ප්‍රාතිහාර්ය අත්දකින්න ප්‍රසිද්ධ සිද්ධස්ථානයකට යන්නම ඕනේද?

ප්‍රාතිහාර්ය අත්දකින්න ප්‍රසිද්ධ සිද්ධස්ථානයකට යන්නම ඕනේද?
Photo by Artur Voznenko / Unsplash

අපේ සමාජයේ ඉන්න කිතුනු අය හිතන දෙයක් තමයි ලෙඩක්‌ සුව කරගන්න ඕනෙනම්, විභාගයක් පාස් වෙන්න ඕනෙනම් වගේ තමාගේ පුද්ගලිකල හෝ පවුලේ දෙයක් වේවා ඒ දේ ඉෂ්ට කරගන්න ඕනෙනම් "අපි මඩු පල්ලි, කුරුස පල්ලි, අන්තෝනි මුනිතුමාගේ හරි සෙබසතියන් මුනිතුමාගේ හරි පල්ලි යන් "කියන එක තමයි . හොදට සල්ලි භාගේ තියෙන කෙනෙක්නම් ලුර්දු, ෆාතිමා යන් කියයි. ඒ විතරක් නෙමේ ඇත්තටම ඉල්ලීම් බලාපොරොත්තුවෙන් ගිය හුගක් කිතුනුවන්ගේ විතරක් නෙමේ අන්‍යාගමිකයන් පවා ප්‍රාතිහාර්මක විදිහට සුවය අත්දැක්ක සිද්ධි ඕගොල්ලෝ ඕන තරම් අහලා ඇතිනේ. එත් තවත් සමහර අය ඉන්නවා ඔය මන් කියපු පල්ලි වලට ගියත් කිසිම වෙනසක් අත්නොදැකපු අයත් . ඒ අයගේ වැඩේ ඉතින් ආගමට ගරහන එක තමයි.

එත් ඇයි තවත් කට්ටියකට සුවය ලැබිලා තවත් කට්ටියකට හරි ගිහිල්ලා නැත්තේ? දෙවියන් වහන්සේ අසාධාරණද? කොහෙත්ම නෑ.... උන්වහන්සේ කියලා තියෙන්නේ සුදනන්ට වගේම දුදනන්ටත් එක විදිහටම හිරු එළිය වස්සනවා කියලනේ. ඒ කියන්නේ හැම කෙනාටම එකම විදිහට සලකනවා වගේම ආශීර්වාදය කරනවා කියලා. එත් ප්‍රශ්නේ එතනමයි. ඇයි කට්ටියකට සුවය ලැබිලා නැත්තේ? එහෙනම් අපි ඉල්ලන දේ හරි අපේ ක්‍රියාවල හරි වැරුද්දක් තියෙනවා වෙන්න බැරිද?😬

අපේ සමහර කිතුනුවෝ ඉන්නවා තමාට නොගැලපෙන වගේම දේව කැමැත්තට විරුද්ධ දේවල් ඉල්ලන.උදාහරනෙකට හිතන්නකෝ පිරිමි ළමයෙක් පල්ලියට ගිහිල්ලා මට "boyfriend" කෙනෙක් ලබා දෙන්න කියලා ඉල්ලනවා කියලා.🤦 එයා ඉල්ලන දේ හරිද.... විවාහය ස්ත්‍රීය හා පුරුෂයෙකු අතර පමණයි!

තව කට්ටියක් ඉන්නවා පිට පල්ලි තමයි ලොකු වෙලා තියෙන්නේ. ඒ කට්ටිය තමන්ගේ පල්ලියේ පූජාවටවත් වෙලාවට යන්නේ නෑ.එත් ඕන වෙලාවක බැලුවොත් වන්දනාගමන් යනවා.⛪🏃

ඒ අය හිතන් ඉන්නේ දෙවියන් වහන්සේ ඉන්නේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන වල විතරයි කියලා ද කොහෙද. ජේසුගේ ගමේ කට්ටියට ජේසුව වටින්නේ නෑ වගේ අපිට ගමේ පල්ලිය වටින්නේ නෑ. අපේ හුගක් කිතුනුවොට අමතක වෙලා හැම පල්ලියකම ඉන්නේ එකම ජේසු වගේම එකම මරිය තුමිය කියලා.

හැබැයි එකේ තේරුම සිද්ධස්ථාන වලට යන එක වැදගත් නෑ කියන එකම නෙමේ.අපි එහෙම වන්දනාගමන් යන එකෙන් අපි ඔප්පු කරන්නේත් දේව ප්‍රශංසාවක් තමා. අපි නිකම් trip එකක් යනවට වඩා ඒ කාලයත් ජේසුට වෙන්කරන එක හොද දෙයක්. අනික ඒ වගේ තැන් වලට යනකොට ලැබෙන මානසික සුවය ගැන මන් ඕගොල්ලෝන්ට පැහැදිලි කරන්න ඕනේ නැනේ.

