ලංකා කතෝලික ඉතිහාසය

ලංකා කතෝලික ඉතිහාසය
Photo by Thaï Ch. Hamelin / ChokdiDesign / Unsplash

ක්‍රිස්‌තුන් වහන්සේ ස්‌වර්ගාරෝහණයට පෙර තමන් වහන්සේගේ ධර්මය ලොව පුරා පතුරුවන ලෙස සිය ශ්‍රාවකයන්ට නියෝග කළ සේක. සවර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ. එබැවින් ඔබලා ගොස්‌ සකල ජාතීන් මාගේ අනුගාමිකයන් කරන්න. ලොව පුරා ගොස්‌ සකල සත්වයා හට මේ දහම පහදා ගනු පිණිස දේශනා කරන්න යෑයි වදාළ සේක.

ලක්‌දිවට කතෝලික සමය එළැඹියේ එවදන් වදාරා වසර 1500 ක්‌ පමණ කල් ගෙවීමෙන් අනතුරුවය. 16 වැනි සියවසේදී ඇරඹුන ලංක කතෝලික සභා ඉතිහාසය ලෝක කතෝලික සභා ඉතිහාසයට සම්බන්ධ වනුයේ කොයි වකවානුවේ කෙළෙසදැයි විමසනු වටී.

ක්‍රිස්‌තුන් වහන්සේ ස්‌වර්ගාරෝහණයෙන් පසු, ජෙරුසලමෙන් පටන් ගෙන ලොව පුරා පතළ වූ කිතු දහමේ ඉතිහාසය එක්‌ එක්‌ කාලයන්හී කැපී පෙනුණ විශේෂතා අනුව යුග කිහිපයකට බෙදී පැවතින.

  1. පීඩන යුගය (3 වැනි සියවස දක්‌වා)
  2. තාපස යුගය (4 - 5 සියවස්‌ දක්‌වා)
  3. බෙනඩික්‌තීන යුගය (6 - 12 සියවස්‌ දක්‌වා)
  4. යුරෝපීය කිතුණු වර්ධන යුගය (13 - 15 සියවස්‌ දක්‌වා)
  5. යටත් විජිත යුගය (16 වැනි සියවසේ සිට)

මුල් සියවස් වල සිටම කතෝලිකයන් ලක්‌දිව ඇතුළු පෙරදිග රටවල වාසය කලද, කතෝලික පුබුදුවක් ගෙනෙන ලද්දේ පෘතුගීසි ව්‍යාප්තිය හා සම්බන්ධ වූ ධර්මදූත ව්‍යාපාරය මගිනි. 1500 වසරේදී පේදුරු අල්වාරේස්‌ කබ්රාල්ගේ (Pedro Alvares Cabral) නායකත්වය යටතේ ඉන්දියාවට පැමිණි නැව්වලින් 1 වැනි මනුවෙල් පෘතුගීසී රජ (1495 - 1521) විසින් එවන ලද ප්‍රථම ධර්මදූතවරු පැමිණියෝය. ඒ ප්‍රැන්සිස්‌කානුන් අට දෙනකුන්ගෙන්ද, පදවි පූජකවරුන් අට දෙනකුගෙන් ද, සමන්විත වූ ධර්මදූත පිරිසකි. ඊට වසරකට පසු එනම් 1505 දී පෘතුගීසි කොළඹ වරායට පැමිණියෝය. ලක්‌දිව කතෝලික උදාව ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

පෘතුගීසී සමයට පෙර ලක්දිව කිතු දහම

සිරිලකට ප්‍රථම වතාවට කිතු දහම පැමිණීම
ජේසුස් වහන්සේගේම ශ්‍රාවයෙකු වන සාන්ත තෝමස් අපෝස්තුළු තුමා ඉන්දියාවට පැමිණීමෙන් සිරිලකට වැඩම කිරීම. ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්
ශ්‍රී ලංකාවට වැඩම කළ ජේසුගේම ග්‍රාවකයා
ක්‍රිස්තුන් වහන්සේගේ ම ශ්‍රාවකයෙක් පළමුවරට ලංකාවේ කිතු දහම හඳුන්වා දී ඇතැයි කිවහොත් බොහෝ දෙනා පුදුම වනු ඇත. එහෙත් එය ඓතිහාසික සත්‍යයකි. මෙසේ
ශ්‍රී ලංකාවේ පැරණිතම කිතුනු සලකුණ - අනුරාධපුර කුරුසිය
අප රටේ ධජ,බැනර, පදක්කම්, නිල ලකුණු යනාදිය ආදියේ සිටම භාවිතයේ තිබුණු බව සටහන් වන්නේය. මේ අතර කතෝලික කොඩිද කිහිපයක් වු බව වාර්තා වේ. මින් දෙකක්

