ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ

ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ
Photo by Grant Whitty / Unsplash

✝️ කතෝලික සභාව විසින් "ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ" හට මෙතරම් උතුම් වු වන්දනාවක් සහ නමස්කාරයක් ලබාදෙන්නේ ඇයි?🙏

1:👉පුරාණ ගිවිසුම තුළ දේව  වන්දනාවේ කේන්ද්‍රස්ථානය වුයේ ජෙරුසලම් දේව මාළිගයයි.නමුත් උන්වහන්සේ තමන්ගේ ශරීරය නැමැති "දේව මාළිගය" නැමැති දේව මාළිගය පිළිබදව ප්‍රකාශ කළ නිසා

📕19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ''මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි''යි වදාළ සේක.
📕21 එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය.
(  ජොහන් 2 : 19, 21 )

2:👉පුරාණ ගිවිසුම තුළ දේව වන්දනාවේ කේන්ද්‍රස්ථානය හිමිවුයේ යාග පුජාවන් සදහාය. නමුත් උන්වහන්සේ තමන්ගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රි රුධිරය එකම "යාගයක්" කොට ඔප්පු කළ නිසා.

📕22 ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, ''ගන්න, මේ මාගේ ශරීරය ය''යි වදාළ සේක.
📕23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.
📕24 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ.
( මාක් 14 : 22- 24 )

3:👉 දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු මුල් කිතුනු සභාවේ"විශ්වාසයේ" ප්‍රධානම සළකුණ වු නිසා.

📕46 තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද කල්ගත කළහ.
( ක්‍රියා 2 : 46)

4:👉උන්වහන්සේ "සිහිකිරීම" සදහා උන්වහන්සේ විසින්ම ස්ථාපිත කරන ලද එකම යාගය එයම පමණක් වන නිසා.

📕19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ''ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ''යි වදාළ සේක.
( ශුද්ධවර ලූක් 22 : 19)

5:👉ජේසුස් වහන්සේ විසින්ම වදාල පරිදි"නව ගිවිසුම" යනු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේම වන නිසා

📕20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ''මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
( ශුද්ධවර ලූක් 22 : 20)

6:👉එය අපෝස්තුළුවරුන් විසින් පවත්වාගෙන ආ "ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය" වන නිසා.

📕23 මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන,
📕24 ස්තුති කොට, කඩා: ''මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක.
(1 කොරින්ති 11 : 23, 24)

7:👉එය සභා "ඒකත්වය" ප්‍රකාශ වන ප්‍රධානම සංකේතයක් වන නිසා

📕17 රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.
(1 කොරින්ති 10 : 17)

8:👉ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු උත්ථාන වු ක්‍රිස්තුස් වහන්සේ හදුනාගැනීමේ සහ අත් දැකීමේ   "ජීවමාන සළකුණ" වන නිසා

📕30 තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.
📕31 එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක.
( ලූක් 24 : 30, 31 )

9:👉ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු "නව පාස්කු මංගල්‍ය "වන නිසා

📕8 එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.
( 1 කොරින්ති 5 : 8 )

10:👉ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය අනුභව කිරීමෙන් සහ ශ්‍රී රුධිරය පානය කිරීමෙන් අපට "සදාතන ජීවනය" හිමි වන නිසා

📕54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.
( ජොහන් 6 : 54 )

සතුට යනු කතෝලිකයකු වීමයි!

  • සාහිත පෙරේරා

Read more

ශු. හොසේමරියා තුමන්ගෙන් තම චරිතය වර්ධනයට ඔවදන්

ශු. හොසේමරියා එස්ක්‍රිවා තුමන් විසින් රචිත "The Way" ග්‍රන්ථයේ Character යන පරිච්ඡේදයේ සිංහල පරිවතනයකි පෙරවදන මෙම උපදෙස් සෙමෙන් කියවන්න. මොහොතක් නැවතී