මරිය අම්මා ඇත්තටම ස්වර්ගයේ රැජිනද?

මරිය අම්මා ඇත්තටම ස්වර්ගයේ රැජිනද?
Photo by DDP / Unsplash

"සියළුම සාන්තුවරුන්,සියළුම සාන්තුවරුන්ගේ රැජිනගේ උසාවියට අයත් වේ." - ශු.ජෝන් යුඩ්ස්

අපි ජේසුස් වහන්සේව ස්වර්ගයේ රජුන් විදිහට හඳුන්වනවා වගේම මරිය අම්මව හදුන්වන්නේ ස්වර්ගයේ රැජින කියලා. ඒත් අපි මරිය අම්මට රැජින කියලා ආමන්ත්‍රණය කරනකොට මූලධර්මවාදි සභා කෑගහනවා මේකට කිසිම බයිබලානුකූල පදනමක්වත් නෑනේ කියලා. ඒ කතාව ඇත්තද? 🤌නෑනේ .... 🙂

මුලින්ම අපි මරියමාතාවන්ට ස්වර්ගයේ ඔටුනු පැලදවීමේ මංගල්‍යයේ ඉතිහාසය ගැන දැනගමු .
12 වන පියුස් පාප්වහන්සේ විසින් "දෙවියන් වහන්සේගේ නිර්මල මෑණියන්ගේ ශරීරය හා ආත්මය ස්වර්ගීය තේජසට පත් කරන ලදී...."යන නොවරදිනසුළු ප්‍රකාශය යටතේ ඔතෝමන්ගේ මංගල්‍ය ස්ථාපිත කරලා තියෙනවා.දින තීන්දු කරන තියෙන්නේ මරිය අම්මගේ ස්වර්ගාරෝපණ මංගල්‍යට දින 8(octave)කට පසුව යෙදෙන දිනය. ඒ නිසා මේ මංගල්‍ය හැම අගෝස්තු මාසෙම 22 දාට යෙදිලා තියෙනවා.

පාප්වහන්සේ විසින් 1954 ඔක්තෝම්බර් 11 වෙනිදා නිකුත් කරපු Ad caeli reginam හෙවත් To the queen of heavens(ස්වර්ගයෙහි රැජින වෙත) යන විශ්ව ලේඛනයේ පාපවහන්සේ මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා.

"දෙවියන් වහන්සේගේ මවගේ දයානුකම්පිත බව හා මාතෘත්වය සියලු දෙනාටම වඩා පැහැදිලිව හඳුනා ගැනීමටත්, වඩා භක්තිමත් ලෙස ගෞරවය දැක්වීමටත්, අපි මේ මංගල්‍යය ආරම්භ කරමු. පුනරාවර්තන අර්බුද හේතුවෙන් දිනපතාම පාහේ විනාශ වන ජාතීන් අතර එම සාමය ආරක්ෂා කිරීමට, ශක්තිමත් කිරීමට සහ දිගු කිරීමට මෙම මංගල්‍යය ඉවහල් වන බව අපට විශ්වාසයි. ඇය සාමයේ ගිවිසුමක ප්‍රතිඥාව වන දෙවියන් වහන්සේ වෙතට ළඟා වන වලාකුළුවල දේදුන්නක් නොවේද?"

පාප් වහන්සේගේ ප්‍රකාශය හරහා අර්ථවත් වනුයේ එතුමිය සාමයේ කුමාරයාණන්ගේ මාතාව බැවින් එතුමියට සාමය දේශයන්හි උදා කිරීමට මහගු මැදිහත්කාරකමේ බලයක් එතුමිය සතු වන බවය. එතුමිය ලෝක යුද්ධ පවතින කාලවකවානු තුල වුවද දර්ශනය වෙමින් එතුමියගේ ජපමාල යැදුම යැදීමට ආමන්ත්‍රණය කර ඇත්තේද මේ නිසා ය.

මරිය අම්මට ස්වර්ගයේ රැජින කියන්න බලපාන සම්ප්‍රදාය.

ජේසුස් වහන්සේ ස්වර්ගයේ රජාණන් කියන එක පිළිගන්නවනේ අපි කවුරුත්... ඒකම තමයි මරිය අම්මව රැජින කියලා හදුන්වන්න හේතුව.එතුමියට මේ සියලුම වරප්‍රසාද වගේම පදවිනාම දීලා තියෙන්නේ වගේම ඒවා රදා පවතින්නේ එතුමිය අපේ ගැලවීමට දෙවියන් වහන්සේගේ මව වීම නිසා.ඒ වගේම අපි ක්‍රිස්තුස් වහන්සේව දාවිත්ගේ පුත්‍රයා කියලත් හදුන්වනවා. ඕගොල්ලෝන්ට මතක ඇතිනේ ශු. මාක් සුභාරාංචියේ 10:46-52 දක්වා එන අන්ධ බර්තිමේයස්ගේ කතාවේ දි එයා ජේසුට කතා කරන්නේ "දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස, මට අනුකම්පා කල මැනව" කියලා.
1 රාජාවලිය 2:13-21 දක්වා කියවනකොට කතාවේ මැදකදී මෙහෙම සිද්ධියක්‌ වෙනවා.

