දේව දයාවේ මල්දම

සවස 3.00 ට කරන යැදුම

ජේසු සමිදාණනි, ඔබ වහන්සේ උකුත් වූ සේක. එනමුදු ජීවනයේ උල්පත ආත්මයන් වෙත ගලායමින් ඔබ වහන්සේගේ කරුණා සාගරය මුළු ලෝකයටම විවෘත කළ සේක. ජීවනයේ උල්පතෙනි. ඔබ වහන්සේගේ අපිරිමිත කරුණාවෙන් මුළු ලෝකය වැළඳගෙන ඔබව අප වෙත හිස් කළ මැනව.

කරුණාවේ උල්පත වන ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වෑහුණු රුධිරය සහ ජලයෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි. ( 3 වරක්)

ලොකු ඇටයට - එක පරමණ්ඩලයක්
පොඩි ඇට තුනටම - එක නමෝ මරියක්
ලොකු ඇටයට - විශ්වාස ලක්ෂණය

පරමණ්ඩල ආරාධනාව

ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි. ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි ඉටුවේවා ! අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. ආමෙන්.

නමෝ මරියනි

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි. ස්වාමීන් ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.

සාන්ත මරියනී, දේව මෑණියනී, පාපි වු අප උදෙසා දැනුත් අපේ මරණ වේලේහිදිත් යාච්ඤා කළ මැනව. ආමෙන්.

විශ්වාස ලක්ෂණය

අහස පොළොව මැවූ සර්ව බලධාරී පිතාවන දෙවියන් කෙරෙහිද, ඔහුගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ ජේසුස් වහන්සේ කෙරෙහි ද විශ්වාස කරමි. මොහු ස්ප්‍රීතු සාන්තු විසින් ගැබ වැස කන්‍ය මරිය තුමියගෙන් උපන්නාහ. පොන්සියුස් පිලාත් හට යටහත්ව වද විඳ කුරුසියේ ඇණගැසුම් කා උකුත් වී තැන්පත් කරනු ලද්දාහ. පාතාල වලට බැස තුන්වනදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා පරමණ්ඩල වලට නැගී, සර්ව වල්ලභ වූ දෙවි පියාණන්ගේ දකුණු පාර්ශවයෙහි වැඩ සිටින්නාහ. එහි සිට ජීවතුන්ටත් මළවුන්ටත් නඩු වදාරන්නට වඩිත්මය. ස්ප්‍රිත සාන්තු කෙරෙහිද සාධාරණ සාන්ත සභාවෙහි ද සාන්තුවරයන්ගේ සමෝස ධර්ම ලාභයෙහි ද පාප ක්ෂමාවෙහි ද මාංශ උත්ථානයෙහි ද අනන්ත ජීවිතයෙහි ද විශ්වාස කරමි. ආමෙන් ජේසු.

සෑම පන්තියකටම පෙර ලොකු ඇට වලට

සදාකාලික පියාණනි, ඔබ වහන්සේගේ අති ප්‍රේමණිය පුත්‍රයාණන් ද අපගේ ස්වාමීන් ද ගැලවුම් කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය ද ආත්මය හා දෙවි කය ද,

පිළිතුර : අපගේ හා මුළු ලෝකයාගේ පාප වලට වන්දි වශයෙන් ඔබ වහන්සේට මම (අපි) ඔප්පු කරමි (කරමු)

සෑම පන්තියකම කුඩා ඇට වලට

ජේසු තුමන්ගේ අතිකඨුර වු දුක් ප්‍රාප්තිය මගින්

පිළිතුර : අපටත් මුළු ලෝකයාටත් දයාවුව මැනව.

මල්දම අවසානයේදී

ශුද්ධ වූ දෙවියන් වහන්ස, ශුද්ධ වූ සර්ව බලධාරීන් වහන්ස, ශුද්ධ වූ අමරණියාණන් වහන්ස,
( 3 වරක් )

පිළිතුර: අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව.

අවසන් යැදුම

සදාතන දෙවිඳුනි, කිසිදින නොසිඳෙන දයානුකම්පාවේ නිධානය වන අනන්ත කරුණාබර වූ ස්වාමීනි. අප දෙස දයාවෙන් බලා. ඔබ වහන්සේගේ කරුණාව අප තුළ වැඩි වර්ධනය කළ මැනව. අපගේ කරදර හා කම්කටොළුවලදී කළකිරීමට හා අධෛර්‌ය වීමට ඉඩ නුදුන මැනව. මහත් බලාපොරොත්තුවකින් යුතුව ආදරය හා කරුණාව වන ඔබ වහන්සේගේ ශුද්ධ වූ කැමැත්තට අපි භාර වෙමු. ආමෙන්.