කතෝලික විකාශයේ ආරම්භය

ප්‍රැන්සිස්‌කු ද අල්මේදා පෙරදිග පෘතුගීසි රාජ්‍යයේ පාලකයාව සිටියදී (1505 - 1509) ඉන්දීය සාගරයේ මාලදිවයින් පෙදෙසින් ගමන් කරනු ලැබූ මුස්‌ලිම් වෙළෙඳ නැව් තම ග්‍රහණයට නතුකර ගන්නා අදහසින් ඔහු පුත් ලොරෙන්සුගේ (Lournco) නෞකාධිපත්‍යය යටතේ කොචිනයෙන් පිටත්ව ගිය පෘතුගීසි නැව් කණ්‌ඩායමක්‌ කුණාටුවකට අසුව ගාලු වරායට සේන්දු වී ඇත. මේ ලක්‌දිව බැව් දැනගත් එනැවියෝ බටහිර වෙරළ ආසන්නයේ උතුරු දෙසට යාත්‍රා කොට කොළඹ වරායට පැමිණ ඇත. ඒ. 1505 නොවැම්බර් 15 වැනි දින දීය. එකල IX වැනි ධර්මපරාක්‍රමබාහු (1489 - 1513) කෝට්‌ටේ රජු ලෙස ද සේනා සම්මත වික්‍රමබාහු (1469 - 1511) උඩරට රජු ලෙස ද පරරාසසේකරන් (1478 - 1519) උතුරු ද්‍රවිඩ රාජ්‍යයේ රජු ලෙස ද සිටි යුගය විය.

කෝට්‌ටේ රජුගෙන් අවසර ලබාගත් පෘතුගීසීහු, කොළඹ වෙළෙඳ ගබඩාවක්‌ ඉදිකර ගත් අතර, ඒ ආසන්නයේ කුඩා දෙව්මැඳුරක්‌ ද තනා එය ලොරොන්සු ද අල්මේදාගේ (Loureco de Almeida) නාම සාන්තුවර වූ ප්‍රාණපරිත්‍යාගි රෝමානු තේවාචාරිවර, ශාන්ත ලෞරෙන්ති මුනිඳුන්ට කැප කළහ. නැවියන් සමඟ පැමිණි ප්‍රැන්සිස්‌කාන නිකායික විසෙන්ති (Vicente) පියතුමා එම දෙව් මැඳුරේ දිව්‍ය පූජාව පැවැත්වීය. ඒ එවකට පැවැති ලතින් භාෂාවෙනි. ලක්‌දිව ප්‍රථම වරට ඔප්පු කරන ලද දිව්‍ය පූජාව එය විය.

මන්නාරම් දිසාවට කිතු දහම පැතිර යැම

පැරිස්‌ විශ්වවිද්‍යාලයේ උගනිමින් සිටි ඉග්නාසියුස්‌ ලොයලාතුමාගේ මූලිකත්වයත්, මඟ පෙන්වීමත් යටතේ ප්‍රැන්සිස්‌ සේවියර් ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පස්‌දෙනෙකු මුල් සභිකයන් වශයෙන් ම 1934 දී ඇරඹි ෙ-සු නිකායෙන් ආසියාවට පැමිණි ප්‍රථම පූජක ධර්මදූතවරයා වනුයේ ප්‍රැන්සිස්‌ සේවියර්තුමා ය. එතුමා ස්‌පාCඳ්Cඳ ජාතිකයකු විය.

