මිය යමින් පවතින නව අදේවවාදය

මිය යමින් පවතින නව අදේවවාදය
Photo by Marcos Paulo Prado / Unsplash

නව සහශ්‍රයත් සමඟ ආරම්භ වූ අදේවවාදයේ මීලඟ රැල්ල "නව අදේවවාදය" ලෙස හැදින්වූ අතර එහි පුරෝගාමීන් සෑම් හැරිස්, රිචර්ඩ් ඩෝව්කින්ස්, ඩැනියෙල් ඩැනට් සහ ක්‍රිස්ටෝපර් හිට්චන්ස් විය. මොවුන් නව අදේවවාදයේ ප්‍රධාන අසරුවන් 4 දෙනා ලෙස හදුන්වන අතර මීට අමතරව අයාන් අලී නව අදේවවාදයේ ප්‍රධාන කාන්තා අසරුවා විදියට නම් කළ හැක.

ආරම්භයේදී විශාල ජනප්‍රසාදයක් සමඟ ආරම්භ වූ මෙම ව්‍යාපාරය එහි උච්චතම අවධියේදී මිලියන ගණනක් අනුගාමිකයන් සිටි ලෝක ප්‍රකට බලවේගයක් විය. නව අදේවවාදයේ ප්‍රධාන ග්‍රන්ථයන් ලෙස සැලකෙන රිචර්ඩ් ඩෝකින්ස් විසින් රචිත The God Delusion ග්‍රන්ථය මිලියන තුනකට අධික පිටපත් ප්‍රමාණයක් අලෙවි වූවාක් මෙන්ම සෑම් හැරිස් විසින් රචිත The End of Faith ග්‍රන්ථය තවත් මිලියන ගණනකින් අලෙවි වීම මොවුන්ගේ ප්‍රසිද්ධිය කොතරම්ද යන්න මනාව විදහා පායි.

නමුත් වරක් ඔවුන් දරා සිටි ප්‍රසිද්ධිය වර්තමානය වන විට ගිලිහී ගොස් ඇති බව සැබෑවකි. වරක් නව අදේවවාදයේ කාන්තා අසරුවා වූ අයාන් අලී පසුගිය වසරේදී අදේවවාදය අතහැර ක්‍රිස්තුස් වහන්සේ පසුපස යෑම ආරම්භ කළේ නව අදේවවාදයෙන් ලෝකයට සංස්කෘතික හා බුද්ධිමය වශයෙන් කළ විනාශය ලොවට එළිදරව් කරමින් ය. ඊට පෙරත් අදේවවාදී ඩේවිඩ් විල්සන්, PZ Myers වැනි නව අදේවවාදී ව්‍යාපාරයේ ප්‍රසිද්ධ චරිත එහි අවසානය අනුමානය කර තිබූ අතර ඇතැම් අය නව අදේවවාදී ලේබලයෙන් ගැලවී සාමාන්‍ය අදේවවාදියෙක් ලෙස තමාව හදුනාගන්නද යොමු වූයේ ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල මෙයින් නොලැබුනු නිසාවෙනි.

නව අදේවවාදයේ සීග්‍ර ප්‍රගමනයට හේතුව කුමක්ද?

