ගොන්සාල්වෙස් පියතුමන් සිදු කළ ප්‍ර්‍ර්‍රාතිහාර්‍ය්න්

ගොන්සාල්වෙස් පියතුමන් සිදු කළ ප්‍ර්‍ර්‍රාතිහාර්‍ය්න්

අති පූජ්‍ය පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් ලක්දිව ධර්මදුත සේවාවේ යෙදුණු කාලයේ සිදු වූ ප්‍ර්‍ර්‍රාතිහාර්‍ය්න්

  1. දිනක් ගොන්සාල්වෙස් පියතුමානෝ එතුමන්ගේ ශිෂ්‍යයකු සමග වනාන්තරය මැදින් ගමන් නොකොට මුහුදු වෙරළ දෙසින් ගමන් කර කොළපත් වලින් වැසිගිය දොලකින් එතෙර විමට පය තබා ඇත්තේ කිඹුලෙකු ගේ ඇග මතටය . සියලු පිරිස දොලෙන් එතෙර වන තුරුම ගොන්සාල්වෙස් පියතුමානෝ සිය පය නොසොල්වා සිට අතර , උන්වහන්සේ පය අහක් කරනවාත් සමගම කිඹුලා කිසිදු උපද්‍රවයක් නොකොට බාව පමණක් සොලවා සියල්ලන් පුදුමයට පත් කරමින් ඉවත ගියේය . පියතුමන් මේ ක්‍රියාවට දෙවිදුන් ට නිරතුරුව ස්තූති කලේය.
  2. දිනක් පල්ලේකන්ඩාල් සිට පුත්තලමට එන ගමනේ දී මහ වන මැද රුදුරු වල් මී හරකෙකු චන්ඩ වේශයෙන් මගීන් ලුහුබැඳ ආවේය. තම යාච්නා පොත කියවමින් ගිය පියතුමන් ජනතාවගේ මර හඩ අසා මෘගයා  බැලිමට හිස ඔසවනවාත් සමගම මහා පුදුමයක් විය.
    මෘගයා ගේ වේගවත් ගමන නවතා ඌ එතනම මැරී වැටුනේය. මීට සාක්ෂියක් ලෙස එම ඇටසැකිල්ල අවුරුදු ගනනක්ම එත්ස්නම තිබුණේ ය.
  3. වෙනත් දිනක පැටව් ගැසු වල් ඌරු ධේනුවක ස්වකිය පැටව් කැටුව ගොන්සාල්වෙස් පියතුමන් අසලින් ගියේ එතුමන් ට කිසිදු අනතුරක් නොකරය
    පැටවුන් සමග යන වල් සුකරයන් ගේ ප්‍රචණ්ඩත්වය හොඳින්  දන්නා ඇයට මෙය ආශ්චර්යජනකය.
  4. වන්නියේ එක් මිථ්‍යාදෘෂ්ටිකයෙකුට නාගයෙකු දෂ්ඨ කර මරණාසන්නව පියතුමාගේ දෙපා ලගට ගෙනාවේය . පියතුමන් ඔහුව සුවපත් කලහොත් ඔවුන්ගේ මුළු කුටුම්භයම කතෝලිකය වන බවද කියා සිටියේය . ගොන්සාල්වෙස් පියතුමන් මහත් භක්තියෙන් යාච්නා කොට ඔහු මත ආසිරි පැන් ඉසිමින් සුවපත් කලෝය.
  5. ධනවත් කුලීන අංගනාවක් වු ගාල්ලේ දේවස්ථානයක මුහුප්පු රාළගේ භාර්‍යාවගේ රෝගය රටේ සියලු වෙදදුරන්ට සුවකළ නොහැකි සෙයින් ඇයව පියතුමන් වෙත ගෙන එන ලදී. පියතුමන් ඇය ආශිර්වාද කොට බීමට ආසිරි පැන් දුන්නේය . ක්ෂනයෙන් ඇගේ ආබාධයන් සුවපත් වී ගියේ ය.
  6. ඇසේ සුද ක්‍රමයෙන් වැඩිවී එක් ඇසක් අන්ධ කාන්තාවක් ප්‍රසාද ස්නාපනය ලැබීමට පියතුමන් වෙත ආවේය . ප්‍රසාදස්නාපනය ලැබු ඇයගේ අන්ධ ඇසට ආසිරි පැන් වත්කරනු ලැබු පසු ඈ සුවපත් වී ඇත.

පියතුමන් එක් ගමකට ප්‍රවිෂ්ට වු කල අන්නවි තැන අතීසාරය රෝගයෙන් පෙලුන හෙයින් පියතුමන් ට ඔහුගේ සහය ලබා ගැනීමට නොහැකි නිසා පියතුමන් ඔහුට බීමට ආසිරි පැන් දුන් පසු ඔහුගේ අතීසාර රෝගය සුවපත් විය.

උපුටා ගැනීම  ✍️
Life of Jacome Gonsalvez කෘතියෙනි.

~ ගොන්සාල්වෙස් පියතුමානෝ පිටුව තුලින්

Read more

කැටලෝනියාව හා බැදුන ශු. ජෝර්ජ් පුරාවෘත්තය

පුරාවෘත්තයට අනුව, බොහෝ කලකට පෙර, ලිබියාවේ සිලේන් නම් නගරයක්, එහි වැව් තෙර ජීවත් වූ භයංකර මකරෙකුගේ ග්‍රහණයට නතුව පැවතිණ. මේ මකරා නගරයට ජලය ලබා ගැනීම අවහි

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