එහි රසය නිසා, එය පානය කිරීම ප්‍රතික්ෂේප කර ඇත. අවසානයේදී, ජේසුස් වහන්සේ සහ සොරුන් දෙදෙනා කුරුසපත් කර ඇත. දෑත් ඇණ ගැසීම පිළිබඳ ශුද්ධවූ ලියවිලි වල සඳහන් වුවද එය මැණික් කටුව ආසන්නයෙන් ඇණ ගැසීමේ තුවාල යන  පුරාවිද්‍යාත්මක සාක්ෂි සමග ඝට්ටනයක් ඇති නොවන්නේ,  පැරැන්නන් මැණික් කටුවැඩ අතෙහි කොටසක් ලෙස සලකනු ලැබූ හේතුව නිසාය. නාම පුවරුව (titulus ) ජේසුස් වහන්සේගේ හිසට ඉහලින් සවි කරන ලදි. ජේසුස් වහන්සේ කුරුසපත් කරන ලද්දේ ටාඕ (Tau) කුරුසියකද නැතහොත් ලතින් (Latin) කුරුසියකද යන වග නිශ්චිතවම සඳහන් කළ නොහැකිය; පුරාවිද්‍යාත්මක සාක්ෂි පළමුවැන්නට ප්‍රිය කරන අතර මුල් සම්ප්‍රදාය දෙවැන්න ප්‍රියකරයි. ජේසුස් වහන්සේට විනාකිරි හා වයින් මිශ්‍රිත පානයක් හිසොප් දණ්ඩක (ආසන්න වශයෙන් අඟල් 20ක් හෝ සෙ. මි.  50ක් පමණ දිග) ගසා ලබා දීම යන කාරණය  මත ජේසුස් වහන්සේව ඇණ ගසන ලද්දේ කෙටි කුරුසියක යන්න විශ්වාස කළ හැකිය.

කුරුසපත් කිරීමේ සම්පූර්ණ  ක්‍රියාවලිය පුරාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් විසින්  ජේසුස් වහන්සේ පීඩාවට පත් කළ අතර, එතුමන්ගේ වස්ත්‍ර සඳහා සොල්දාදුවන් දාදු දැමූහ. කුරුසියේ සිට ක්‍රිස්තුන් වහන්සේ සත් වරක් කතා කරන ලදි. එම ප්‍රකාශන ප්‍රශ්වාස කිරීමේදී සිදු කරන බැවින්, ඉතා කෙටි හා  බැරෑරුම්  වූ මෙම ප්‍රකාශන  සිදුකිරීම ඉතා වේදනාකාරී සහ අපහසු වන්නට ඇත. එම සිකුරාදා දින සවස තුනට පමණ, ජේසුස් වහන්සේ මහා හඬින් මොරගසා, හිස නමා උකුත් වූ සේක. රෝමානු  සොල්දාදුවන් සහ බලාසිටියවුන් ඔහුගේ මරණ මොහොත දැක  ගත්හ.

සවස් කාලයේ ඉර බැසයාමෙන් පසුව, සබත  උදා   වන  හෙයින්, මියගිය වූවන්ගේ ශරීර කුරුස මත  තිබෙන්නට හැරීමට ජුදෙව්වන් අකමැති වූ බැවින් crucifracture (කුරුසපත් කරන අපරාධකරුවන්ගේ කකුල් කඩා දැමීම) සිදු කර කුරුසපත් කළ තිදෙනාගේ මරණය ඉක්මන් කරන ලෙස අණ නිකුත් කරන ලෙස  ඔවුහූ පොන්ටියුස් පිලාත් වෙත ඉල්ලීම් කළහ. සොල්දාදුවන් විසින් සොරුන් දෙදෙනාගේ කකුල් කඩා දමනු ලැබූ නමුත්,ජේසුස් වහන්සේ වෙත පැමිණි විට ඔහු ඒ වන විටත් මියගොස් ඇති බව දුටු නිසා ඔහුගේ කකුල් කඩා දැමීමක් සිදු නොකළහ. එහෙත් එක් සොල්දාදුවෙක් ඔහුගේ ඇලය, බොහෝවිට පාබල හෙල්ලයකින්, සිදුරු කරනු ලැබූ හෙයින් ක්ෂණයෙන්  රුධිරය සහ ජලය ගලා යෑමක් සිදු  විය. එදින සවස් යාමයේ ජේසුස් වහන්සේගේ සිරුර කුරුසියෙන් බාන ලදුව ගල්ලෙනක තැන්පත් කරන ලදි.

ජේසුස් වහන්සේගේ මරණය

ජේසුස් වහන්සේගේ මරණයේ පැතිකඩ දෙකක් විශාල ආන්දෝලනයකට මුලාශ්‍ර වී ඇති අතර, ඒවා නම්, ඔහුගේ ඇලයේ තුවාලයේ ස්වභාවය සහ කුරුසයේ ඇණ ගසා ඉතාමත් කෙටි කාලයකින් ඔහුගේ මරණය සිදුවීමට හේතුව කුමක් වේද යන්නයි.