ඒත් අපි මතක තියා ගමු දෙවියන් වහන්සේ මොන පල්ලියෙත් ඉන්නවයි කියන එක. අපිට දේව තාත්තගේ, ජේසුගේ ආදරේ වගේම දේව අම්මගේ සහ සියලු සාන්තුවරුන්ගේ මැදිහත්කම මොන පල්ලියේත් අත්දකින්න පුළුවන්. ඕන වෙන්නේ සැබෑ ඇදහිල්ල විතරයි. අපි අවදානයෙන් යුතුව කොන්තේ වගේම පුද්ගලික යාඥා කරනවා නම්, දිව්‍ය පූජාවට සහභාගී වෙනවනම් ඔය හොදට ම ඇති ප්‍රාතිහාර්ය අද්දකින්න. මොකද ලොකුම ප්‍රාතිහාර්ය වුනේ දේව අම්මාගේ කුසේ වගේම අදටත් ලොකුම ප්‍රාතිහාර්ය වෙන්නේ දිව්‍ය පූජාවේදී.ඒක නිසා මුලින්ම ගමේ පල්ලියට ගිහිල්ලා හරියට ආගම අදහන එක වැදගත්.🤲

ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා දෙවියන් වහන්සේට වඩා සාන්තුවරුන්ව ලොකු වෙච්ච. සාන්තුවරුන්ට අපි ගරු කරන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ගෙ ජීවිත පැවැත්ම නිසා විතරක් නෙමේ ඒගොල්ලෝ මේ කිතුනු සභාවට දායාද කරලා ගිය ඉගැන්වීම්ද හේතුවෙන්. ඒත් අපේ කිතුනුවෝ මේ සාන්තුවරුන්ට ගරු කරන්නේ, සාන්තුවරුත් එපා කියන විදිහටමයි.

අපිට සාන්තවරුන්ගෙන් මැදිහත්කම පමණයි ඉල්ලන්න පුළුවන්. ඒත් අපේ කට්ටිය මොකද කරන්නේ... පූජාවට යන්නේ නැතිවුණාට නුවානවලට නම් යනවා. ඔය වගේ වැරදි විදිහට දේව නමස්කාරය කරන්න ගියොත් ඒක ලොකු වැරැද්දක් වෙනවා . ඒක නිසා අපි අතින් හිතාමතා නොවෙන මේ වගේ වැරදි ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

"මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයේ සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?"
[ශු.මතෙව් 7:11]

දේව තාත්තා අපි හොද දෙයක් ඉල්ලන කොට ඒක වැඩියෙනූත් දෙනවා වගේම; වැරදි, අපිට නොගැලපෙන දෙයක් කොච්චර ඉල්ලුවත් දෙන්නේ නෑ කියන එකත් මෙතන අපිට නොකියා කියනවා.නොදෙන්නේ අපේම හොදට වගේම අපිට තියෙන ආදරේට නිසා නොදුන්නු දේවල් වලටත් අපි එතුමට ස්තුති කරන එක වගේම දේව කැමැත්ත සතුටින් භාර ගන්න එක අපේ වගකීමක්.නැතුව සභාව මාරු කරන එකවත් කතෝලික විශ්වාසය අතහරින එකවත් නෙමෙයි,❌
ඒ වගේම අපි ලෞකික දේවල් වලට වඩා ආත්මික දේවල් ඉල්ලන්නත් පුරුදු වෙන්න ඕනේ. අපි අන්තෝනි මුනින්ද්‍රයගෙන් අපේ නැතිවෙච්ච ශුද්ධවන්තකම ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලලා තියෙනවද?😶

අනික ප්‍රාතිහාර්යක් අත්දකින්න අපේ උත්සහයත් ඕන වෙනවා. මතකද මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රීයව. එයාගේ විශ්වාසය බලවත් වගේම ජේසුගේ සළුවේ නුල් පොටක් හරි අල්ලන එක තමයි එයාගේ උත්සහය. අපි පාඩම් නොකර ප්‍රශ්න පත්තරේ "ශුද්ධාත්මයාණනි වඩිනු මැන! "කිව්වට හරියන්නේ නෑ. අපි අපිට පුළුවන් තරමින් හරි පාඩම් කරලා තියෙන්න ඕනේ. එතකොට අපි දරන පොඩි උත්සාහයෙන් මහා වූ දෙයක් උන්වහන්සේට කරන්න පුළුවන්.

"ඔබ යහපත් දේ ඉල්ලීමෙන් දෙවියන් වහන්සේට මහත් වූ ප්‍රශංසාවක් ගෙවනු (හිමිකරදෙනු ) ලබයි."
සියෙනාවේ ශු. කැතරින් මුනිතුමිය.

ජේසු පිහිටයි!♥️😇
උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more