ලොයොලා හි ශු. ඉග්නාෂියුස් තුමා

ලොයොලා හි ශු. ඉග්නාෂියුස් තුමා
Photo by Kirill Mikhaylyuk / Unsplash

ජේසු නිකායේ (Society of Jesus) නිර්මාතෘ වන්නේ, ලොයොලා හි ශු. ඉග්නාෂියුස් තුමා ය.

ජේසුස් වහන්සේගේ සොල්දාදුවෙක් වන්නට පෙර, ඔහු හමුදා සොල්දාදුවෙක් විය. 1521 මැයි 20 දී පම්ප්ලෝනා සටනේ දී, ඔහු බරපතළ ලෙස තුවාල විණ. ශල්‍යකර්ම කිහිපයක් ඔහුට කරන්නට සිදුවිණ. අවසානයේ දී ඔහුගේ පාදයේ (වමි) කොටසක් ඉවත් කරන්නට (amputated) විණ.

ඔහුගේ ශරීරිය යහපත් පැත්තට හැරෙන කාලයේ දී, ජේසුස් වහන්සේගේ ජිවිතය සහා සාන්තුවරයන්ගේ ජිවිත සම්බන්ධයෙන් පොත් කියවන්නට පටන් ගත්තේය. ප්‍රධාන වශයෙන් ම ඔහුගේ ජිවිතය ට බලපෑවේ ජේසුස් වහන්සේගේ ජිවිතයයි

ඒ නිශ්චිත මොහොත ඔහුගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරිණ. තම සිත ක්‍රමක්‍රමයෙන් හැරෙන්නට පටන් ගත්තේ ඊට පසුවයි.. ඒ නිසා ම ජේසුස් වහන්සේගේ සොල්දාදුවෙක් බවට පත්වන්නට ඔහු තුළ ආසාවක් ඇතිවිණ..

ඔහු ක්‍රමක්‍රමයෙන් ජේසුස් වහන්සේගේ සොල්දාදුවෙක් වන විට, ඔහු ජේසුගේ ආදරයේ ගින්දර තව තවත් අත්දකින්නට ඇති. ඒ ආදරයේ ගින්දර මුළු ආත්මයට දැනුන නිසා තමයි සෑම දෙයක් ම දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා කරන්නට ඔහු උනන්දු වුණේ..

ශු. ඉග්නාෂියුස් මංගල්‍යය වන අද දින, ඔහුගෙන් ඉගෙන ගන්නට හැකි මොනවාදැයි අපි බලමු.. ඔහුගේ ජීවිත කතාව ගැන අද කියවන්නට උනන්දු වෙමු.. ඔහුගේ ජිවිතයෙන් අවම වශයෙන් එක් දෙයක් හෝ ඉගෙන ගන්නට උත්සාහ කරමු .

තවද, ඔහුගේ ආදර්ශ පාඨය ම අපෙත් ආදර්ශ පාඨය කරගන්නට උනන්දු වෙමු

Ad maiorem Dei gloriam
ශු. ඉග්නාෂියුස් තුමෙනි, ජේසුස් වහන්සේගේ ධෛර්යමත් සොල්දාදුවන් වන්නට අපට සහාය වුව මැනව..

උපුටාගැනීමකි, මුල් අයිතිය කතෘ සහිතය

Read more

කැටලෝනියාව හා බැදුන ශු. ජෝර්ජ් පුරාවෘත්තය

පුරාවෘත්තයට අනුව, බොහෝ කලකට පෙර, ලිබියාවේ සිලේන් නම් නගරයක්, එහි වැව් තෙර ජීවත් වූ භයංකර මකරෙකුගේ ග්‍රහණයට නතුව පැවතිණ. මේ මකරා නගරයට ජලය ලබා ගැනීම අවහි

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