ජුවාම් සුවිශේෂයේ ජේසුස් වහන්සේගේ ඇලය සිදුරු කිරීම පිළිබඳව විස්තර කෙරෙන අතර ක්ෂණයෙන් රුධිරය හා  ජලය ප්‍රවාහය වීම පිළිබඳව අවධාරණය කරයි. ඇතැම් කතුවරුන් මෙම ජලය වහනය වීම ascites (උදර කුහරය තුළ පටක සහ අවයව අතර අවකාශයේ සේරස් තරල අසාමාන්‍ය ලෙස සමුච්චය වීම) හෝ උදරයේ මධ්‍යම කොටස් හරහා මුත්‍රාශයේ සිදුරු වීමක් නිසා පිටවන මුත්‍රා (urine, from an abdominal midline perforation of the bladder) ලෙස අර්ථකථනය කර ඇත. කෙසේනමුත්, ජුවාම් සුවිශේෂයේ මෙය සඳහා වන ග්‍රීක වචනය ((πλευρὰ හෝ pleura) පැහැදිලිවම ඇලය ප්‍රදේශය යනුවෙන් සහ බොහෝවිට ඉළ ඇට පිළිබඳව අඟවයි. එබැවින්, මෙම තුවාලය උරස් ප්‍රදේශයේ (thorax) වූ බවත් උදරයේ මධ්‍යම ප්‍රදේශයෙන් බොහෝ සේ දුරස්ව සිදුකර ඇති බව දැකගත හැකිය. ජුවාම් විසින් මෙම තුවාලය නම් කිරීමක් සිදු කර නොමැති වූවත්, සාම්ප්‍රදායිකව මෙම තුවාලය දකුණු පසින් නිරුපණය කර ඇත. මෙම සම්ප්‍රදායට සහයෝගය දක්වන කාරණයක් වන්නේ විශාල ලෙස රුධිරය වහනය වීමක් බොහෝවිට සිදුවිය හැක්කේ විශාල වී ඇති සහ සිහින්-හෘද බිත්ති සහිත දකුණු කර්ණිකාව හෝ කෝෂිකාව සිදුරු වීමකින් මිස ඝණ-හෘද බිත්ති සහ හැකිලී ඇති වම් කෝෂිකාව සිදුරු වීමකින් නොවන බවයි. කෙසේ වුවද ඇලයේ තුවාලය පිළිබඳව නිශ්චිතභාවයක් පිහිටුවා ගැනීමට නොහැකි වූවද, වම්පසට වඩා දකුනුපස වීමට වැඩි සම්භාවිතාවක් ඇත.

ජුවම්ගේ වාර්තාව පිළිගැනීමෙන් ඇතිවී තිබෙන ඇතැම් අවිනිශ්චිතභාවයන් මතුවී ඇත්තේ, රුධිරය සහ ජලය වහනය වීම වෛද්‍ය විද්‍යාත්මක නිරවද්‍යභාවයකින්, පැහැදිළි කිරීමේදී ඇතිවන දුෂ්කරතා හේතුවෙනි. මෙම දුෂ්කරතාවලින් කොටසක් රුධිරය ප්‍රථමයෙන් සහ ඉන් අනතුරුව ජලය වහනය වීමේ උපකල්පනය මත පදනම් වී ඇත්තේය. කෙසේනමුත්, පුරාතන ග්‍රීක භාෂාවේ,වචන යෙදීමේ අනුපිළිවෙලෙහි සාමාන්‍යයෙන් (වචනයේ) ප්‍රමුඛත්වය සලකා බැලුණු අතර කාල අනුපිළිවෙල අවශ්‍යයෙන් සලකා නොබැලිණි. එමනිසා, ජුවාම් විසින් බොහෝ දුරට රුධිරයේ ප්‍රමුඛත්වයට වැඩි අවධානයක් දුන් බවක් මිස එය ජලයට පෙර පැමිණීම කෙරෙහි අවධානයක් දුන් බවක් සිතිය හැකිය.

එබැවින්, මෙහි සඳහන් වන ජලය වනාහි serous pleural සහ pericardial fluid නියෝජනය කරන්නට ඇති බව සහ රුධිරයට පෙර වහනය වන්නට ඇති බවත් රුධිරයට වඩා පරිමාවෙන් බොහෝ   අඩුවන්නට ඇති බවත් සඳහන් කළ හැකිය. ඇතැම් විට hypovolemia තත්වයක් යටතේ සහ ඉතා ඉක්මනින් ඇතිවීමට නියමිත දරුණු හෘදයාබාධ තත්වයක් යටතේ, pleural සහ pericardial තරල  වහනය වීමෙහි  වර්ධනයක් සිදුවීම   හේතුවෙන්  එහි  පරිමාව (හෝ සංයුතිය) ජලය මෙන්  වන්නට  ඇත.මෙයට සංසන්දනාත්මකව, රුධිරය, දකුණු කර්ණිකාවේ හෝ  දකුණු කෝෂිකාවේ හෝ hemopericardium හරහා වහනය  වනන්ට ඇත.

