දෙවියන් වහන්සේ දෙන තීන්දු අසාධාරණ ද?

දෙවියන් වහන්සේ දෙන තීන්දු අසාධාරණ ද?
Photo by Touann Gatouillat Vergos / Unsplash

එක්තරා රටක විශාල ධන සම්භාරයක් හිමි රජෙකු ජීවත් වුණා. මෙතුමාට කෙතරම් ධන සම්භාරයක් තිබුනත් තමාගේ රාජ්‍ය අනාගතය භාර දෙන්න පුත්‍රයෙක් ඉඳියේ නෑ. ඒත් ටික කාලයක් ගත උනයින් පස්සේ මේ රජතුමාට එක පුත්‍රයෙක් වෙනුවට දෙන්නෙක්ම හම්බෙනවා. ඒ දෙන්නම නිවුන් සහෝදරයො දෙන්නෙක්. ඉතින් රජතුමා මේ දෙන්නව ඉතාමත්ම ආදරයෙන් හා ලෙන්ගතුවෙන් යුතුව ඇති දැඩි කරනවා. මේ නිවුන් සහෝදරයන් දෙන්නා අතරිනුත් බාල සොහොයුරා තරුණ වියට එළඹෙනවත් එක්කම තමන්ගේ සතුට සදහා රාජ්‍යයෙන් පිටත්වෙලා මඳක් විනෝදකාමි දිවියක් ගත කරන්න ආස කරනවා. වැඩිමල් සහෝදරයාටත් රාජ්‍යයෙන් පිටත් වෙන්න වුවමනා වෙනවා, ඒත් ඒ එයාගෙ සතුට වෙනුවෙන් නම් නෙමෙයි. තමන්ගේ රාජ්‍යය වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය ගැන හිතලා.

කෙසේ වෙතත් රජතුමා මේ දෙන්නටම පිටත් වෙන්න අවස්ථාව උදාකරලා දෙනවා. ඒත් රජතුමා බාලපුත්‍රයාට අවවාද කරනවා තමන්ගේ සතුට ගැන හිතන්නෙ නැතුව තමන්ගේ වැඩිමල් සහෝදරයා වගේ රාජ්‍යය ජනතාවගේ සතුට ගැනත් හොයා බලලා එන්න කියලා. බාල පුතත් මේ අදහසට එකඟ වෙනවා. රජතුමා මේ දෙන්නටම තවත් අවවාදයක් දෙනවා. ඒ තමයි රාජ්‍යයේන් පිට කොයිතරම් දුරක ඉදියත් රජතුමාත් එක්ක ලියුම් හරහා දිගටම සම්බන්ධතාවය පවත්වාගන්න කියලා. දෙන්නම මේ අදහසටත් එකග වූනයින් පස්සේ දෙන්නම රාජ්‍යයෙන් පිටත් වෙනවා. වැඩිමහල් පුත්‍රයා නම් රජතුමා කිව්වා වගේම ජනතාවගේ ශුභ සිද්ධිය ගැන හොයලා බැලුවා වගේම දිගටම රජතුමාත් එක්ක ලියුම් මාර්ගයෙන් සම්බන්ධතාවයත් පවත්ව ගත්තා. ඒත් බාල පුතා රජතුමාගේ කොන්දේසිවලට එකඟ වුණේ නෑ. බාල පුතාගේ ක්‍රියා කලාපය ගැන දැනගත්තු සතුරු රාජ්‍යයක රජතුමෙක් බාල පුතාව එයාගේ පැත්තට නම්මගන්න උත්සාහ කරනවා. තාත්තත් එක්ක මොනමවත් සම්බන්ධතාවයක් දැන් නැහැයි කියලා දැනගත්ත සතුරු රාජ්‍යයේ රජතුමා බාල පුතාව එයාගේ රාජ්‍යයට ගෙන්නගෙන හැම විෂමාචාරී ක්‍රියාවකටම පොළඹ ගත්තා. පුතත් මේ දේවල් වල තියෙන සතුටට වහල් වුණා.

පස්සේ මෙයා හැම රාජ්‍යකම රජතුමෙක්ට වගේම රාජ්‍ය වැසියන්ටත් විශාල කරදරයක් වුණා. මොකද ඒගොල්ලන්ගේ නගරවල හැම තැනම මේ පුතා බේබද්දෙක් වගේ යනවා වගේම ඒකට විරුද්ධව කවුරුහරි හඬනැගුවොත් ඒ පුද්ගලයාව ඝාතනය කරනව. කාන්තාවන්ට හිරිහැරත් කරනවා. සමහර මිනිස්සුන් කිසිම හේතුවක් නැතුව මරලත් දානවා. අන්තිමේදී මේ දේවල් ගැන දැනගත්තු බාල පුතාගේ තාත්තා වෙච්ච රජතුමා තමන්ගේ හිතවත් සේවකයෝ හරහා බාල පුතාගේ මේ විෂමාචාරී ක්‍රියා නවත්වන්න යැව්වා. ඒ හිතවත් සේවකයෝ කියන දේ මේ පුත්‍රය ඇහුවෙ නෑ. තාත්තා දිගටම ඔහොම සේවකය වන්න පටන් ගත්තම ඒ එවන සේවකයන්ව මරලත් දැම්මා.