ශුද්ධවූ පවුස්තිනා සොයුරියගේ ප්‍රශංසාව

දේව ප්‍රේමය පුෂ්පයයි - දයාව ඵලයයි

• දේව දයාව පිළිබඳව සැක ඇත්තෝ

මෙම කරුණු කියවා විශ්වාස කරත්වා

• පියාණන් තුළින් ගලා එන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨතම ලක්ෂණ වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• විශ්මිත අභිරහස වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ශුද්ධ වූ ත්‍රිත්වය තුළින් ගලා බසින විශ්මිත අභිරහස වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• මානුෂික හෝ දේව දූතික වූ කිසිඳු ප්‍රඥාවකට වටහා ගත නොහැකි දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• සදාතන ජීවය ද, සතුට ද ගලා බසින්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ස්වර්ගයට වඩා යහපත් වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ප්‍රාතිහාර්ය හා ආශ්චර්යයන්ගේ උල්පත වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• මුළු විශ්වයම වැළඳ ගන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• මාංශගත වූ වචනය තෙම තුළ මෙලොවට වැඩම කළා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයේ විවෘත තුවාලය තුළින් ගලා බසින්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• අපවද විශේෂ කොට පව්කරුවන්ව ද ජේසු තුමන්ගේ දිව්‍ය හෘදය තුළ සඟවා ගත්තා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• දිව්‍ය හෘදය තුළ අප හොවා ගැනීමේ නිමාවක් නොමැති දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ශුද්ධ වූ සභාව ස්ථාපිත කිරීම තුළ වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ප්‍රසාද ස්නාපනය නමැති සක්‍රමේන්තුව තුළ වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ජේසු තුමන් තුළින් අප සාධාරණීකරණය කරන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• අපගේ මුළු ජීවිතය තුළම අප සමඟ සිටින්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• අපගේ මරණ මොහොතේදී අප වැළඳ ගන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• සදාතන ජිවිතය අප හට දානය කරන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• අප ජීවිතයේ සෑම මොහොතකදීම අප සමඟ වන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි,

• නිරා ගින්නෙන් අප ආරක්ෂා කරන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• බරපතල පව්කරුවන්ගේ සිත් හරවන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• සුර දූතයන්ගේ මවිතය ද, ශුද්ධවරයන්ගේ ආකූලය ද වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• දෙවිඳුන්ගේ සියලුම අභිරහස් තුළ තේරුම්ගත නොහැකි වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

‍• සෑම දුක් ශෝකයකින්ම අප මුදන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• අපගේ සතුටත් ආනන්ද යත් වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• ශුන්‍යත්වයෙන් පැවතීමට අප කැඳවන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• තමන් වහන්සේගේ හස්ත වලින් නිම වූ සැම දෙයක්ම වැළඳ ගන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• දෙවිඳුන්ගේ සෑම උතුම් ක්‍රියාවකම කිරුළ වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• අප සැම එහි ගිල්වන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• දුක් ශෝකයෙන් පිරි හදවත් වලට සුව සහනය වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• බලාපොරොත්තු සුන් වූ ආත්මයන්ගේ බලාපොරොත්තු වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• හෘදයන් තුළ සැනසීම ද ත්‍රාසය තුළ සාමයද වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමී.

• නිර්මල ආත්මයන්ගේ ආනන්ද යත් සතුටත් වන දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

• සෑම බලාපොරොත්තුවකටම වඩා ආනුභාව සම්පන්න වූ දෙවිඳුන්ගේ දයාවෙනි.

මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

අසීමිත දයාවෙන් පරිපූර්ණ වු, විපුල කරුණා නිධානය වු සදාතනික දෙවිඳුනි, දුෂ්කර මොහොත වලදී බලාපොරොත්තු සුන්කර නොගෙන, අධෛර්යයට පත් නොවී ප්‍රේමය ද දයාව ද වන ඔබගේ ශුද්ධ වූ කැමැත්තට විශ්වාසීව ද බලාපොරොත්තුවෙන් ද, කැප වීමට අප වෙත ඔබ වහන්සේගේ දයා බැල්ම හෙළා අප තුළ ඔබ වහන්සේගේ දයා කරුණාව වැඩි කර වදාළ මැනව.

අහෝ ! තේරුම්ගත නොහැකි වූද අසීමිත වූද දේව දයාවෙනි, ඔබ වහන්සේට යෝග්‍ය ලෙස ප්‍රශංසාවත් වන්දනාවත් පුද කළ හැක්කේ කවරෙකුටද?

Read more