මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)
Photo by Giammarco Boscaro / Unsplash

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි.දිළිදුන් හා අසරණයන් සූරාකෑමට ලක් වු යුගයක ඊට එරෙහිව ඉදිරිපත් කරන දේව විනිෂ්චය ප්‍රකාශ කරන ලේඛන ලෙස ඒවා සලකනු ලබයි.

👉පුරාණ ගිවිසුමේ පැරණිතම එළිදරව් පාඨ

1: ආමෝස් 5:18-20
2: ජොඑල් 2:30-32
3: යෙසායා 24:1-28,25:1-12,26:1-21,27:1-13
4: දානියෙල් 7 1-14,8,1-27

👉 දානියෙල් 7 වෙනි පරිච්ඡේදය.

එළිදරව් සාහිත්‍ය තුළ මෙම කොටස සංකීර්ණ වුද වැඩි වර්ධනය වුද පරමාදර්ශී නිදසුනක් සපයයි.

👉 7: 1 වගන්තිය:

"බැබිලෝනියේ රජ වූ බෙල්සෙසර්ගේ පළමු අවුරුද්දේ දී" හා ක්‍රි:පු 554 දී පමණ නබුක්සද්නෙසාර් අධිරාජ්‍යයා විසින් බැබිලෝනියට යවන බව මෙහි සදහන් වුවත් බැබිලෝනිය රාජ නාමවලියේ එවැනි රජ කෙනෙකු පිළිබදව වාර්තා වී නොමැත.

👉 7: 2 වගන්තිය:

"ස්වර්ගයෙන් හමා ආ මාරුත සතරක්" මෙහිදී සංකේතාත්මක සංඛ්‍යාවක් වන අංක 4 විශ්වීය සිදුවීමක පුර්ව සළකුණක් වශයෙන් පෙන්වා දිය හැකිය. පොළව සමචතුරස්‍රයක් බවට එවකට තිබු අදහස මේ සදහා පාදක වී ඇති බව එක් අදහසකි. "මහ මුහුද කැළඹීම්" උත්පත්ති 1,2 සමාන්තර බවක් දක්වන මෙම ව්‍යවහාරය ව්‍යාකූලත්වය සංකේතවත් කරයි.එම අදහසට අනුව මුහුදු මකරුන්ගේ හා නපුරු බලවේගයන්ගේ වාසස්ථානය ලෙස සලකණු ලබයි.

👉 7:3 වගන්තිය:

දැවැන්ත මෘගයන් සතර දෙනෙකු පිළිබදව මෙහි සදහන් වන අතර මෙම මෘගයන් සතර දෙනා විස්තර කෙරෙන්නේ ඊශ්‍රායෙලය පාලනය කළ විජාතික අධිරාජ්‍යයන් 4 ක් ලෙසටය.

👉 7:4 වගන්තිය:

"සිංහයකු වැනි රාජාලි පියාපත් ඌට තිබුණේය" මෙය පුරාණ බැබිලෝනීය අධිරාජ්‍යයේ සංකේතය විය" උගේ පියාපත් උදුරා දමන ලද්දේය" මෙමගින් යමෙකු බල රහිත කිරීම සංකේතවත් කරනු ලබයි.

"උගේ කටේ දත් අතරේ ඉල ඇට තුනක් විය."ඉල ඇට වැනි තියුණු දත් පුරාණ ගිවිසුමේ සදහන් වන බැබිලෝනියේ රජවරුන් තිදෙනා සංකේතවත් කරනු ලබයි.

ඔවුන්ගේ නම්,නෙබුකෙද්නසාර් ( 2 රාජාවලිය 24:1) බෙල්ෂෙසර් ( දානියෙයෙල් 7:1 ) සහ මරොදක් බලදාන් හෙවත් මර්ඩුක් අපැලි දීනා හෙවත් එවිල් මර්දොක් ය. ( 2 රාජාවලිය 12: 25,27)

"නැගිට බොහෝ මස් කන්න" මින් බැබිලෝනිය අධිරාජ්‍යයාගේ කෲර සහ හිංසාකාරී බව සංකේතවත් වෙයි.

👉 දානියෙල් 7:5 වගන්තිය:

"දෙවන මෘගයා වළසෙකුට සමානය" වලසා මෙදියන් රාජ්‍යයේ සංකේතයක් විය." එක් ඇළයකින් වූ කෙලින් වී සිටියේය."මෙය පුරාණ ගිවිසුමේ සදහන් දාරියුස් නමැති එකම මිදියන් රජු ආශ්‍රිතව ඉදිරිපත් කර ඇත. ( දානියෙල් 6:28 ) " මණුෂ්‍ය සිතක් ඔහුට දෙන ලද්දේය" මෙදියන්වරු විශේෂයෙන් දාරියුස් විසින් විප්‍රවාසගතව සිටි ජුදෙව් ජනතාවට කරුණාව දක්වන ලදී. (දානියෙල් 6)

👉 දානියෙල් 7:6:

"ඌ දිවියෙකු වැනිය,පක්ෂී පියාපත් සතරක් උගේ පිටේ තිබූනේය." දිවියා පර්සියානු අධිරාජ්‍යයයේ සංකේතයයි.පක්ෂී පියාපත් සතරෙන් සංකේතවක් කෙරෙන්නේ පර්සියානු අධිරාජ්‍යයය සතර දිසාවෙහිම වේගවත්ව පැතිරීමයි." ඌට හිස් සතරක් තිබුනේය." මෙම හිස් සතර පුරාණ ගිවිසුමේ සදහන් වන පර්සියානු අධිරාජ්‍යයන් සතර දෙනාය.සයිරස් ( 2 වංශාවලිය 36:22),පළමුවන දාරියුස් ( එස්රා 4:5 ), පළමුවන අර්තක්ෂෙර්ස් හෙවත් අහස්වේරෝස් ( එස්රා 4:6) සහ අර්තක්ෂස්තා හෙවත් සර්ක්සෙස් ( එස්රා4,7 ) යනුවෙනි. "ඌට බලය දෙන ලද්දේය" උක්තයක් නොමැති කර්මකාරක වගන්තියකින් ඉදිරිපත් කෙරෙන්නේ දේව ක්‍රියාවලියකි.

👉 දානියෙල් 7:7 වගන්තිය:

සතරවන මෘගයා භයානක,රෞද්‍ර සහ ඉතා ශක්තිවන්ත එකෙකි.සතරවන මෘගයා හදුනාගැනීමක් පිළිබදව සදහන් නොවූවද ඌ දානියෙල් පොත සම්පාදනය වු ( ක්‍රි:පු 165-167 ) දරුණු ආගමික පීඩනයක් එල්ල කළ ග්‍රීක අධිරාජ්‍යා පිළිබදවය." ඌ ගොදුර පොඩිකර කා ගිල දැම්මේය,ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේය." පීඩනයේ දරුණු බව මින් ඉගිකෙරේ." කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස්‍ වේ" ඉහත සදහන් කළ රාජ්‍යයන් නැගෙනහිර දෙසින් වු අතර ග්‍රීක අධිරාජ්‍යය බටහිර දෙසින් පිහිටා තිබීම මෙහි අර්ථ නිරූපණය වේ."ඌට අං දසයක් තිබුනේය" මෙය රජවරුන් දස දෙනෙකු පිළිබදව ඉගි කරයි.මෙය පිළිබදව විශාරද මත බොහොමයක් පවතී.

✍️ උපුටා ගැනීම: පුරාණ ගිවිසුමේ එළිදරව් සාහිත්‍යය, ගරු හෙන්රි සිල්වා පියතුමා.

Read more

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්