පව්කාර පියතුමෙක්ට අපේ පව් කියන්න ඕනෙද?

කාටහරි පාපොච්චාරණය කරන්න කිව්වම ගොඩක් දෙනෙක් නිතර දෙන උත්තරය තමයි "අපෝ අපි මොකද තවත් පව් කරන කෙනෙක්ට අපේ පව් කියන්නෙ, සමහර ෆාදර්ලා අපිට වඩා අන්තයි" වගේ කතා. කතෝලික සභාව මේ ප්‍රශ්නෙට ලස්සනට උත්තර දෙනව. පාපොච්චාරණයේදී පව් සමා කරන්නේ පියතුමාගේ පෞද්ගලික හොඳකම හින්දාවත්, එයාගේ බලයකින්වත් නෙවෙයි. එතනදි එතුමා ක්‍රියා කරන්නේ "ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්", ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජිතයෙක් විදියට. හරියට දෙවියන් වහන්සේත්, පසුතැවිලි වෙන අපිත් අතර ඉන්න නියෝජිතයෙක් වගේ. ඇත්තටම පාපොච්චාරණයෙදි පව් කමා කරන්නේ පේසුස් වහන්සේමයි, ඒ පියතුමා කියන මනුෂ්‍ය මෙවලම පාවිච්චි කරලා. ඒ වගේම, අපි පව් කරනකොට දෙවියන්ට වගේම, අපේ සභා ප්‍රජාවටත් වරදක් කරනවා. ඉතින්, සභාවේ නිල නියෝජිතයෙක් ඉස්සරහා පව් කියලා සමාව ගන්න එකෙන්, අපි ආයෙත් සභාව එක්කත් එකතු වෙනවා. ඔව්, පියතුමාත් මනුෂ්‍යයෙක්, එතුමාත් පව් කරනවා, එතුමාටත් පාපොච්චාරණය කරන්න වෙනවා. ගොඩක් පියතුමලා නිතර තමන්ගෙ පව් පාපොච්චාරණය කරනව. හැබැයි, එතුමාගේ පෞද්ගලික තත්ත්වය, එතුමාට දෙවියන් දීලා තියෙන සක්‍රමේන්තුමය බලයට බාධාවක් වෙන්නේ නැහැ. හරියට ලෙඩ වෙලා ඉන්න දොස්තර කෙනෙක් හරියට බෙහෙත් දුන්නම, ඒ බෙහෙත වැඩ කරන එක දොස්තරගේ ලෙඩේ මත රඳා පවතින්නේ නෑ වගේ තමයි.
මේ සක්‍රමේන්තුවෙන් අපිට ලැබෙන දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. දෙවියන් එක්කයි, සභාව එක්කයි ආයෙත් සමඟි වෙනවා. මටනීය පව්වලට ලැබෙන නිරයේ දඬුවමින් නිදහස් වෙනවා. හිතට ලොකු සාමයක්, සැනසීමක් ලැබෙනවා. ගොඩ දෙනෙක්ට මේ සාමය මොන වගේද කියලවත් මතක නෑ, මොකද ගොඩක් අය අවුරුදු ගානකින් පාපොච්චාරණ කරලවත් නෑ. ඉතින් පුලුවන් ඉක්මනට පාපොච්චාරණය කරලා බලන්න ඒකෙන් දැනෙන සුවය මොන වගේද කියලා. ඒවගේම පාපොච්චාරණයෙන්, පරීක්ෂාවන්ට විරුද්ධව ඉන්න ආත්මික ශක්තියක් ලැබෙනවා. අපේ ශුද්ධවන්තභාවය වැඩි වෙනවා, නැත්නම් නැති වෙලා තිබුණා නම් ආයෙත් ලැබෙනවා.
මරණීය පවක් කරලා තියෙනවා කියලා දන්නවා නම්, දිව්‍ය සත්ප්‍රසාදය ලබන්න කලින් අනිවාර්යයෙන්ම පාපොච්චාරණය කරන්න ඕන කියලා. ඒත් මරණීය පව් නොකළත්, නිතරම මාසෙකට සැරයක් වගේ පාපොච්චාරණය කරන එක ගොඩක් හොඳයි. ඒකෙන් පුංචි වැරදි හදාගන්න, හිත පිරිසිදුව තියාගන්න, උදව් වෙනවා.
තවත් වැදගත් දෙයක් තමයි, පාපොච්චාරණයේදී කියන කිසිම දෙයක්, මොනම හේතුවක් නිසාවත්, පියතුමාට වෙන කාටවත්ම කියන්න තහනම්. ඒකට කියන්නේ "පාපොච්චාරණයේ මුද්‍රාව" කියලා. ඒක කඩන්න බැරි, පූජනීය දෙයක්. ඒ මුද්‍රාව පියතුමෙක් කැඩුව කියන්නෙ ඒ ෆාද සභාවෙන් ස්ව්‍යංක්‍රීයව සභාවෙන් නෙරපා හැරීමක් වෙනව. ඒ කියන්නෙ පාපොච්චාරණයෙදි ඔයා කියන දෙයක් ෆාද වෙන තැනක කිව්වොත් එයා තමන්ගෙ ආත්මය අනතුරේ දා ගන්න වැඩක් කරන්නෙ. ඔයා කරපු අපරාධයක් ගැන පාපොච්චාරණයක් කළත් ෆාදට ඒක ගැන කොහෙදිවත් කට හොල්ලන්න බෑ. ඒ නිසා කිසිම බයක් නැතුව හිතේ තියෙන ඕනම දෙයක් කියන්න.