ප්‍රැන්සිස්‌ සේවියර්තුමා ඉතාලි ජාතික පූජකවරයෙක්‌ වූ කවරනෝහි පාවුළු සහ ප්‍රැන්සිස්‌කු මන්සිලියාස්‌කියන ෙ-සු නිකායික පෘතුගීසි පැවිදි සොයුරුතුමා ද සමඟින් 1541 ලිස්‌බන් නුවරින් නැව් නැඟී, නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික්‌ වෙත පැමිණ, අනික්‌ දෙදෙනාට පෙරටුව ගමන් අරඹා, 1542 ගෝවට පැමිණියේය. එම වසරේම එතුමා දකුණු ඉන්දියාවේ ගිනිකොණ දිගින් මුහුදුකරයේ වාසය කරන පරවර ජනයා වෙත පැමිණ කිතු දහම දේශනා කළේය. අවුරුද්දක්‌ පමණ මෙම ජනයාට සේවය කළ ප්‍රැන්සිස්‌ සේවියර්තුමා 1544 දී ගෝවෙන් තවත් පැවිදි සහෝදරතුමකු සහ ඉන්දීය පදවි පූජකවරයකු වූ ප්‍රැන්සිස්‌කු කුවේලු සහ ස්‌පාCඳ්Cඳ පදවි පූජක ජූවන් ද ලියානෝ යන දෙදෙනා තම සහයට කැඳවාගෙන ගොඩබිම හා මුහුදෙන් එගොඩ මන්නාරම් දූපතේ විසූ කරෙයියාර් ජනයාට ද නිර්මල කිතු දහම දේශනා කරන්නට යෙදින. මන්නාරම් ජනයා මෙම සුදු ජාතික පූජකතුමාටත්, එතුමාගේ දහම් සේවයටත් බොහෝ සේ ඇළුම් කළහ.

එම ජනයා බොහෝ සතුටින් කතෝලික ආගම වැළඳගත් අතර, උතුරේ ද්‍රවිඩ රාජ්‍යයේ වෙකරාසසේකරන් හෙවත් සංකිලි රජුගේ අණ පරිදි බොහෝ කිතුණුවන් මරා දමන ලදී. එහිදී 600 ක්‌ පමණ දෙනා මැරුම් කෑහ. එයින් මිදුණු පිරිස මාන්තොටට පලා ගියහ. යාපනයේ රජතුමා විසින් නව ක්‍රිස්‌තු භක්‌තිකයන් මරා දමන ලද්දේ, කතෝලික ආගම ඔහු නොරිස්‌සූ නිසා නොව,තම ජනයා කතෝලික දහම වැළඳ ගැනීම පෘතුගීසි ආධිපත්‍යයට තබනා මුල් පියවරක්‌ යෑයි හැඟුණු බිය නිසාය. මන්නාරමේ කිතුණුවන් මරා දැමීම ගැන ප්‍රැන්සිස්‌කු සේවිර්තුමා මහත් කනගාටුවට පත් වුවද, එතරම් පිරිසක්‌ ආගම වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගීන් වීම පිළිබඳව යම් සතුටකින් ද පසුවිය.

මන්නානරම් මරුද මඩු ඉතිහාසය

මන්නාරමෙන් පලා ආ පිරිස පැමිණියේ ඔවුන් මහත් භක්‌තියකින් පුදනු ලැබූ ආරෝග්‍යයේ අප ස්‌වාමිදූ ප්‍රතිමාව ද සඟවාගෙනය. රාමේස්‌වරම් මහනුවර මාර්ගයේ පිහිටි ඉපැරැණි වැවක්‌ ආසන්නව පිහිටි ගම්මානයකට ඔවුන් සේන්දු වූයේ ඉතාමත් දුෂ්කර වූ ගමන් මඟක්‌ ගෙවීමෙන් අනතුරුවය. මෙය කුඩා ගම්මානයකි. මෙය හැඳින්වූයේ මරුතමඩු නාමයෙනි. මේ අනුව මන්නාරමේ සිට පැමිණි සැදැහැවත් කිතුණු පිරිස කතෝලික දහමේ බීජය මේ මහා වනාන්තරය මැද රෝපණය කළහ. ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වෙමින් ආ මරුතමඩු, මරුද මඩුවෙමින්ද, මඩු කඳවුර වෙමින්ද 1943 දී ඔරතෝරියානු නිකාය අහෝසිවීමත් සමඟ එක්‌තරා පසුබෑමකට ලක්‌ව තිබිණ. පසුව 1846 දී මොන්සිඤ්ඤෝර් බෙටාවිනි හිමිපාණන්ගේ පාලනාධිපත්‍යයට මරුදමඩු දෙව්මැඳුර පවරා දුන්නද, සැලකිය යුතු දියුණුවක්‌ නොලැබීය.

