අල්තාරය හැම දේශනාවටම සුදුසුයිද?

අල්තාරය හැම දේශනාවටම සුදුසුයිද?
Photo by Joshua Davis / Unsplash

මේ දිනවල සමාජ මාධ්‍යවල පළවු ගරුතර ස්වාමීන් වහන්සේ නමක් අල්‍තාරය මත හිඳ දේශනා කිරීම සම්බන්ධයෙන් කතෝලික සභා නීතිය හා සම්ප්‍රදායේ ස්ථාවරය සම්බන්ධවයි.
කතෝලික වන්දනාව තුළ අල්තාරයේ ශුද්ධත්වය:

සභා නීතිය:

1235 §1 අනුව අල්තාරය යනු දිව්‍ය සත්ප්‍රසාදීය පරිත්‍යාගයට කැප කරන ලද මේසයයි. අල්තාරය යනු ක්‍රිස්තුන් වහන්සේ විසින් ඔවුන්වහන්සේව සහ දිව්‍ය පූජාවේ පරිත්‍යාගී ඔප්පු කිරීම සංකේතවත් වන, කතෝලික වන්දනාවේ කේන්ද්‍රස්ථානයයි. එම නිසා අල්තාරය, ජනවන්දනාවේ ශුද්ධවු පිළිවෙත්වලට සෘජුවම සම්බන්ධ වේ.

932 §1 මඟින් තවදුරටත් දිව්‍ය සත්ප්‍රසාදීය වන්දනාව, ශුද්ධවූ ස්ථානයක කැපකරන ලද අල්තාරයක් මත පැවැත්වීම අනිවාර්‍යය කර ඇත. මෙමඟින් අල්තාරයේ වැදගත්කම මනාව පෙන්වා දී ඇත.

කතෝලික සභා ධර්මෝපදේශය (CCC):

කසධ 1182 ට අනුව අල්තාරය යනු දේවස්ථානයක් තුළ ඇදහිලිවන්තයන්ගේ අවධානය ස්වභාවිකවම යොමුවන කේන්ද්‍රස්ථානයයි. මෙම ධර්මෝපදේශය තවදුරටත් අපට පෙන්වා දෙන්නේ අල්තාරය යනු පාස්කු බිළි පඬුර ඔප්පු වූ ස්ථානය බවත්, ලෞකික දෑ එහි සිදු නොවිය යුත්තක් බවයි.

කසධ 1383 තවදුරටත් විස්තර කරන්නේ අල්තාරය යනු ක්‍රිස්තුන් වහන්සේ සහ නව ගිවිසුමේ පරිත්‍යාගය බවත්, මෙය හුදෙක් මේසයක් නොව සභාවේ ජනවන්දනා පිළිවෙත් සිදුවිය යුතු ශුද්ධවූ ස්ථානයක් බවය.

කතෝලික - නොවන දේශනා හෝ කතාවන් අල්තාරයේ පැවැත්වීමේ නුසුදුසුභාවය :

කතෝලික නොවන අයෙකුට, මේ සිද්ධියට අනුව බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් අල්තාරය මේසයේ සිට දේශනා කිරීම, මෙම ශුද්ධස්ථානයට ලබා දෙන ගෞරවයේ දරුණු කඩා වැටීමක් බවට පත් වී ඇත. මෙම අල්තාරය, ක්‍රිස්තියානි ජීවිතයේ මූලය සහ මුදුන් මල්කඩ වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වන්දනා කිරීමට වෙන් කර ඇත (කසධ1324). එමනිසා අල්තාරය කතෝලික නොවන දේශනා සහ දේශපාලන කතා වැනි ජනවන්දනාවෙන් බැහැර දෑ සඳහා යොදාගැනීම එහි ශුද්ධත්වය සහ සභාවේ ජනවන්දනා සම්මතයන් සමඟ ගැටීමක් ඇති කරයි.

මඩු සිද්ධස්ථානයේ සිද්ධියේ අදාලත්වය:

ගිය වසරේ මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයෙන් පසු මෙරට ජනපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා, එහි අල්තාරය අභියස සිට කතා පැවැත්වීම සමඟ ඉහත සිද්ධිය පටලා සමහර කතෝලිකයන් සාධාරණීකරණයන් කිරීම ඉතාම කණගාටුදායක වේ. එමෙන්ම අල්තාරය ඕනෑම ආකාරයේ දේශපාලන කතා හෝ අන්තර් ආගමික සංවාදයන් සඳහා තැනක් නොවේ. මෙවැනි ක්‍රියාවන් අල්තාරයේ ශුද්ධත්වය කෙලසීමක් මෙන්ම, ඇදහිලිවන්තයන් තුළ ඇති ශුද්ධස්ථාන නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව ඇති අවබෝධය අවුල් කිරීමක් බවට පත්ව ඇත.

මෙම නිසා වෙනත් තර්ක අනවශ්‍ය වන අතර අල්තාරයට දිය යුතු ගෞරවය කතෝලිකයන් වශයෙන් දිය යුතුවේ. එම ගෞරවය අන්‍යාගම්වලට ගැරහීමක් නොවන අතර සංහිඳියාව කියා අපගේ ශුද්ධස්ථාන අවභාවිතා කිරීම හෙලා දැකිය යුතුයි. සංහිඳියාව වැරදි පැත්තෙන් අල්ලාගැනීම සිදු නොකළ යුතුයි. කොටින්ම සංහිඳියාව කියා දළදා වහන්සේ ඉදිරිපිටට ගොස් කතෝලිකයන් ගීතිකා ගායනා කරනවා වැනි ක්‍රියාවක් මේ කර ඇත්තේ. එමනිසා සංහිඳියාව ක්‍රියා කරවීමට මෙවැනි මුග්ධ ක්‍රියාවන්වල නොයෙදී, විවිධ ආගම්වල ඇදහිලිවන්තයන්ට තම පාඩුවේ ඔවුන්ගේ ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව ලබා දීම ප්‍රමාණවත් වේ. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ගරු ස්වාමීන් වහන්සේ අත කිසිඳු වරදක් ඇති බව මට නොපෙනේ.

ඒත් මෙම ක්‍රියාවට අනුබල දුන්, වසර ගණනාවක් දෙව්සත්හලේ කතෝලික දහම හොඳින් ප්‍රගුණ කර, සභා නීතිය හොඳින්ම දැනගත යුතු පියතුමන්ලා මෙම වැරැද්දේ වගකීම භාරගත යුතුමයි. මීට පෙරද එතුමන්ලා මෙවැනි අඳබාල ක්‍රියාවන් සිදුකර තිබෙන බව කතෝලිකයන් වශයෙන් අපි හොඳින් දන්නා කරුණකි. ඔවුන් දෙදෙනාට මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදු කරන්නට ඉඩ දෙන්නේ ඇයි දැයි නිමල මරිය නිකායෙන් විමසිය යුතුමයි.

උපුටාගැනීම Defende Fidem - ඇදහිල්ල සුරකින පිටුවෙන්

Read more

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්