දහමක් මෙච්චරට අර්ථවත් නම් ඒකට උදාහරණ අවශ්‍යයි
මේ කියන දහම මෙච්චරට වැදගත් නම්,අර්ථවත් නම් අපිට ලෝකේ හැම කොනකින්ම ඒකට උදාහරණ අවශ්‍යයි.
ඔයාලා හැමෝම දන්නවනේ ජේසු කියලා කෙනෙක් නිසා මීට අවුරුදු 2000 කට කලින් දහමක් ලෝකේ පුරාම පැතිරුණා කියලා...
මේ කියන දහම මෙච්චරට වැදගත් නම්,අර්ථවත් නම් අපිට ලෝකේ හැම කොනකින්ම ඒකට උදාහරණ අවශ්‍යයි.උදාහරණ කිව්වට තේරුනේ නෑනේ ඉන්නකො අපි එක මෙහෙම කියමු.
දැන් හිතන්නකෝ ජේසුගේ දහම ප්‍රායෝගිකව ,ජීවමානව ක්‍රියාවට නංවපු මිනිස්සු කවදාවත්ම මේ අවුරුදු දෙදහස් පුරාවටම කොහේවත්ම නැහැ කියලා.
ඊළඟට අපි හිතමුකෝ මෙන්න මේ දහම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවුවේ පලවෙනි සතවර්ෂයේ විතරයි කියලා.එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේක එක කාලෙකට පමණක් වලංගු දහමක් ද කියලා.ඒ වගේම මේක ක්‍රියාවට නැංවුණේ ඊශ්‍රායලයේ විතරයි කියලා එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ දාහම එක ජාතියකට රටකට සංස්කෘතිකට පමණක් සීමා වුණු දහමක් ද කියලා...
එහෙනම් මේ දහම කියන තරම් ශේෂ්ඨ ,උදාර දහමක් වෙන්න බැහැ මොකද පල නෑ. කවුරුත් මේ මාර්ගයේ ගිහිල්ලා නෑ ගියත් එක කාලෙකට එක රටකට ජාතියකට සීමා වෙලා මෙය සාමාන්‍ය ජීවිතය තුළ ක්‍රියාවට නංවන්න පුළුවන් ද කියලා සැකයක් මතුවෙනවා.
නමුත් විශේෂම කාරණය තමයි මේ ජේසුගේ දහම තුළ මේ අවුරුදු 2000 පුරාවටම ලෝකයේ සෑම තැනකම කාලෙන් කාලෙට විවිධ රටවල විවිධ සංස්කෘතීන් වල විවිධ විවිධ ජාතීන්ගෙන් සාන්තුවරුන් එහෙමත් නැත්නම් මේ කතෝලික දහම ප්‍රායෝගිකව,අව්‍යාජව ක්‍රියාවට නංවපු පුද්ගලයින් ඒ කියන්නේ ජේසු ගමන් ගත්ත මාර්ගයේම ගමන් ගන්නට උත්සාහ දරපු පුද්ගලයින් ඕන තරම් ඉන්නවා ඕන තරම් උදාහරණ තියෙනවා....
මේ දහම් හරහා මානව ඉතිහාසයට දැවැන්ත සේවාවන් කරපු ශ්‍රේෂ්ඨ කිතුනුවන් ඕන තරම් ඉන්නවා...
ඒනිසා මේ ජේසුගේ දහම ජයග්‍රහණය කරපු පුද්ගලින්ගේ ජීවිත අපිට ලොකු හයියක් ලොකු ශක්තියක් මොකද එයාලා ක්‍රියාවෙන්ම මේදේ කරල පෙන්නල තියෙනව ඒ නිසයි සාන්තුවර ජීවිත කතා වැදගත් වෙන්නේ.හැම සාන්තුවරයෙක්ම ගොඩක් දුක් විඳලා තියෙනවා.ජේසුගේ දුක් ප්‍රාප්තිය ඔවුනුත් හැකි උපරිමයෙන් භාරගත්තා...ඒ පිළිබඳව පළවෙනි ලිපිය කියවන්න...
නමුත් සාන්තුවරුන් එකිනෙකට වෙනස් ඔවුන් කරපු සේවාවන් එකිනෙකට වෙනස් කෙනෙක් අසරණයින් වෙනුවෙන් උදව් කළා. තවත් කෙනෙක් පව්කරුවන්ගේ සිත් හරවන්න වෙහෙස වුණා.තව කෙනෙක් ලෝකෙ පුරාම ගිහිල්ලා දේශනා කර, තවත් කෙනෙක් කාමරයක් ඇතුලේ ඉඳන් යාඥා කරලම ජීවිත වෙනස් කරා.. ලෝකෙට අවශ්‍ය නෑ එක වගේ සාන්තුවරු දෙන්නෙක් උදාහරණයක් විදිහට ලෝකෙට Mother Teresa ලා දෙන්නෙක් අවශ්‍ය නෑ , අසීසියේ ෆ්‍රැන්සිස් ල දෙන්නෙක් අවශ්‍ය නෑ.තව වෙනස් කෙනෙක් බිහි වෙන්නයි ඕනේ වෙනත් සේවාවකින්.ඒ කියන්නේ සෑම සන්තූවරයෙක්ම සුවිශේෂී..නමුත් ඔවුන් හැමෝටම තිබ්බ අරමුණ එකයි ස්වර්ගීය සිහිනය...
සාන්තුවර චරිත අධ්‍යනය කිරීම, සන්තුරුන්ගේ චිත්‍රපට/පොත් වැදගත් වෙයි කියන්නේ ඇයි කියලා ඔයා දන්නවද?සාන්තුවරුන් සිය දෙනෙක් ගත්තොත් ස්වර්ගයට ගිහිල්ලා තියෙන ක්‍රම 100ක් ඒ නිසා ස්වර්ගෙට යන්න නම් ඊට කලින් ස්වර්ගීය ගියපු විදිය ගැන දැනගෙන ඉන්න ඕන...
වෙන වෙන අයව ආදර්ශ කරගන්න වෙලාවේ සන්තුවරුන්ව පරමාදර්ශී චරිත කරගත්තොත් ඒක මොනතරම් වටීවිද...
ඊලග කාරනය තමයි කතෝලික සභාව තුළ සාන්තුවරයන්ට වන්දනා කරන්නේ නැහැ.උතුම්ම වන්දනාව දෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. ඉන්පසු උපරිම ගෞරවයක් ලබා දෙනවා දෙවියන් වහන්සේගේ මාර්ගය ක්‍රියාවට නංවපු සාන්තුවරයන්ට..
අනිත් කාරනේ තමයි කතෝලික සභාව නෙමේ සාන්තුවරයන් බිහිකරන්නේ මොකද සභාවට බෑ භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා වගේ සාන්තුවරු නිෂ්පාදනය කරන්න.කතෝලික සභාව කරන්නේ සමස්ත මිනිසුන් අතරින් සාන්තුවරුන්ව හදුනා ගැනීම පමණයි.
මිනිසෙක්ව සන්තූවරයෙක් කරන්නේ දෙවියන් වහන්සේ සහ ඒ මිනිසා විසින්ම තමාගේම උපරිම කැපවීමෙන්,පරිත්‍යාගයෙන්....
සටහන ~ තීක්ශණ අනුහස්