"රූපවන්දනාව" නැමැති මහා මිත්‍යාවක අවසානය!

"රූපවන්දනාව" නැමැති මහා මිත්‍යාවක අවසානය!
Photo by Francesco Alberti / Unsplash
6 ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තො‍් ය.      

( ජෝශුවා 7:6 )

11 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ.15 ලෙවීවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් භාණ්ඩ දමා තිබුණු කරඬුව ද ගෙන, මහ ගල මත තැබූහ. බෙත්-ෂෙමෙෂ් වැසියෝ ඒ දවසේ දී සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කොට, පඬුරු ද පිදුවෝය.      

( 1 සාමුවෙල් 6:11-15 )

8 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ''ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ''යි වදාළ සේක.9 එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.        

(ගණන් කතාව 21:8-9 )

6 ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, ''ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ''යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.              

( ජෝශුවා 3:6 )

18 කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය.19 එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය.22 මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.''            

( නික්මයාම 25:18-22 )

17 දොරකඩට ඉහළින් ද ඇතුළු මාලිගාව දක්වා ද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තිය ද මැන්නේ ය.18 එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.19 එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය.      

( එසකියෙල් 41:17-19 )

15 ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.            

(කොලොස්සි 1:15)


සහිත පෙරේරා
සතුට යනු කතෝලිකයකු වීමයි!

Read more

කැටලෝනියාව හා බැදුන ශු. ජෝර්ජ් පුරාවෘත්තය

පුරාවෘත්තයට අනුව, බොහෝ කලකට පෙර, ලිබියාවේ සිලේන් නම් නගරයක්, එහි වැව් තෙර ජීවත් වූ භයංකර මකරෙකුගේ ග්‍රහණයට නතුව පැවතිණ. මේ මකරා නගරයට ජලය ලබා ගැනීම අවහි

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