කිතු දහමින් පෝශනය වී තිබූ බටහිර ගමන් කරමින් තිබුනේ පස්චාත් ක්‍රිස්තියානි යුගයක් කරාය. ජේසුස් වහන්සේගේ නම නොඇසූ, ක්‍රිස්තියානිය පිළිබඳ කෙටි දැනුමක් වත් නොතිබූ පිරිසක් බටහිර සිටියේ ඉතාමත් අල්ප වශයෙනි. එතරම් කිතු දහම බටහිර සංස්කෘතිය සමඟ කා වැදී තිබුනි. මේ හේතුවෙන්ම නව පරම්පරා පවුලෙන් පවුලට පැමිණි දෑවැද්දක් ලෙස ක්‍රිස්තියානිය උරුමකරගත්තාක් මිසක් අවබෝධයයෙන් අධ්‍යනයෙන් කිතු දහම අනුගමනය කළ පිරිස කෙමෙන් අඩු විය. නව අදේවවාදයේ ව්‍යාප්තිය සිදුවූයේද මේ රික්තකය තුළය. එය පෝශනයට සරිලන පසක් කාලයත් සමඟ නිර්මාණය විය. පූජකවරුන්ගේ නොමනා දූශිත ක්‍රියා මොවුන්ට ඉන්ධන විය. ඒවාද ආයුධ විදියට භාවිතා කරමින් නව අදේවවාදී පිරිස බටහිර නිසි අවබෝධයක් නොමැති පාරම්පරික කිතුනුවන්ට නව මාර්ඟයක් එළි කිරීමට උත්සහා කළහ. ඔවුන් නව අදේවවාදය මාකට් කරේ මෙතෙක් කල් මිනිසුන්ට වින කළ ආගමික සංස්ථාවෙන් නිදහස ලබා දෙන තාර්කික, මානවහිතවාදී, විද්‍යාත්මක අදහසක් මාලාවක් ලෙසයි. අලුතෙන් අයිසින් කර ආ පරණ කේක් ගෙඩිය බොහෝ බටහිර ප්‍රජාව ආදරයෙන් වැලඳ ගත්තේය.

ඇයි මේ නව අදේවවාදය වලපල්ලට යන්න හේතුව

නව අදේවවාදයේ අවසානයට ප්‍රධානතම හේතුව වූයේ, එහි පදනම ම ඉතාමත් දුර්වල එකක් වීමයි. එනම් නව අදේවවාදයෙන්, කලින් නොතිබි ආගම හා විද්‍යාව අතර ඝට්ටනයක් ඇති කිරීමට උත්සාහ කිරීම, ආගමික සියලු දෙනා අතාර්කික කොට්ඨාසයක් ලෙස නිරූපණය කිරීමට උත්සාහ කිරීම, ආගම් සියල්ලම එකම මට්ටමකට ලා සැලකීම ආදීය ප්‍රධාන උදාහරණ දැක්විය හැක. නව අදේවවාදය, අදේවවාදයට එහා යන්නෙකි. බොහෝ අදේවවාදීන් වචනෙන් තමන් විවෘත මනසකින් ඉන්නවා යන්න පැවසුවට බොහෝ දෙනා ආගමත් සමඟ වෛරයකින් හෝ තරහමුසු ආකල්පයෙන් සිටියි. අදේවවාදී ඇලෙක්ස් ඕ කෝනර් පවසන පරිදි අදේවවාදී යූටියුබ් නාලාවකින් කල විමසා බැලීමකට අනුව දෙවි කෙනෙක් සිටියත් ඔවුන් නොවදිනවාද යන්න ඇසූ ප්‍රශ්නයකදී එයට එකඟව ප්‍රතිචාර දැක්වූ වැඩි පිරිසක් එම විමසා බැලීමේ හිද ඇත. මෙයින් පෙනී යන්නෙ නව අදේවවාදය තුළ අදේවවාදයට එහා ගිය අතාර්කික දේව විරෝධතාවක් ඇති බව යන්නයි.

