Halloween හි ඉතිහාසය
Halloween යනු යුරෝපිය රටවල් හි ඉතා ප්‍රචලිත උත්සවකි. නමුත් බොහෝ දෙනා මෙම උත්සවය හා සබැදිව ඇති කතෝලික සම්ප්රදාය නොදනී. ප්‍රථම කොට ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 යන දිනයන් ත්‍රිත්වය වෙන්කර ඇත්තේ මළා වූ ආත්මයන් සඳහා ය. නොවැම්බර් 1 වන දින සභාව විසින් සාන්තුවරයට ඔසවා ඇති සහ එලෙස ඔසවා නොමැති නමුත් මේ වනවිට ස්වර්ග රාජයෙහි වෙසෙනා සියලු සාන්තුවරයන් සඳහාද නොවැම්බර් 2 වන දින මතුවේදී සාන්තුවරයන් බවට පත්වන නමුත් මේ වන විට ශුද්ධගිනිස්ථානයෙහි වෙසෙනා ආත්මයන් සිහිපත් කරනු ලබයි.මෙම දින ත්‍රිත්වය Allhallowtide ලෙස හදුන්වයි.
මෙලෙස ඔක්තෝම්බර් 31 දී Halloween සමරනු ලබයි.Halloween යන වචනය බිදී එන්නෙ hallow's e'en යන වචනයෙනි hallow යන වචනෙහි අර්ථය holy(ශුද්ධ වූ)යන අර්ථය වන අතර e'en යන්නෙන් අර්ථවත් කරනුයේ eve( evening- සන්ධ්‍යාව) යන්නයි. කතෝලික සම්ප්රදාය පරිදි සෑම විශේෂ මංගල්‍ය යෙදෙන පෙර දින සන්ද්‍යා යාමය අදාළ මංගල්‍ය සදහා කැප කරනු ලබයි. එලෙසම සියළු සාන්තුවරුන්ගේ දිනට පෙර දින එනම් නොවැම්බර් 1 වන දිනට පෙර දින ( ඔක්තෝම්බර් 31) සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යයට පෙර සූදානම් වන්නා වූ සන්ධ්‍යාව වශයෙන් ගණන් ගනු ලැබේ.
නමුත් මීට පෙර සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය සමරා ඇත්තේ මැයි 13 වනදාය. ඊට හේතුව නම් pantheon( පැන්තෙයෝන්)යන ස්ථානයයි. මෙය ක්‍රි.පු 25-27 කාලයේදී නිර්මාණය කිරීමට ආරම්භ කර ඇති අතර මෙහි නිමවීම අවසන් වූයේ ක්‍රි.ව 125 දීය. මේය රෝමයෙහි නිමවන ලද ගොඩනැගිල්ලකි. මේ නිමවා ඇත්තේ ලෝකයෙහි වෙසෙන්නා වූ සියලු දෙවිවරුන්ට වන්දනාමාන කිරීමටය. නමුත් පසු කාලීනව රෝමය හා එහි අධිරාජ්‍යයා කිතුනු දහම වැළඳගත් පසු මිථ්‍යා ඇදහිලි මත පදනම් වූ මෙම ගොඩනැගිල්ල වන්දනාමාන කිරීම සිදු නොකෙරුණි. එනිසා අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි pope boniface ( බොනිෆස් පාප් වහන්සේ ) විසින් මෙම ගොඩනැගිල්ල ආශිර්වාද කර, සියලු අනිවින හා කොඩිවිනයන් පලවා හැර මෙය බැසිලිකාවක් බවට පරිවර්තනය කරන ලදී.පසුව මෙය Basilica of St. Mary and the Martyrs නමින් නම් කරන ලදී.
මෙම ගොඩනැගිල්ල පාප්වහන්සේ විසින් ආශීර්වාද කරන ලද්දේ මැයි 13 වන දින හෙයින් එදිනට සියළුම සාන්තුවරුන් මෙනෙහි කිරීමට යොදා ගන්නා ලදී.පසුව ක්‍රි.ව 835 දී 3 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් ජේසුස් වහන්සේගේ අපෝස්තුලුවරුන්ගේ ශ්‍රී ධාතුන් තැන්පත් කිරීම මත පදනම්ව සියලු සාන්තුවරුන්ගේ මංගල්‍යය නොවැම්බර් 1 වෙනිදාට වෙනස් කර ඇත.පසුව ක්‍රි.ව 1000 දී පමණ සියළුම මාලාවූ ආත්මයන් සිහි කිරීම සදහා නොවැම්බර් 2 දින යොදා ගත් ලෙස සලකනු ලබයි.එනිසා halloween යනු කතෝලික මූලාරම්භයක් ඇති දිනයකි.
