ඇත්තටම මරිය තුමිය ස්වර්ගාරෝපණය වුනාද?

ඇත්තටම මරිය තුමිය ස්වර්ගාරෝපණය වුනාද?
Photo by DDP / Unsplash

ප්‍රථම කොට අපි ස්වර්ගාරෝපණය සහ ස්වර්ගාරෝහණය යන වචන වල වෙනස පිළිබදව අවධානය යොමු කරමු.

ප්‍රථම කොට අපි ස්වර්ගාරෝපණය සහ ස්වර්ගාරෝහණය යන වචන වල වෙනස පිළිබදව අවධානය යොමු කරමු.

ස්වර්ගාරෝහණය යනු ක්‍රිස්තුස් වහන්සේ තම බලයෙන් ස්වර්ගය වෙත ලගා වීම.

ස්වර්ගාරෝපණ යනු මරියතුමිය දෙවියන්වහන්සේගේ බලයෙන් ස්වර්ගය තුළට ලගා වීම. ඒක හරියට කාන්දමක් යකඩ කෑල්ලක් තමන් ලගට ඇදලා ගන්නවා වගේ. මරියතුමිය තමුන්ගෙ බලයෙන් ස්වර්ගයට එසවෙනවා නෙමෙයි, දෙවියන්වහන්සේගේ බලයෙන් තමයි මරියතුමියව ස්වර්ගයට ඔසවලා ගනු ලබන්නෙ.

ඔබෙන් ඇසුවොත් දේවමාතාවන් වහන්සේගේ අම්මා කව්ද? කියලා අපි හැමකෙනෙක්ම උත්තර දෙනවා, ශු.ආනා මුනිශ්වරිය කියලා. බයිබලයේ කොයි පොතේද තියෙන්නෙ දේවමෑණියන්ගෙ අම්මා ආනා මුනිශ්වරිය කියලා???

ඒ වගේ තමයි දේවමාතාවන් වහන්සේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට එසවුනා කියලා බයිබලයේ කොහෙවත් සදහන් වෙන්නෙ නැහැ. හැබැයි අපි මතක් තියාගන්න ඕන කාරනවක් තමා,ජේසුස් වහන්සේ උත්ථාන වෙලත් වසර 30කට විතර පස්සේ තමයි ශු .සුවිශේෂය ලියන්න පටන් ගත්තෙ. ඒ නිසා මේ හැම දේව සත්‍යතාවයක්ම දේව වචනයේ සඳහන් වෙන්නේ නැහැ.

දේව වචනය මත වගේම ශුද්ධ සම්ප්‍රදායක් මතයි මේ හැම වේද සත්‍යතාවයක්ම ගොඩනැගිලා තියෙන්නේ . කතෝලික අපිට ශුද්ධ සම්ප්‍රදාය වගේම දේව වචනයත් එක වගේ වැදගත්. හරියට කුරුල්ලෙක්ගෙ අත්තටු දෙක වගේ. දේව වචනය සහ ශුද්ධ සම්ප්‍රදාය මතයි ශුද්ධ සභව ඉදිරියට ගිහින් තියෙන්නෙ.

මරියතුමියගේ ස්වර්ගාරෝපණය පිළිබදව ශුද්ධ සභාව තුළ යම් විශ්වාසයක් ශුද්ධ සභාව ආරම්භයේ සිටම තිබුනත් ඇත්තටම මරියතුමියගේ ස්වර්ගාරෝපණ පිළිබදව වේද සත්‍යතාවය 1950 නොවැම්බර් මස 01 වන දින දොලොස්වන පියුස් පාප්වහන්සේ විසින් තමයි විශ්වාසයේ සත්‍යතාවයක් ලෙස එළිදක්වනු ලබන්නේ.

සෑම විශ්වාසයේ සත්‍යතාවයක්ම ඇරබෙන්න මූලීක පදනම තමයි වේදභේද, එහෙම නැත්නම් සභාව විසින් උගන්වන විශ්වාසයේ සත්‍යතාවයන් පිළිබදව අවිශ්වාසිකයන් ප්‍රශ්න කිරීම. හැම කළු වලාකුළුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ මේ අවිශ්වාසය තමයි අපිට දේව සත්‍යතාවයන් ලොවට අනාවරණය කරන්න උදව් වෙලා තියෙන්නෙ. අද දවසේ මම කරුණු 04ක් ඔස්සේ ඔබගේ විශ්වාසයට පුංචි තල්ලුවක් දෙන්න යන්නෙ ඇත්තටම මරියතුමිය ස්වර්ගාරෝපණ වුනා කියන කාරණාව ඔප්පු කිරීමට.

