Lucky charms කිතුනු ඇසින්

Lucky charms කිතුනු ඇසින්
Photo by Dan Farrell / Unsplash

Lucky charms යනු පුද්ගලයන්ට ධන සම්පත්, නීරෝගී  සුවය සහ ආරක්ෂාව ලබා ගැනීම සඳහා නිර්මිත විවිධාකාරයේ සංකේත භාවිත කරමින් නිර්මාණය කරන ලද්දකි. මෙය ගෙල පලදනා, අත් පලදනා ලෙසද නිවස් හි ආරක්ෂාව හා  අලංකරණය සඳහාද බොහෝදෙනා භාවිතා කරනු ලබයි.

සංකේත මගින් යමක් තුළ සම්පීඩනය වන්නා වූ අර්ථය ඉතා ගැඹුරින් විග්‍රහ කරනු ලබයි. නිදසුනක් ලෙස ශු.කුරුසිය ගතහොත් එමගින් ක්‍රිස්තුස් වහන්සේ අපට දැක් වූ අසීමිත ආදරය, ක්‍රිස්තුස් වහන්සේ  දෙවියන් වහන්සේට දැක්වූ කීකරුකම, ආදීයේ දුන් ගැලවීමේ පොරොන්දු ඉටු කිරීම මෙන්ම කිතුණුවන්ගේ ගැලවීම හා බලාපොරොත්තුව සංකේතවත් කරයි. එහෙයින් සංකේත තුළ බලයක් අඩංගුව ඇත. එලෙස ගත් කල යම් වස්තුවකට හෝ පුද්ගලයකුට දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධතාවය මත ඒය ශුද්ධවත් වේ.

උදා :-ශු. බයිබලය,ශු. සභාව, සාන්තුවරයින්.

එනිසා මෙවන් සංකේත භාවිතය මගින් දෙවියන් වහන්සේගේ පැවැත්ම අත්දැකීමට හා උන්වහන්සේ පිළිබද මතකාවර්ජනය(මෙනෙහි කිරීම )කර ගැනීමට හැකියාව ඇත.එහෙයින් එය තුළ වූ දෙවියන් වහන්සේගේ බලය හේතු කොටගෙන දිව්‍ය සංරක්ෂණය හා මග පෙන්වීම ලබාගත හැක. නමුත් ආගමික සංකල්පයන්ගෙන් බැහැර වූ  අනෙකුත් සංකේත බොහෝ විට විශ්වීය බලය ආකර්ෂණය කර ගැනීමට සහ සාතන් හට වන්දනාමාන කරන පුද්ගලයින් භාවිතා කරන සංකේත විය හැක. බොහොමයක් දෙනා මේවායේ අර්ථය ද නොදැන තම අලංකරණය සඳහා භාවිතා කරනු ලබයි. මෙමගින් ඔබ අයහපත් බලවේග ඔබ කරා ඇද ගැනීමට අවශය වටපිටාව සලසා දෙයි. එනිසා මෙවන් පලදනා භාවිතයේදී සැලකිමත්  විය යුතුය.

♦️ Crystals

Crystal හෙවත්  පලිඟු බොහෝ විට නිවෙස් අලංකරණය සඳහා භාවිතා කරන අතර පලදනාවන් සදහාද භාවිතා කරනු ලබයි. මෙහිදී ඔබගේ අරමුණ අලංකරණය සඳහා පමණක් හේතුවෙන්  එහි කිසිදු ගැටලුවක් නොමැත. බයිබලය තුළද පළිඟු භාවිත කළ අවස්ථා ඇත.

නික්මයාම 39:10-13 දක්වා පූජකවරයාගේ වස්ත්‍රය අලංකරණය සඳහා පළිඟු භාවිත කරන්නේ උපදෙස් දී ඇත. නමුත් මෙමගින් පළිඟු තුල කිසිදු හෝ බලයක් ඇති බවට ගම්‍ය වනුයේ නැත.

නමුත් වත්මන් සමාජයේ බොහෝ දෙනා මේවා භාවිතා කරනුයේ එවැන්නක් සඳහා නොව. බොහොමයක් දෙනාගේ විශ්වාසය නම් මෙවන් පලිගු පැළඳීමෙන් විශ්වය තුළ වූ ශක්තීන් තමා වෙතට ඇද ගැනීමට හැකියාවක් ඇති බවත් ;එමගින්  ධන සම්පත් හා නිරෝගී සුවය ළඟා කරගත හැකි බවය. මේවා බොහෝ විට tarot readings, මන්ත්‍ර ගුරුකම් වැනි කටයුතු සඳහා භාවිතා කරනු ලබයි. ඒ හෙයින් මේවා තුළ දෙවියන් වහන්සේ තුළින් ගලා එන්නාවූ ආශිර්වාදය ලබාගත හැකි බව  විශ්වාස කළ නොහැක. මෙය බයිබලානුකූල ඉගැන්වීම් වලටද පටහැනිය.

නමුත් charms හා crystal වැනි දෑ භාවිත කරමින් සුවය ලද පිරිසක් ඇතත් ඊට බලපා ඇත්තේ එම පළිඟු තුළ හෝ පලදාන සතු වූ බලයක්‌ හේතු කොට නොව, ඊට බලපා ඇත්තේ මනෝවිද්‍යාත්මක කරුණක්ය. එම මනෝවිද්‍යාත්මක කරුණු හඳුන්වනුයේ "placebo effect "යනුවෙනි. මෙමගින් සිදුවනුයේ අදාළ පුද්ගලයා මෙවන් දෑ පැළඳීමෙන් තමාට වාසනාව  උදාවන්නේ යැයි සිතීමත් සමඟම ඔහුගේ යටි සිතෙහි (subconsciously) ක්‍රියාවන් හා ආකල්ප කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමය.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්