කුරුසිය මත පැය තුනක සහ පැය සයක අතර කාලයකදී ජේසුස් වහන්සේගේ මරණය සිදුවීම පොන්ටියුස් පිලාත් පවා පුදුම කරවීය. ජේසුස් වහන්සේ මහා හඬින් මොරගැසීම සහ හිස පහතට  හෙලා මියයෑම ව්‍යසනකාරී අවසානයක් පිළිබඳව ඉඟි පළකරයි. එක් ජනප්‍රිය පැහැදිලි කිරීමකට අනුව ජේසුස් වහන්සේගේ මරණය හෘදය වස්තුව පැලීමක්  (cardiac rupture) නිසා සිදුවූ බව කියවෙයි. (එම වෛද්‍ය විද්‍යාත්මක තත්වය ඉංග්‍රීසි භාෂාවෙන් මෙම  ලිපියේ  මෙසේ සඳහන් කර ඇත).

In the setting of the scourging and crucifixion, with associated hypovolemia, hypoxemia, and perhaps an altered coagulable state, friable non-infective thrombotic vegetation could have formed on the aortic or mitral valve. These then could have dislodged and embolized into the coronary circulation and thereby produced an acute transmural myocardial infarction. Thrombotic valvular vegetations have been reported to develop under analogous acute traumatic conditions. Rupture of the left ventricular free wall may occur, though uncommonly, in the first few hours following infarction.
Edwards WD, Gabel WJ, Hosmer FE. On the physical death of Jesus Christ. JAMA. 1986 Mar 21;255(11):1455-63

කෙසේ නමුත්, තවත් පැහැදිළිකිරීමක් සඳහා ඉඩකඩ පවතියි. සරලවම ගතහොත් ජේසුස් වහන්සේගේ මරණය කඩිනම් වන්නට ඇත්තේ (උන්වහන්සේ සිටි) ඉතා දුර්වල තත්වය සහ ඉතා දැඩි කසපහර දීමක ප්‍රතිඵලය වූ රුධිරය අඩුවීම සහ පුර්ව-කම්පන තත්වයයි. උන්වහන්සේට තම (කුරුසියේ) තිරස් දණ්ඩ ඔසවාගෙන යාමට නොහැකි වීම මෙම අර්ථකථනයට සහයෝගය දක්වයි. ජේසුස් වහන්සේගේ මරණයෙහි  සැබෑ හේතුව, කුරුසපත් කරන ලද අනෙකුත් වින්දිතයන්ගේ මෙන්, බොහෝ විට බොහෝ කාරණාවල එකතුවක් සහ මුලිකවම යොමු කෙරෙන hypovolemic shock, exhaustion asphyxia සහ ඇතැම් විට හෘදයාබාධ තත්වයක් (acute heart failure) යටතට ගත හැකිය. දරුණු ඝනයේ හෘද ස්පන්දන වේගය වෙනස්වීමක්  (A fatal cardiac arrhythmia) මෙවැනි ව්‍යසනකාරී අවසානයකට හේතුකාරී වන්නට ඇත.

මේ අනුව, ජේසුස් වහන්සේගේ මරණය සිදුවුයේ හෘදය වස්තුව පැලීමක් (cardiac rupture)  නිසාද  නැතිනම්  හෘද-ශ්වසන  අඩාලවීමක් (cardiorespiratory failure) පිළිබඳ ස්ථාවර මතයක් නොමැත. එනමුත්, වැදගත් ලක්ෂණය වන්නේ උන්වහන්සේ මියගියේ කෙසේද යන්නට වඩා උන්වහන්සේ මියගියේද යන්නයි. පැහැදිලිවම, ඓතිහාසික සහ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි විශාල ප්‍රමාණයක් මත උන්වනහ්සේගේ ඇලයේ තුවාලය සිදු කිරීමට පෙර ජේසුස් වහන්සේ මියගියබවත් සම්ප්‍රදායික දැක්මට අනුව හෙල්ලය, උන්වහන්සේගේ දකුණු ඉල ඇට හරහා , බොහෝවිට දකුණු පෙනහැල්ල පමණක් නොව pericardium සහ හදවතද සිදුරු කිරීම මගින් උන්වහන්සේගේ මරණය තහවුරු කරන්නට ඇත. මෙලෙස,  නුතන වෛද්‍ය විද්‍යාත්මක දැනුමට අනුව ජේසුස් වහන්සේ කුරුසියෙහි මියගියේ නැත යන උපකල්පනයන්  මත පදනම් අර්ථකතනයන් සඳහා කිසිදු පදනමක් නැත්තේය.

සටහන : කෝකිල ප්‍රනාන්දු සා.බෙ. නි සහෝදරතුමා

Read more