පස්සේ බැරිම තැන රජතුමා වැඩිමල් සහෝදරයාව පිටත් කර හරිනවා. එතකොට මේ බාල පුතා තමන්ගේ සහෝදරයා කියලවත් බැලුවේ නැහැ එයාවත් මරල දැම්මා. ඒත් තාත්තා කොච්චර ඉවසුවාද කියනවනම් අන්තිමේදී තාත්තම පිටත් වෙන්න සැලසුම් කරා. තාත්තා එනවයි කියලා දැනගත්තු බාල පුතා විරුද්ධ රාජ්‍යයේ රජතුමාත් එක්ක තමන්ගේම තාත්තට විරුද්ධව යුද්ධයක් සැලසුම් කරා. ඒත් අන්තිමේදී මේ යුද්ධේන් දින්නේ තාත්තා.

අන්තිමේදී පුත්‍රයාව සිරභාරයට ගත්තා. නඩු තීන්දු දෙන අවස්ථාවට පුත්‍රයාව සිය මැදිරියේ ඉඳලා සෙබළු දෙන්නෙක් අරන් ආවා. පුත්‍රය අන්තිම මොහොතේ තමන් කරපු වරද ගැන සමාව ඉල්ලන පාටකුත් පෙන්නේ නම් නෑ.තාත්ත සමාව දෙන්න හරි අඩුම ගානේ අවස්ථාවක් දෙන්න හරි කැමති වුණත් එතුමට ඒ දේ කරගන්න විදිහක්වත් නැහැ. මොකද බාල පුතා ගැන රජතුමා හිතන වෙලාවේ මිනිස්සු පුතාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරා. එක අම්මා කෙනෙක් නැගිටලා කියන්න ගත්තා" මේ තැනැත්තා තමයි මගේ අසරණ පුතා මරල දැම්මේ "කියලා. තව තාත්තා කෙනෙක් නැගිටලා කියන්න ගත්තා " මේ මනුස්සයා තමයි මගේ දුවට කරදර කරලා එයාගේ ජීවිතේ විනාශ කරලා දැම්මේ " කියලා. රජතුමා රජෙක් වශයෙන් සහ තාත්තා කෙනෙක් වශයෙන් මේ වෙලාවේ හුඟක් අසරණ වෙලා ඉන්නේ. ඒත් රජතුමා වශයෙන් එතුමට යුක්තිය ඉටු කිරීමේ වැදගත් කාර්යභාරයක් පැවරිලා තියෙන නිසා තමන්ගේ පුතා වුනත් උපරිම වශයෙන් දඩුවම් පැනෙව්වා.

මේ කතාවේ එන බලසම්පන්න රජතුමා තමයි දෙවියන් වහන්සේ. නිවුන් පුත්‍රයාගෙන් වැඩිමල් පුත්‍රයා තමයි ක්‍රිස්තුස් වහන්සේ. බාලපුත්‍රයාගේ චරිතය නිරූපණය කරන්නේ පාපී ක්‍රියාවන් කරන අපි වගේ තැනැත්තන්. දෙවියන් වහන්සේ කොන්දේසියක් මත අපිව විවිධ කාර්යයන් සඳහා පිටත් කර යැව්වත් අපි ඒ කොන්දේසිය අමතක කරලා අපිට හිතෙන විදිහට සතුට හොයාගෙන යන්න උත්සාහ කරනවා. අපේ තීරණ ගන්නේ අපි ගැන හිතලා විතරමයි. අනුන් ගැන හිතලා නෙමෙයි. අවසානෙදි අපේ සිතුවිල්ල වැරදි එකක් බව දැනගන්න සාතන් හෙවත් විරුද්ධ රාජ්‍යයේ රජතුමා අපිට හරිම ආදරණීය ආරාධනාවක් හරහා එයා වැටිච්ච ආගාධයට අපිටත් ආරාධනා කරනවා.

සතුට තියෙන්නේ එතැන කියලා අපි හුඟක් අය හිතනවා. අන්තිමේදී එයාගේ වචන වලට රැවටිලා අපි අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙනවා. ඒ දෙවියන් වහන්සේ කොච්චර කරුණාවන්තද කියනවනම් මේ රජතුමා විවිධ සේවකයෝ සහ තමාගේම වැඩිමල් පුත්‍රයවත් යැව්වා වගේ උන්වහන්සේත් දිවැසිවරුන් වගේ පුද්ගලයන්වත් තමාගේ පුත්‍රයාවත් අපි වෙනුවෙන් එවල තියෙනව. ඒක අපි ඒ කිසිම දෙයක් ගණනකට ගන්නේ නැතුව දේව ආදරයට පිටුපානවා.

අන්තිමේදී මිය ගියායින් පස්සේ උන්වහන්සේගෙන් සමාව ඉල්ලුවාට වැඩක් තියෙනවද? එතකොට අනිත් මිනිස්සුන්ට වෙච්ච අසාධාරණය පූර්ණය කරන්නේ කොහොමද? එක්කෝ මේ ලෝකෙ ජීවත් වෙද්දි අපි ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න ඕනේ. එහෙමත් නැත්නම් අපිට ශුද්ධගිනිස්ථානයේදී කෙටි කාලීන දුක් විඳීමක් හරහා හෝ ගැලවීම වුනත් ලැබෙන්න පුළුවන්. ඒත් දරුණු පාපයක් කරලා මනස්ථාපයක්‌ වත් නැතතම්.දෙවියන් වහන්සේ අවසාන මොහොතේදී අපට දඬුවම් කරනකොට උන්වහන්සේ අසාධාරණ වෙන්නේ කොහොමද?

ඒක නිසා තාත්තත් එක්ක සම්බන්ධතාවය නැති කරගන්න එපා. ඒක තමයි හැම වැටීමකටම මුල වෙන හේතුව.

දෙවියන් වහන්සේ සර්ව සාධාරණයි.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more