එබැවින් බැත් - ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ලගට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැගිට ,ඈට ආචාර කර තම සිංහාසනය අරා හිදගත්තේය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේය. ඈ ඔහුගේ දකුණෙන් හිදාගත්තාය. එවිට ඈ, "මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව"යි කී විට, රජ ද,"මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබ‍ට නොදී සිටින්නේ නැතැ "යි ඈට කිවේය.

මේ ප්‍රකාශයට අනුව මරිය තුමියට පෙර සිටි රජවරුන්ගේ මවුවරුන් රාජ්‍යයේ රැජිනව ඉදියා වගේ මරිය අම්මා සාධාරණත්වයේ හා යුක්තිය, සාමය හි සංකේතය වන ස්වර්ග රාජ්‍යයේ රැජින යි.
සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය;තිර පෙම හා සත්‍ය ඔබ කරන සියල්ලෙහි වේ.
[ගීතාවලිය 89:14]

ඒ වගේම ගෙබිරා(හ්)[gebirah] කියන වචනේ තමයි හෙබ්‍රෙව් භාෂාවෙන් රැජිනට භාවිතා කරන්නේ. ඒ වචනේ අර්ථයත් "ශ්‍රේෂ්ඨ කාන්තාව" හෙවත් රැජිනම තමයි.
කොහොම වුනත් මරිය අම්මගේ රාජ්‍ය බලය අධ්‍යාත්මික මුහුණුවරක් ගන්නේ.මෙතුමියගේ බලය ලබා ඇත්තේ අප යටත් කරගැනීමකට එහා යන ගැලවීම ලබා දෙන්න වගේම ක්‍රිස්තු රජාණන්ගේ පවිත්‍රභාවයට හා දේව පුත්‍රභාවය ලබා ගන්න අවශ්‍ය මගපෙන්වීම ලබා දීම.

12 වන පියුස් පාප්වහන්සේ To the queen of heavens නම් විශ්ව ලේඛනයේ තවදුරටත් මෙහෙම සදහන් කරනවා.

"කතෝලික පල්ලියේ මුල් යුගයේ සිටම කිතුනු ජනතාව ජයග්‍රාහී හෝ ඊටත් වඩා විශේෂයෙන් අර්බුද කාලවලදී ස්වර්ගයේ රැජින වෙත ප්‍රශංසාව හා ගෞරවය දැක්වීමේ යාඥාව හා ප්‍රශංසා ගීතිකා මගින් ආමන්ත්‍රණය කර ඇත. ඔවුන් දිව්‍ය රජාණන්ගේ මාතාව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තැබූ එම බලාපොරොත්තුව කිසිවිටෙකත් සුන් වී නැත.දෙවියන් වහන්සේගේ කන්‍යමාතාව වන මරියා, රැජිනකගේ තේජසින් ස්වර්ගීය ආශීර්වාදයෙන් ඔටුනු පලදන සේම, මුළු ලෝකයම මවකගේ ආයාචනය( කැමැත්ත)සමග රජකම් කරන බව අපට උගන්වා ඇති එම ඇදහිල්ල කිසි විටකත් අසාර්ථක වි නැත.

👆මේ සියළුම ප්‍රකාශ හරහා අපිට මරිය තුමියට ස්වර්ගයේ රැජින කියලා ආමන්ත්‍රණය කරන්න සාධාරණ අයිතියක්‌ වගේම වගකීමකුත් තියෙනවා.

මේ මුකුත් ඕනේ නෑ... මරිය තුමිය ෆවුස්තිනා කන්‍යාසොහොයුරියට දර්ශනය වෙච්ච අවස්ථාවේ "මා ස්වර්ගයේ රාජිනිය පමණක් නොව, දේව දයාවේ ද මාතාව " කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශෙන් ව්‍යංගාර්ථයෙන් එතුමිය ස්වර්ගයේත් රැජින කියලා නෙමේද කියන්නේ. 😏

" ඔබ විශ්වාසයෙන් පුරවන්න, අපට සිටින මව දෙවියන් වහන්සේගේ මාතාවයි.අතිමහත් භාග්‍යවත් කන්‍යාවයි,ස්වර්ග රාජ්‍යයේ හා මිහිතලයේ රැජිනයි."
ශු. හොසේමරියා එස්ක්‍රිවා.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more

සමලිංගික ප්‍රජාවට හිරිහැර කළ තියෝඩෝසියස් අධිරාජ්‍යයාට ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාගෙන් ලැබුණු දඬුවම

🌑 කවුද මේ තියෝඩෝසියස් අධිරාජ්‍යයා? සමස්ථ රෝම අධිරාජ්‍යයම ( පෙර අපර දෙදිග ) පාලනය කළ අවසාන රෝම අධිරාජ්‍යයා වූයේ පළමුවන තියෝඩෝසියස් අධිරාජ්‍යයා