1868 දී නිර්මල මරිය නිකායේ පාලනයට ලක්‌වීමෙන් අනතුරුව, 1870 දී මුල් වරට ජුලි මස 02 දින මඩු දේවස්‌ථානයේ ප්‍රධාන මංගල්‍ය උත්සවය සිදු කිරීමට නියම විය. මඩු මාතා ප්‍රතිමාව ලැබීම පිළිබඳව ජන වහරේ විවිධ කතා පවතී. පසු කලෙකදී මඩු මාතාව නමින් කිතුණුවන් අතර මහත් භක්‌ති ආදරයට ලක්‌ව දිවයිනේ ප්‍රධානම පූජනීය ස්‌ථානය බවට ද මෙය පත්විය. මේ මහා ශුද්ධ භූමියේ අතීතයේ සිදුවිනැයි කියන හාස්‌කම් පිළිබඳව ද අදත් පැරැන්නන් පවසනුයේ මරුද මඩු මෑණියන්ට දක්‌වන සැදැහැ බැතිය ද මුසුවූ මහා ගෞරවයෙනි. බෞද්ධ ජනතාවට දළදාව සේම කිතුණුවන් වූ අපට මරුද මඩු සිද්ධස්‌ථානය මුදුන්මල්කඩකි.

බෞද්ධයන්ට බෝ සෙවණක්‌ යට දැනෙනා සිසිලස සේම, කෙතරම් දුරකතර ගෙවා විඩාබර ගතින් සිතින් පැමිණිය ද, මෙම ශුද්ධ භූමියට පා තැබූ සැනින් සියලු විඩා නිවී මහා චිත්ත ප්‍රීතියකින් ගත සිත වෙලා සියලු දුක්‌ඛ දෝමනස්‌සයන් පහව යන්නේ විශ්වකර්මයක්‌ විලාසෙනි. මෙහි ඇති කිසිදා නොවෙනස්‌වන විශේෂත්වය ද එයමය. වසර සිය ගණනක්‌ පුරාවට බාල, මහලු, තරුණ, කිසිදු වයස්‌ භේදයකින් තොරව,වර්තමානයේ ආගම් භේදයකින් තොරව ද මෙම ශුද්ධ වූ ස්‌ථානයට වන්දනාව පිණිස බැති සිතින් පා තබන්නේ, සිත පහන් කරගැනීමේ පූර්ණ අධිෂ්ඨානයෙන් යුතුවමය. නගරයේ අති සුඛෝපභෝගී ජීවිත ගතකරන්නන් වුවද, මහා වන මැද රුදුරු සර්ප හා වන සතුන් වෙසෙන බිම මැද කඳවුරු බැඳගෙන අත දරුවන් සමඟින් වුව කිසිදු බියකින් තොරව වැටී සිටින්නේ මරුද මඩු මෑණියන්ගේ පූර්ණ ආශිර්වාදයෙනි. දුප්පත්, පොහොසත්, කුල භේදයකින් තොරව, එකාවන්ව එකට වැටී එකම භූමියක්‌ තුළ සහෝදරත්වයෙන් දිවි ගෙවනා සියලු දෙනා මරුද මෑණියන්ගේ දරුවන් වැන්න.

මේ පුන්‍ය භූමියට පා නොතැබූ කිතුණුවෙක්‌ නොමැති තරම් ය. අප්‍රමාණය. ජාති බේද, කුලමල ආගම් බේද මේ පුන්‍ය භූමියට අදාළම නැත. මුව නැගෙන සුහද සොඳුරු සිනාව කාටත් එක සේ ය.පිරුණු බැති සිතින් වන්දනා සමය තුළ ආගමානුකූලව දිවි ගෙවන්නන්ට කිසිදු ලෙඩ දුක්‌ රෝ බියක්‌ කිසිදා නොමැත. වර්තමානයේ මෙන් කිසිදු පහසුකමක්‌ නොතිබූ අතීතයේ ද ගල් කරත්ත මතින් මෙම ශුද්ධ භූමිය කරා වන්දනාකරුවෝ පැමිණියහ.

වාඩිය අසලින් මුවන් වන සතුන් දුවති. වන අලින් දේවස්‌ථාන භූමිය අසලම සැරිසරති. විහඟුන්ගේ කූජ නාදයෙන් මුළු සිද්ධස්‌ථාන භූමියම ඔකඳ වේ. කොතරම් වන සතුන් ගැවසුනද, කිසිදු වන්දනාකරුවකුට කිසිදු අනතුරක්‌ කිසිදා සිදු වී නොමැත. මෙම පින්බිමේ ඇති පූජනීයත්වය නිහඬවම කියාපානුයේ එලෙසය. අද ද හෙටද මතු ද මේ මහා පින්බිම කිතුණුවන්ගේ ක්‍ෂේම භූමියම වනු ඇත. මේ ශුද්ධ භූමියට පැමිණ සමුගන්නා අවස්‌ථාවේ සියලු බැතිමතුන්ගේ දෙනුවන් කඳුළින් පුරවාලන මඩු තුරුලෙන් බැහැර වීමට පෙර ගැයෙන යාච්ඤාවෙන් මෙම ලිපිය අවසන් කරමි.

