හැමෝම කතාවෙන ශුද්ධ වූ ද්වාර(Holy Doors) යනු මොනවාද?

මැල්කම් කාදිනල් තුමන් ශා. ලුසියා ආසන දෙව්මැදුරේ ශු. ද්වාරය විවර කිරීම📸 : Roshan Pradeep

ශුද්ධ වූ ද්වාරයක් යනු ජුබිලි වර්ෂයක් තුළ වන්දනාමාන‍යට පාත්‍ර වෙන, සුවිශේෂී වැදගත්කමක් ඇති ආසන දෙව්මැදුරක, බැසිලිකාවක හෝ වෙනත් ප්‍රාදේශීය දේවස්ථානයක පිහිටි විශේෂ ද්වාරයකි. සාමාන්‍යයෙන් සෑම වසර 25 කට වරක් ජුබිලි වර්ෂය සමරනු ලබන නමුත්, ශුද්ධෝත්තම පිඅයතුමන්ට වෙනත් විශේෂ අවස්ථාවලදී වුවද ජුබිලි වර්ෂයක් ප්‍රකාශයට පත් කළ හැකිය. උදාහරණයක් ලෙස, ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමා 1983 වර්ෂයේදීත්, ෆ්‍රැන්සිස් පාප්තුමා දයාවේ ජුබිලි වර්ෂය වෙනුවෙනුත් ජුබිලි වර්ෂ ප්‍රකාශයට පත් කරන ලදී. ජුබිලි වර්ෂයක් තුළ ශුද්ධ වූ ද්වාරය හරහා ගමන් කිරීම මගින් ජුබිලි පූර්ණඵල(Indulgence) ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

පූර්ණඵල ලබාගැනීමට නම්, ශුද්ධ වූ ද්වාරය හරහා යාමට පෙර යහපත් පාපොච්චාරණයක් කර, පාපයෙන් තොර ජීවිතයක් ගතකර, පාප්තුමන්ගේ අදහස් වෙනුවෙන් යාච්ඤා කර තිබිය යුතුය(ස්වර්ගයේ වැඩ සිටින/නමෝ මරිය/ත්‍රිත්ව ස්තෝත්‍රය).

ශුද්ධ වූ ද්වාර පිහිටා ඇත්තේ කොහේද?

වඩාත් ප්‍රමුඛතම ශුද්ධ වූ ද්වාරය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පිහිටා ඇත. මෙම ද්වාරය ජුබිලි වර්ෂයක් දක්වා ගඩොල් හා බදාම යොදා මුද්‍රා තබා තිබීම ප්‍රසිද්ධ කරුණකි. කෙසේ වෙතත්, රෝමයේ පිහිටි අනෙකුත් පාප්තුමාට අයත් ප්‍රධාන බැසිලිකා තුනෙහිද (ශාන්ත ජුවාම් ලැටරන්, ශාන්ත මරියා මේජර් සහ පවුරෙන් පිට ශාන්ත පාවුළු බැසිලිකාව) ශුද්ධ වූ ද්වාර පිහිටා ඇති අතර, ශුද්ධ වූ දේශයේ බැසිලිකාද සම්ප්‍රදායිකව ජුබිලි දේවස්ථාන ලෙස නම් කර ඇත. ලෝකයේ සෙසු ප්‍රදේශවල, රදගුරු පදවියේ ආසන දෙව්මැදුර හෝ ප්‍රාදේශීය රදගුරුතුමා විසින් ශුද්ධ වූ ද්වාරයක් විවෘත කිරීමට තීරණය කරන වෙනත් ඕනෑම ස්ථානයක් ජුබිලි දේවස්ථාන ලෙස සැලකේ.

2025 ජුබිලි වර්ශය වෙනුවෙන් ලංකාවේ ඇති ශුද්ධ වූ ද්වාර:

කොළඹ පදවිය

කොටහේන - ශා. ලුසියා ආසන දෙව්මැදුර
රාගම - තේවත්ත බැසිලිකාව
කොළඹ - ශ. අන්තෝනි සිද්ධස්ථානය(කොච්චිකඩේ)
කඳාන - ශා. සෙබස්තියන් සිද්ධස්ථානය
ඉඳිගොල්ල - ශා. ජූඩ් සිද්ධස්ථානය
කටුවපිටිය - ශා. සෙබස්තියන් දේවස්ථානය
කළුතර - සිරි කුරුස දේවස්ථානය
මොරටුව - ශා. සෙබස්තියන් දේවස්ථානය

බදුල්ල පදවිය

බදුල්ල - ශා. මරියා ආසන දෙව්මැදුර
බන්ඩාරවෙල - අන්තෝනි සිද්ධස්ථානය
මොණරාගල - ශා. අන්තෝනි දේවස්ථානය
උල්හිටිය - අන්තෝනි දේවස්ථානය
Glananore - ලූර්දු දූවස්ථානය

යාපනය පදවිය

පල්ලිකරනායි - බිලුඳු ජේසු දේවථානය

රත්නපුර පදවිය

රත්නපුර - පේදුරු පාවුළු ආසන දෙව්මැදුර

කුරුණෑගල පදවිය

පොල්ගහඅගාර - නිර්මල ආරෝග්‍ය දේවමාතා දේවස්ථානය

හලාවත පදවිය

බෝලවත්ත - පරලෝක රාජේශ්වරියගේ දේවස්ථානය

මන්නාරම පදවිය

මන්නාරම - සාන්ත සෙබස්තියන් දේවථානය

මහනුරවර පදවිය

නුවර එලිය - ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය

ගාල්ලෙ පදවිය

ගාල්ල - සාන්ත මරියා ආසන දෙව්මැදුර

මඩකලපුව පදවිය

පුලියන්තුව් - සාන්ත මරියා ආසන දෙව්මැදුර

ත්‍රිකුණාමලය පදවිය

ත්‍රිකුණාමලය - සාන්ත මරියා ආසන දෙව්මැදුර

මීට අමතරව අනෙක් පදවි වලත් ආසන දෙව් මැදුරු හා විශේෂ දේවස්ථානවල ශුද්ධ වූ ද්වාර නම්කර ඇත.

ශුද්ධ වූ ද්වාරය හරහා ගමන් කිරීම තුළින්, අප දෙවියන් වහන්සේගේ දයාව සහ සමාව පතන අතර, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ඇති අපේක්ෂාව ප්‍රකාශ කරමු. එය පාපයෙන් මිදී දෙවියන් වහන්සේ වෙතට සමීප වීමටත්, උන්වහන්සේගේ කරුණාව ලබා ගැනීමටත් අපට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. ජුබිලි වර්ෂය යනු සමස්ත කතෝලික සභාවටම විශේෂිත වූ කාල පරිච්ඡේදයක් වන අතර, මෙම ශුද්ධ වූ ද්වාර හරහා ගමන් කිරීම තුළින් අපගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගැනීමට අපට අවස්ථාව උදා වේ.

Read more

ශු. හොසේමරියා තුමන්ගෙන් තම චරිතය වර්ධනයට ඔවදන්

ශු. හොසේමරියා එස්ක්‍රිවා තුමන් විසින් රචිත "The Way" ග්‍රන්ථයේ Character යන පරිච්ඡේදයේ සිංහල පරිවතනයකි පෙරවදන මෙම උපදෙස් සෙමෙන් කියවන්න. මොහොතක් නැවතී

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

මෙය 2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ Spes Non Confundit(බලාපොරොත්තුව අපව අත්නොහරියි) යන ලේඛනයේ සිංහල පරිවර්තනයක් වන අතර නිළ නොවන පරිවර්තනයක්