අවාසනාවට Halloween දිනය කතෝලික මුහුණුවරින් බැහැරව ඇත්තේ සාතන්වාදීන් හා අනෙකුත් ආගම්වාදීන් විසින් සමරන samhain උත්සවය හේතු කොටය. මෙම උත්සවය පවත්වන ලද්දේ කතෝලික දහම වැළඳ ගැනීමට පෙර මිථ්‍යා දෙවිවරුන් හා යක්ෂයා ඇදහීමට පෙළඹී සිටි අයර්ලන්තය, ස්කොට්ලන්තය හා එංගලන්තයේ උතුරු ප්‍රදේශය යි. මෙම උත්සවය පවත්වනු ලබන්නේ ගිම්හාන ඍතුව අවසානයේ හා ශීත ඍතුව ආරම්භයේදීය.
ඔවුන්ගේ විශ්වාසය නම් ඔක්තෝම්බර් 31 වන දින තවත් මානයක තිබෙන්නා වූ ලෝකයක සහ අප ලෝකය අතර තිබෙන්නා වූ සීමා මායිම මෙම දිනයේ දී ඉතාමත්ම සිහින් වන බැවින් මෙම ආත්මයන් අප ලෝකයට ඇතුල් වන බවය.එනිසා එම ආත්මයන් සැනසීම අරමුණු කොට ගෙන නිවස ඉදිරිපිට ගිනිමැලවල් ගසන අතර එමගින් තම නිවසට ආත්මයන් ඇතුළු වීම වැළැක්වෙනවා යැයි ඔවුන් සිතන අතර බිය උපදවන්නා වූ රූපයන්, ප්රතිමාවන් හා නිර්මාණයන් නිවස ඇතුළත සහ පිටත තැබීමෙන් නිවසට එම ආත්මයන්ගෙන් කිසිදු හානියක් නොවන බවද ඇතැමුන් එම ආත්මයන් තමන් හට හානිකරනු ඇතැයි සිතා ආත්මයන් හා යක්ෂයන් සුරූපැති ඇති වස්ත්‍රයන් පැළදගනු ලබයි. එනිසා මේ වන විට කිතුනුවන් විසින් සමරන මෙම දිනය විශාල ලෙස පරිහානියට ලක්ව ඇත.
එනමුදු ශු. පැට්රික් මුනිතුමා අයර්ලන්තයට පිවිසීමත් සමඟ හා මිෂනාරිවරුන් එංගලන්තය ඇතුළු අනෙකුත් රටවල් වලට පිවිසීම හරහා කතෝලික ධර්මය ප්‍රචාරය වූ අතර එනිසා මෙවැනි කිසිදු පල ප්‍රයෝජනයක් නොමැති උත්සවයන් සැමරීම කෙමෙන් කෙමෙන් පිරිහී ගියේය.
විශේෂයෙන්ම මෙම කතෝලික උත්සවය මූලධර්මවාදීන් විසින් ප්‍රතික්ෂේප කිරීමට හේතුවනම් කතෝලික විරෝධී මූලධර්මවාදියෙකු වන Jack chick විසින් 1980 ගණන්වලදී halloween සම්බන්ධව සාවද්‍ය කටකතා පතුරුවීමයි. Halloween යනු සාතන්ගේ උපන්දිනය ලෙස හඳුන්වන ලද්දේ ද මොහු විසිනි. තවත් හේතුවක් නම් මෙදින කිතුනුවන් විසින් පිළිම වන්දනාව කරනවා යැයි සිතීම හා මෙම ආත්මයන් සිහිපත් කිරීමේ දිනය බැබිලෝනියානු ආකෘතියෙහි මලා වූ ආත්මයන්ට වන්දනා කිරීමේ සම්ප්රදාය හරහා බිහි වූවක් සේ සැලකීමයි. නමුත් කිතුනු අප මෙහිදී අයදිනුයේ දෙවියන් වහන්සේගේ කරුණාව මත එම ආත්මයන්ගේ ගැලවීමයි.
නමුත් මෙම දිනය බිහිවීම සම්බන්දව සමහර කතෝලික සම්ප්රදායන්ද නැතුවාම නොවේ. මෙම දිනදී තම වෙස් ආත්මයක් ලෙස වෙනස් කර ගැනීමේ ක්‍රමයට හේතු පාදක වී ඇත්තේ ප්‍රංශයේ බිහි වූ සංකල්පයක් මත බව සැලකේ.එය නම් සෑම halloween දිනකම දේවස්ථානයේ භූමදානය කරන ලද ආත්මයක් අවදි වන හෙයින් අනෙකුත් මිනිසුන් මෙහි කොටස්කරුවන් වීමට මළසිරුරු මෙන් වෙස් ගන්නා බවය.