ආගම හා විද්‍යාව අතර ඇති කළ ඝට්ටනය ගත් විට බොහෝ අදේවවාදීන් පමණක් නොව ආගමිකයන්ද තවමත් අඳුරු යුගය, ක්‍රිස්තියානි ආගමික සංස්ථා මඟින් විද්‍යාවට විරුද්ධව මර්ධනය කිරීම් කළාය, විද්‍යාඥයන්ව මැරුවාය යන්න ආදී මිත්‍යා අදහස් වල එල්බ සිටී. මෙවැනි සාවද්‍ය අදහස් ජනගත වීමට ද නව අදේවවාදී ව්‍යාපාරය ප්‍රධාන ප්‍රවාහයක් විය. මේවා මූලික කරමින් නිර්මාණය වූ නව අදේවවාදය තුළ සිටි, සත්‍ය සෙවීමේ ගවේශනයේ මදක් එහි ගිමන් හැරි පිරිස මෙවැනි සාවද්‍ය ප්‍රකාශ දුටු විගස ඒ ගැන තිබූ විශ්වාසය පළුදු විය. නිවැරදි මූලාශ්‍ර අධ්‍යනය කළ පිරිසට දැනගන්නට ලැබුනේ වර්තමානයේ කියන්නට උත්සහා කරන ආකාරයේ අඳුරු යුගයක් අතීතයේ තිබුනාද යන්නවත් ඉතිහාසඥයන් පිළිනොගන්නා බවයි. ඔවුන් දැරී අදහසට විරුද්ධව, මධ්‍යතන යුගයේ විද්‍යාවේ ප්‍රගමනයට දායක වූයේ කතෝලික සභාවත්, කොටින්ම ගැලීලියෝ වැනි ප්‍රකට විද්‍යාඥයන්ට ගිය පර්‍යේශන පිරිවැය පවා දැරුවේ කතෝලික සභාව යන්න බොහෝ දෙනා දැන ගත්තේය.

අගොස්තීනු, තෝමස් ඇක්වයිනස්, ඇන්සලම් මෙන්ම අනෙකුත් මධ්‍යතන යුගයේ මෙන්ම නූතන ක්‍රිස්තියානි දාර්ශනිකයන්, විද්‍යාඥයන් හා බුද්ධිමතුන් දැකීමත් ඔවුන් තම තර්කන හැකියා මොට නොකර ගනිමින් කිතු තුමන් පසු පස යන ආකාරයද නව අදේවවාදයේ අනුගාමිකයන්ට දිස් විය. ඊට විරුද්ධව, ප්‍රසිද්ධ Internet Meme එකක් පවා වන Reddit Atheist ආදී ඒවා පවා නිර්මාණයට පණ දුන් නව අදේවවාදයේ ඥාණපරිත්‍යාගීන් බදු එහි උච්චතම ප්‍රේක්ශකයන්ගේ ඉතාමත් අතාර්කික බොළඳ ක්‍රියා කළාප, එහි සිටි සත්‍ය සෙවීමේ අරමුණෙන් පැමිණි පිරිසගේ සිත් කැළඹිය. මෙවැනි ආකාරයෙන් නව අදේවවාදය ආරම්භයේදී ගොඩ නැගි සිහින මාලිඟා කෙමෙන් කෙමෙන් වියැකී ගියේය. ආගමිකයන්ට වඩා අතාර්කික කොටසක් නව අදේවවාදය තුළ බිහිවිය. ආගම හා විද්‍යාව අතර නොව නව අදේවවාදය හා මානව ඉතිහාසය අතර ගැටීමක් විය.

නව අදේවවාදයෙන් උන සංස්කෘතික හානිය

මුලදි මතක් කරාක් මෙන් නව අදේවවාදී රැල්ල හේතුවෙන් බටහිර ක්‍රිස්තියානි නව පරම්පරාවෙම් බොහෝ පිරිසක් ආගමෙන් ඈත් විය. මෙයින් වාසි ගත් තෙවන පාර්ශවයක් විය. එනම් ඉස්ලාමයයි. ක්‍රිස්තියානි බහුතර රටවල ඇති භාශනයේ නිදහසද ප්‍රයෝජනයට ගෙන, අදේවවාදීන් ක්‍රිස්තියානියට එල්ල කළ තර්ක තමන්ට සරිලන ලෙස සකස් කරගත් ඉස්ලාම් ජනතාව බොරදියේ මාලු බාන්නාක් මෙන් ආගමිකව අනාථව සිටි ක්‍රිස්තියානීන්ව තමන්ගේ දිශාවට හරවා ගත්තේය. මන්ද මුස්ලිම් බහුතරයක් සහිත ඉස්ලාම් රාජ්‍යන්ට මෙම අලුත් වෙනසෙන් බලපෑමක් නොවීය. මන්ද ඔවුන් බලපෑම් කරන්න පුලුවන් ආකාරයේ පරිසරයක් නිර්මාණයට ඉඩ තැබුවේ නැත. ඉස්ලාම් රාජ්‍යක ඉස්ලාමය අතහැර යෑම හෝ ඉස්ලාමය විවේචනය කළහොත් සිදුවෙන දේ අලුතෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. බටහිර රටවල සිටින ඉස්ලාම් විවේචකයන්ටද මරණ තර්ජන හිමි වීම ඉතාමත් සාමාන්‍ය.

