යාච්ඤාවක තිබිය යුතු කොටස් කීපයක්

යාච්ඤාවක තිබිය යුතු කොටස් කීපයක්
Photo by Isabella Fischer / Unsplash

අපි එම කොටස් කීපය මොනවාද යන්න ඉගෙන ගන්නේ ජේසුම අපිට උගන්වපු ලෙසයි.

  1. ප්‍රශංශාව/ස්තූතිය.
ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණනී, ඔබවහන්සේගේ නාමයට ගෞරව වේවා/ප්‍රශංශා වේවා!

අප යාඥා කරන කල එය ආරම්භ කල යුත්තේ ස්තූති කිරීමෙනි. බයිබලය අතට ගන්න. ගීතාවලිය පෙරළා එහි ඇති ස්තූති ගීතාවක් හෝ දෙකක් දිනපතා පුද්ගලික යාඥාවේදී එකටම පවසන්න. ස්තූතියෙන් යාඥාව අරඹන්න!

  1. දේව රාජ්‍යයේ පැමිණීම උදෙසා යාඥා කරන්න!

මෙහි කරුණු දෙකක් උදෙසා අපි යාඥා කරනවා, මෙලොව දේව රාජ්‍යය වටිනාකම් ස්ථාපිත වන පිණිසත්, ජේසුගේ දෙවන පැමිණීම සිදුවීම උදෙසාත් ය.

  1. දිනපතා අපට අවශ්‍යය දේ පිළිබඳව කෙටියෙන් යාඥා කරන්න.

ඔබට අවශ්‍ය දේ ඉතා කෙටියෙන් යාඥාවෙන් ඉදිරිපත් කරන්න.

  1. පව් වලට සමාව දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. ඔබට විරුද්ධව පව් කරපු අයට සමාව දෙන්න.

මනස්ථාපනය නැති යාඥාව බොරු යාඥාවකි. මතකද? මනස්ථාපනය වූ අයකැමියා ධර්මිෂ්ඨ ලෙස ගණන් ලැබ ගෙදර ගියේය. එහෙත් මනස්ථාපනය නොවු පරිසිවරයා එසේ නොවීය.

  1. ඔබේ පාප පරික්ෂා ජයගන්න පිණිස යාඥා කරන්න.

ලෝකය, මාංශය සහ සාතන්, ඔබව වැඩිපුරම පරික්ෂාවට ලක් කරන ආකරය ඔබ දන්නෙහිය. ඒවා උදෙසා යාඥා කරන්න. ජේසුගේ රුධිරයේ බලයද, ශුද්ධාත්මයනන් වහන්සේගේ පිරිසිඳු කිරීමේ ගින්නේ බලය උදෙසාද හදවතින්ම මොරගසන්න!

ස්වර්ගයෙහි වැඩසිටින යාඥාවෙහි අපට එම කරුණු කීපය ඉතා පැහැදිලිව අණාවරණය වෙනවා. ඉතින් අපි යාඥා කරද්දි අනිවාර්‍යෙන්ම ඒ කරුණු වලට අනුව යාඥාව හැඩගසා ගන්නටත් උත්සහ කරමු. අප යාඥා කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ අපට ඉහැන්වූ ලෙසටය.

✍️ ගරු ඉසංක මිහිරාන් පියතුමා

Read more

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්