  1. උත්පත්ති පොතේ සදහන් වන අකාරයට පාපයට දඩුවමක් වශයෙන් තමයි දෙවියන්වහන්සේ මිනිසාට මරණය ලබා දෙන්නෙ. එහෙම නැත්නම් මිනිසා අමරණීයයි. අද දින දෙවනි කියවීමේ ඒ බව ප්‍රකාශ වෙනවා. 1858 ලූර්දු නුවර දර්ශනය වන දේව අම්මම කියනවා "මම පාපයෙන් නිර්දෝෂව පිළිසිදුනු තැනත්තිය" බව. එහෙනම් පාපය නැති මරියතුමියව කොහොමද මරණයට යටත් වෙන්නෙ?දඩුවමක් ලබන්න නම් වරදක් කරන්න ඕනා. වරදක් නොකරපු මරියතුමියට සර්වසාධාරණ දේව තාත්තා මරණය කියන දඩුවම ලබා දෙයිද?
  2. ශුද්ධවන්ත ජීවිත ගත කරපු ශුද්ධවරයන්ගේ ශරීර තවමත් නොදිරා තියෙනවා . උදාහරණයක් හැටියට ගත්තොත් ශුද්ධවූ පාදුවාවෙ අන්තෝනි මුනිතුමා බොරු නොකියපු නිසා උන්වහන්සේගේ දිව තවමත් නොදිරා තියෙනවා. ශුද්ධ වූ පියෝ මුනිතුමා , ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා, කැතිරින් ලැබෝරේ මුනිතුමිය, බර්නදෙත් තුමිය මේ විදිහට ගොඩක් ශුද්ධවරයන්ගේ ශරීර තවමත් නොදිරා තියෙනවා අපිට දකින්න පුලුවන්.එහෙනම් දේව පුතාව දරා ගත්තු දේව අම්මගෙ ශරීරය දේව තාත්තා කුණුවෙන්න ඉඩ හරිද? ශුද්ධවරන්තයන්ටත් වැඩිය උසස් තැනක් දේව අම්මට දේව තාත්තා නොදී ඉදීවිද?එහෙනම් හරිම පැහදිලියි,දේව අම්මා ආත්ම ශරීර පිටින් තමයි ස්වර්ගාරෝපන වුනේ.
  3. මේ වෙද්දි මරියතුමිය ලෝකය වටා 20000කට වැඩි ප්‍රමාණයක් දර්ශනය වෙලා තියෙනවා. ඒ හැම දර්ශනයක්ම ආත්ම ශරීර පිටින් තමයි දේව අම්මා දර්ශනය වෙන්නෙ. භූතයෙක් වගේ, දුමක් වගේ නෙමෙයි දේව අම්මා දර්ශනය වෙන්නෙ. හොදම උදාහරණය පුදුම පදක්කම දුන් කැතිරින් ලැබෝරේ තුමියට දේව අම්මගෙ උකුලෙ හිස තියාගෙන රැයක් ගෙවන්නට හැකි වෙනවා .දේව අම්මා ආත්ම ශරීරය පිටින් ස්වර්ගයට ගියෙ නැත්නම් කොහොමද ආත්ම ශරීරය පිටින් දර්ශනය වෙන්න? හරිම පැහැදිලි එහෙනම් දේව අම්මා ආත්ම ශරීරය පිටින් තමයි ස්වර්ගයට වැඩම කලේ.
  4. දෙවියන්වහන්සේට නිවසක් උස්සන පුලුවන් නම් ශරීරයක් ඔසවන එක මොන කජ්ජක්ද? ජේසු ජීවත් උණු නාසරෙත්හි නිවස 1291 මැයි මස 10 වන දින කොශියාවට සහ 1297 සැප්තැම්බර් මස 10 වන දින ඉතාලියේ ලොරැටෝ නුවරට දේවදූයන් විසින් ගෙන යනවා. තාමත් ඉතාලියේ ලොරැටෝ නුවර ජේසු ජීවත් වෙච්චේ නිවස දක්නට ලැබෙනවා. පරේක්ෂකයන් මේ නිවසේ ගල්, පස් නාසරේතයට ආවේණිකයි කියලා පවසනවා . එහෙනම් මහ ගෙයක් උස්සන් ආපු දෙවියන්වහන්සේට මරියතුමියව ස්වර්ගයට ඔසවන එක මහලොකු දෙයක්ද? ඒ වගේම ශුද්ධ බයිබලයේ අපි දකිනවා එළියා දිවැසිවරයව ගිනි රථයකින් ස්වර්ගයට ඔසව ගත්තා. එහෙනම් මරියතුමියව ස්වර්ගයට ඔසවනු නොලැබෙයිද? ජම්මදෝශය රහිතව මරියතුමිය පිළිසිද වන්න දෙවියන්වහන්සේට පුලුවන් වුනා නම්, සදා කන්‍යාවක් කරන්න පුලුවන් වුනා නම්, දේව අම්මා වෙන්න තෝර ගත්තා නම්, දේව තාත්තා මරියතුමියව ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ඔසවා නොගනීද?

