පාපොච්චාරණය කරන ආකාරය

පාපොච්චාරණය කරන ආකාරය
Photo by Mateus Campos Felipe / Unsplash
  1. කුරුසියේ ලකුණ තැබීමෙන් ආරම්භ කර “පියාණනී පව්කාර වූ මට කමා කල මැනව" යනුවෙන් පවසන්න.
  2. ඔබගේ අවසන් පාපොච්චාරණ දිනය පවසන්න "eg: [දින/මාස/අවුරුදු] ගණනක් ගතවී ඇත.”
  3. ඔබේ පව් ලැයිස්තුගත කරන්න.

වඩා බරපතළ පාප (එදිනෙදා) පව් සහ මරණීය පාප සඳහන් කරන්න. පියතුමා ප්‍රශ්න ඇසීමට හෝ අදහස් දැක්වීමට ඉඩ ඇති බැවින් එය සංවාදයක් විය හැකිය.

  1. "සමිදාණනී මතක ඇති පව් මෙපමණයි මේවාටත් මතකයේ නැති පාපවලටත් කමා කල මැනව." යනුවෙන් පවසා අවසන් කරන්න.
  2. පියතුමාට සවන් දෙන්න.
  3. ඔබ ඔබේ පව් පාපොච්චාරණය කර අවසන් වූ විට, පියතුමා යම් මඟ පෙන්වීමක් ලබා දිය හැකි අතර ඉදිරියට පාපයෙන් වැළකී සිටීමට මාර්ගෝපදේශයන් ලබා දෙයි . ඔහු ඔබට සුලු දඬුවමක් ලබා දේ, එය යාච්ඤාවක් හෝ දයාවේ ක්‍රියාවක් විය හැකිය.
  4. දයාදීක මනස්තාපනය යාඤාව කියන්න

මාගේ දේවියනී මා ඔබට අනදර කළ නිසා බොහෝ සේ වික්ශෝප වෙමි. මාගේ පාපවලින් මා සදාකාලීක නිරාගින්නට හිමිවූ හෙයින්ද, මාගේ දයාබර ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසයේ ඇණ ගැසූ හෙයින්ද ,සර්වදයා යහපත්කම් ඇත්තාවූ ඔබ වහන්සේට අනදර කල හෙයින්ද සියලු දේට වඩා ඒවාට වෛර කරමි. මා කල සියලු පාපයන්ට මාගේ මුලු හෘදයෙන්ම ක්ශමාව ඉල්ලමි. ඔබවහන්සේගේ පිහිටෙන් මින් මතු පව් නොකර සිටීමටත් පව් ප්‍රස්ථා වලින් වැලකී සිටීමටත් ඒකාන්තයෙන්ම පොරොන්දු වෙමි.

  1. පියතුමා හරහා දෙවියන් වහන්සේගෙන් සමාව ලබා ගන්න.
  2. ඔබේ පව්වලින් ඔබව නිදහස් කිරීමට පියතුමා පහත යාච්ඤාව කියනු ඇත:

God the Father of mercies, through the death and resurrection of his Son has reconciled the world to himself and sent the Holy Spirit among us for the forgiveness of sins; through the ministry of the Church may God give you pardon and peace, and I absolve you from your sins in the name of the Father, and of the Son and of the Holy Spirit. Amen.

  1. පාපොච්චාරණ කුටියෙන් පිටතට පැමිණ ඔබේ දඬුවම සම්පුර්ණ කරන්න.

Read more

ශු. හොසේමරියා තුමන්ගෙන් තම චරිතය වර්ධනයට ඔවදන්

ශු. හොසේමරියා එස්ක්‍රිවා තුමන් විසින් රචිත "The Way" ග්‍රන්ථයේ Character යන පරිච්ඡේදයේ සිංහල පරිවතනයකි පෙරවදන මෙම උපදෙස් සෙමෙන් කියවන්න. මොහොතක් නැවතී

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

මෙය 2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ Spes Non Confundit(බලාපොරොත්තුව අපව අත්නොහරියි) යන ලේඛනයේ සිංහල පරිවර්තනයක් වන අතර නිළ නොවන පරිවර්තනයක්