සාමයේ සුවඳින් ලොව සුවඳ කළා වූ ඒ සුර පුතනුවන්ගේ ප්‍රේමණීය මාතාවෙනි, මේ මහ වනාන්තරයෙහි ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටින්නා වූ මරද මඩු මාතාවෙනි, ඔබගේ අසරණ දරුවන් මේ කඳුළු විලෙහි කැළඹෙමින් දුකින් තැවෙනවා නොවේද? සතර වටින් යක්‍ෂයා, ලෝකයා, මාංශයා යන සතුරන් අසරණ අප ගිලගන්නට තැත් කරනවා නොවේද? අනේ පෙම්බර අම්මා,එවැනි මායම්වලට නොරැවටෙන ලෙස, ඔබ තුරුලේ සදාකාලයටම අප හොවාගත මැනව. අනේ දයාබර අම්මා, අපට සැඟවී සිටින්නට රක්‍ෂස්‌ථානයක්‌ නැත. ආධාර වීමට කිසිවෙක්‌ නැත. අප සිත් කැළඹිලි දුරු කිරීමට පියෙක්‌ නැත. අප සැනසීමට මවක්‌ නැත. අයියෝ........ කුමක්‌ කරම්ද?.

වනාන්තරයෙහි රක්‍ෂස්‌ථානයෙනි, ඔබතුමී අලි කොටි, වලසුන් ආදී භයානක සිවුපාවුන්ද නයි පොලොන් ආදී විෂඝෝර සර්පයින් ද ගිරා ලිහිනි මොනර ආදී ලක්‍ෂණ පක්‍ෂීන් ද ගැවසෙන මහා වනාන්තරයෙහි වැඩ සිට, කිසි පිහිටක්‌ නැතිව අසාධ්‍ය ලෙස දුකින් පීඩිත වූවන්ද, සියලු ජාති මනුෂ්‍යයන්ද, ඔබ තුරුලට කැඳවා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන සේක්‌ වේද? මගීන්ගේ මාර්ගයෙනි, අපගේ පෙම්බර මාතාවෙනි, අව්, පිනි ආදිය ද අග හිඟ දුර බැහැර යනාදී දුක්‌ කරදර කිසිත් නොබලා මහා වනාන්තර පසු කරමින් දුක සේ ඔබගේ ශ්‍රී පා සෙවනට ළඟා වූ දුගී දරුවන් වූ අප වෙත ඔබගේ දයාබර නේත්‍රයන් යොමු කළ මැනව. අපේ රැකි රක්‍ෂාවලට ආශිර්වාද කළ මැනව.

අපට වුවමනා යහපත් දේ දුන මැනව. දයාබර අම්මා. අප ඔබගේ පිහිටෙන් ලබාගත්තා වූද, ලබාගන්නා වූද, ලබන්නට යන්නාවූ ද, මෙලෝ පරලෝ සියලු උපකාර ගැන ඔබට තුති පුද කර අපද අපට අයිති සියල්ලන්ද අපට ඇති සියල්ල ද ඔබට ඔප්පු කරමු. අන්තීම කොට මරදමඩු මාතාවෙනි, මේ මධුර මනෝහර වූද, සාන්ත ශ්‍රීයෙන් බබලන්නා වූද, අප හද තුළින් කෙදිනකවත් අමතක නොවන්නා වූ ඔබගේ රම්‍ය වූ ශුද්ධ භූමිය හැර යන මොහොත ළඟා වූයෙහිය. අනේ පෙම්බර අම්මා, ඔබ තනිකර අප පා නඟන්නේ කෙසේද? ඔබගේ ශ්‍රී මුහුණ දැකගැනීමේ භාග්‍යය මේ ගමනින් කෙළවර නොකළ මැනව. එසේම දයාවන්ත මව්නි, ඔබගේ ශ්‍රීපාද පද්මයෙහි දුර්වල වූ අසරණ අප අතින් වරදක්‌ සිදුවිනි නම් ඒ සියල්ලටම මෙයින් නික්‌මෙන්නට පෙර ඔබ හමුවෙහි මුනින් වැටී ක්‍ෂමාව අයදිමින්, ඔබ මාතෘක ආශිර්වාදය ඉල්ලා සිටිමු.

උපුටාගැනීමකි

Read more