ආදර දුවේ පුතේ මරියතුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගිහිල්ලා පෙන්නුවා අපිටත් දවසක පුලුවන් මරණයෙන් පසු උත්ථාන වෙන්න. අපි විශ්වාස ලක්ෂණය තුළ කියන දේවල් බොරුවක් නෙමෙයි. කිතුණු විශ්වාසය සත්‍යක් බව. එහෙනම් ස්වර්ගයට යන්න නම් අපි මොනාද කරන්න ඕනෙ? මේ මංගල්‍යයෙන් අපිට මොනාද දෙන පාඩම්?

පළමු කාරණාව තමයි අතහැරීම. මරියතුමිය මෙලොව දේවල් අතහැරපු නිසා තමයි ස්වර්ග රාජ්‍යයට ඔසවන්න දේව තාත්තට ලේසි උනේ. ගොඩක් ශුද්ධවන්තයන්ගෙ ජීවිත වල ශුද්ධ වූ අසීසියේ ප්‍රැන්සිස් තුමා, ක්ලාරා මුනිශ්වරිය ඒ වගේම ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා මේ ලෝකයේ තියෙන ගොඩක් දේවල් අතහැරියා. ඒකෙ ප්‍රතිපලය තමයි ස්වර්ග රාජ්‍යය දිනා ගැනීම. ඔබ මම මේ ලෝකයේ දේවල් අතහරිනවද?

දෙවනි කාරණාව මරියතුමිය තුළ තිබුනාවූ බැහැපත්කම. අද ජනාධිපති, ඇමැති ආර්‍යාවන්, ඇමතිලාටත් වඩා මහා ඉහළින් ඉන්නේ. මාර රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ. හැබැයි දෙවියන්වහන්සේව කුසේ තියාගෙන ඉන්න දේව අම්මා එළිසබෙත් තුමියව බැහැදකින්න යනවා. කොයිතරම් බැහැපත් ජීවිතයක්ද.

තුන්වන කාරණාව ශුද්ධවන්ත භාවය. දේව තාත්තා කියන හැමදෙයක්ම අකුරට පිලිපැදපු නිසා ශුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න උත්සාහ කරපු නිසයි මරියතුමියට ස්වර්ගය රාජ්‍යයට යන්න පුලුවන් වුනේ. ඔබටත් මටත් මරණයෙන් පස්සේ ස්වර්ගය රාජ්‍යය හිමි වෙන්න නම් මේ ලෝකය තුළ ශුද්ධවන්ත ජීවිතයක් ගත කල යුතුය.

ඔබ සැමට ජේසු පිහිටයි!
✍️ ගරු සජිත් ශිහාන් ප්‍රනාන්දු පියතුමා.

Read more

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ - අවසාන කොටස

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම කසපහර දීමෙන් සහ උසුළු විසුළු කිරීමෙන් අනතුරුව, උදෑසන නවයට පමණ, රෝමානු සොල්දාදුවන් විසින් ජේසුස් වහන්සේගේ වස්