කාලයත් සමඟ නව අදේවවාදී රැල්ලේ නායකයන්ටද තමන් කළ දේ බරපතල කම කෙමෙන් වැටහීමට පත් විය. රිචර්ඩ් ඩෝව්කින්ස්ගේ මවුබිම වූ බ්‍රිතාන්‍ය වර්තමානය වන විට ඉතාමත් සීග්‍ර ඉස්ලාමීකරණයට ලක් වෙමින් ඇත. මෙයට මොහුගේ දායකයක් ඇත්ද නැද්ද යන්න අලුතෙන් සෙවීමට අවශ්‍ය නැත. මෙයින් බියට පත්වූ ඩෝකින්ස් මෑතකදී තමන් "සංකෘතිකමය කිතුනුවෙකු" ලෙස හදුනාගනිමින් පවසා සිටියේ සීග්‍ර ඉස්ලාමීකරණකට ලක්ව ඇති බ්‍රිතාන්‍ය තුළ ඉස්ලාමයට වඩා සෑම අවස්ථාවකදිම ඔහු ක්‍රිස්තියානියට කැමැත්ත දක්වන බවයි. පසුගිය වසරේ අදේවවාදය අතහැර කිතු දහම වැළඳගත් අයාන් අලී පවසා සිටියේ ඔවුන් සිහින දුටු ක්‍රිස්තියානිය නොමැති තාර්කික ලෝකයට වඩා විරුද්ධ අතාර්කික පරිසරයක් වර්තමානයේ ක්‍රිස්තියානිය නොමැති බටහිර විශ්වවිද්‍යාල වල නිර්මාණය වී ඇති බවයි. වර්තමානයේ බටහිර ඇති ප්‍රධාන ප්‍රශ්න බලන්න. කාන්තාවක් පිරිමියෙක් යන්න වෙන් කරගන්න බැරි මට්ටමට ඔවුන් පැමිණ ඇත. ට්‍රාන්ස්ජෙන්ඩර් නමින් මානසික ව්‍යාධි සාමාන්‍යකරණය වී ඇත, ළමුන් වැඩිවිට පත් වීම නැවැත්වීමට ඖෂධ ගන්නා යුගයක් පැමිණ ඇත, නිදහසේ නාමයෙන් මව්වරුන් තම කුසේ ඉන්න දරුවන් මරා දමන කාලයක් පැමිණ ඇත. පවුල් සංස්ථාව සම්පූර්ණයෙන් බිද වැටී ඇත.

ඉතින් නව අදේවවාදය මැරිලා ඉවරද?

ඇතැම් අදේවවාදීන්ට අනුව ඇය දැනටම අන්තිම හුස්ම හෙලා අවසන් ය. නමුත් මගේ කියවීම අනුව ඇය තවමත් සිටින්නේ පරාජය නියත ජීවිතයත් මරනයත් අතර සටනේ ය.

Read more

සමලිංගික ප්‍රජාවට හිරිහැර කළ තියෝඩෝසියස් අධිරාජ්‍යයාට ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාගෙන් ලැබුණු දඬුවම

🌑 කවුද මේ තියෝඩෝසියස් අධිරාජ්‍යයා? සමස්ථ රෝම අධිරාජ්‍යයම ( පෙර අපර දෙදිග ) පාලනය කළ අවසාන රෝම අධිරාජ්‍යයා වූයේ පළමුවන තියෝඩෝසියස් අධිරාජ්‍යයා