එමෙන්ම ගෙයින් ගෙට ගොස් රස කැවිලි එකතු කිරීමද වර්තමානයේ සිදුවනවාට වඩා වෙනස් ආකාරයකින් සිදුව ඇත. මෙය හදුන්වනු ලබන්නේ trick or treat ලෙසය. මෙය බිහි වී ඇත්තේ souling යන ක්‍රමවේදය හරහාය.එය නම් චාරිත්‍රානුකූලව ගෙයින් ගෙට ගොස් soul cakes එකතු කරන අතර එලෙස එකතු කරනා නිවෙස් වල වෙසෙන්නා වූ පුද්ගලයන්ට හා ඒ පවුලේ මියගිය තැනැත්තන්ට කෘත්‍යතාවය පුද කිරීමක් ලෙස යාච්ඤා කිරීමයි.
එමෙන්ම fr. Gabriel amorth පවසන පරිදි ආත්මයන් සමඟ සම්බන්ධ වීමේ අරමුණක් නොමැතිව ආත්මයන් සේ කුඩා දරුවන් වස්ත්‍ර පැළඳීම එතරම් ගැටළුවක් නොවන බවයි.
නමුත් මෙවන් භීතිය, ප්රචණ්ඩත්වය පළවන ආකාරයේ වස්ත්‍ර තම කුඩා දරුවන්ට ඇන්දවීම හා යක්ෂයා පිළිබිඹු වන පරිදි සියලු ආකාරයේ ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් කුඩා දරුවන්ගේ සිත් තුළ අඳුරු ආත්මයන් කෙරෙහි අනවශ්‍ය වූ කුතුහලයක් හා ආශාවක් බිහිවිය හැක. එමෙන්ම මේ වන විට මෙම උත්සවය කතෝලිකයන් පවා මිථ්‍යා උත්සවයන් පවත්වන ආකාරයෙන් සැමරීම හේතු කොට ගෙන මොවුන් නොදැනුවත්ව හෝ සාන්තුවරුන් නිග්‍රහයට පත් කරමින් යක්ෂයා ප්‍රචලිත කරනු ලබයි. මෙම දිනය හා සබැඳිව යක්ෂ වන්දනා ක්‍රම ද පෙරදී බිහි වී ඇති බැවින් halloween දිනය යක්ෂයා බලවත් වන්නා වූ දවසක් ලෙස සැලකේ.ඇමරිකානු වාර්තා පවසන පරිදි මෙම රාත්‍රියෙදී සියළුම මන්ත්‍ර ගුරුකම් සිදු කරන්නන් එක් රැස්ව එරට පාලකයා උදෙසා යක්ෂ බන්ධන, අණ වින, කොඩි වින යනාදී විවිධාකාර අයහපත් වත් පිළිවෙත් සිදු කරන බවයි. එහෙයිනුයි රට පාලකයන් උදෙසා යාඥා අවැසි බව පවසනුයේ.
2014 දී සියලු භූතවාදීන් (Exocist) එකතුව රෝමයේදී හමුවක් පැවැත්වූ අතර ඊට 300 කට අධික පූජකවරුන් පිරිසක් සහභාගී වන ලදී. මෙහිදී මොවුන් විසින් මේ වන විට ලෝකයේහි සිදුවන්නා වූ සිදුවීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඔවුන් විසින් halloween දිනය යක්ෂයා බලවත් වන්නා වූ දවසක් ලෙස හඳුන්වා ඇති අතර ඊට හේතුව නම් දරුවන් හා වැඩිහිටියන් යක්ෂයාව ප්‍රශංසාවට ලක් කරන බැවින් ය. මෙය අඳුරු ආත්මයන් කැඳවීම් සඳහා ආරාධනාවක් වන බවද පවසා ඇත.
නමුත් මේ වනවිට මෙම තත්ත්වය මදක් යහපත් අතට හැරී ඇත. මේ වන විට සුළුතරයක් හෝ halloween සැරසිලි කිතුණු සංකේතයන් නිරූපණය වන පරිදි නිර්මාණය කර ඇති අතර තම දරුවන් සාන්තුවරුන් ලෙස අන්දවනු ලබයි.
Halloween යනු තම දරුවන්ට සාන්තුවර බැතිය පිළිබඳව දැනුමක් ලබාදීමට හා එය ප්‍රායෝගිකව අත්හදා බැලීමට හැකි ශුද්ධ වූ සභාව විසින්ම නිර්මිත සුවිශේෂ වූ දිනයකි. එනිසා මෙම දිනයන්හිදී දරුවන් හට යක්ෂයා පිළිබඳව කුතුහලයක් ආශාවක් ඇති කිරීම වෙනුවට සාන්තුවරුන් පිළිබඳව කුතුහලයක් හා ආශාවක් උපදවන ආකාරයේ ක්‍රියාකාරකම්වල යොදවමූ.
උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්